මෙක්සිකෝ කුඩු රැජිණ

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මෙක්සිකෝ කුඩු රැජිණ

    මෙක්සිකෝවේ බිහිසුණුම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි නායිකාවක ලෙස සැළැකුණු මෙලිසා කැල්ඩෙරොන් හෙවත් ලා චයිනා ඇයගේ පෙම්වතාගෙන් ලද ඔත්තුවක් මත අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත්විය.
    පොලිස් වාර්තා උපුටා දක්වන මෙක්සිකෝ මාධ්‍ය වලට අනුව ලා චයිනා ගේ කල්ලියේම සාමාජිකයෙකු වන ඇයගේ පෙම්වතා මෙසේ ඇය බලධරයින්ට හසුකරදී තිබෙන්නේ ඇයගේ බිහිසුණුකම් හමුවේ ඔහු අතිශයින් බියපත්ව සිට ඇති නිසාවෙනි.
    ඇය මිනිසුන් මරණයට පත්කිරීමෙන් සතුටට පත්වන්නියක ලෙසත්, තමන් යටතේ සිටින්නවුන් මර්දනකාරී ලෙස පාලනය කරන්නියක ලෙසත් ඔහු පවසා තිබේ. තොරතුරු දුන්නත් පෙම්වතාට ලිහිල් දඬුවමක් ලැබෙනු ඇතැයි මෙක්සිකෝ මාධ්‍ය මත පළකරයි.
    ලා චයිනා මෙක්සිකෝවේ ලා පාස් නුවර සිදුවූ මිනීමැරුම් 180 කට පමණ සම්බන්ධ යැයි සැකකෙරේ. ඇය මත්කුඩු ජාවාරම් ලෝකයට අත්පොත් තබා ඇත්තේ මෙක්සිකෝවේ ප‍්‍රකට සිනලෝආ කල්ලියේ සාමාජිකාවක ලෙසය.
    එම කල්ලියට සම්බන්ධ කුඩා කල්ලියක් වන ඩැම්සෝ කල්ලියේ අණ දෙන්නිය ලෙස කටයුතු කර ඇති ඇය පසුව එම තනතුර වෙනත් කෙනෙකුට භාරදෙන්නැයි ඉහළින් ආ නියෝගය පිළිනොපැදීම නිසා සිනලෝආ සාමාජිකයින් සමගද ගැටුම් ඇතිකරගනිමින් සිටි බව මෙක්සිකෝ පොලිසිය කියයි.
    ඇයගේ අණට ඉහළින් යන්නවුන් පැහැරගෙන යාමත් පසුදින උදය වන විට එසේ පැහැරගත් පුද්ගලයින්ගේ සිරුරු කොටස් ඔවුන්ගේ නිවෙස් වලට ගෙනැවිත් දැමිීමත් ලා චයිනාගේ පිළිවෙතයි.
    ඇයගෙන් දැනට ප‍්‍රශ්න කිරීම් සිදුවෙමින් පවතින අතර නඩු විභාගයක් ලබන වසර ආරම්භයේදී පැවැත්වෙනු ඇතැයි සඳහන් වේ


    2CAB121E00000578-324590201592537-image-a-51_1443000244541.jpg


    2CAB125600000578-3245907-image-a-1_1442998784061.jpg


    2CAB122A00000578-3245907-image-a-2_1442998799473.jpg


    2CAB124E00000578-3245907-image-a-31_1442999721596.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    පුදුම ගෑනියෙක් නෙහ් :shocked: ඕකුන් ආයෙත් එලියට එනවා කොහොමහරි ආව දවසට අර කොල්ලට ඉතින් ෆුල් ආතල් :baffled::growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක මහ ජරාම රටක් බං.. කොහොමත් කුඩු වලටනේ ප්‍රසිද්ධ.. ඒ මදිවට හම්බානෙක මිනිස්සු මරනවා ඔය රටේ.. වැඩියක්ම ඔය කුඩු සීන් නිසා.. නීතියක් නෑ හරිහැටි..