'මෙගාබයිට්’ කණ්ඩායමේ තිදෙනක් රිමාන්ඞ්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    'මෙගාබයිට්’ කණ්ඩායමේ තිදෙනක් රිමාන්ඞ්

    ප්‍රකට චරිතාංග නළුවකු වන මිහිර සිරිතිලක මහතා සාපරාධි බිය ගැන්වීමකට ලක් කොට ඔහුගේ බිරිඳගෙන් මුදල් කොල්ලකෑමට උත්සහ කළ බවට චෝදනා ගොනු කරමින් අත්අඩංගුවට ගත් පුද්ගලික රූපවාහිනි නාලිකාවක සේවය කරන බව කියන සැකකරුවන් තිදෙනෙක් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන පී. අමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වැනිදා දක්වා රිමාණ්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
    බන්ධනාගාරගත කෙරුණේ ‘හිරු’ රූපවාහිනි නාලිකාවේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙකු වන සෙවන හැන්දිගේ සුනෝජ් ප්‍රනාන්දු , ‍මෙගාබයිට් රංගන ශිල්පීන් වන වර්ණකුලසූරිය සිල්වගුරුගේ පැට්‍රික් මයුර සහ වර්ණකුලසූරිය චරිත් කාංචනමාල ප්‍රනාන්දු යන තිදෙනාය.
    අගතියට පත් පාර්ශවය සහ පැමිණිලිකරු වූයේ ප්‍රකට නළු ගම්ලත් රාළලාගේ සම්පත් මිහිර සිරිතිලක මහතා ය. ඉකුත් 01 වැනිදා ඔහු ඇතුළු කිහිප දෙනෙක් ගීතයක් සඳහා දර්ශන පෙළක් රූපගත කිරීමෙන් පසු ඔවුන්ට අයත් වෑන් රියෙන් කොච්චිකඩය ප්‍රදේශයේ සිට එද්දී මගදී ජීප් රියකින් පැමිණි කණ්ඩායමක් විසින් මිහිර සිරිතිලක මහතා පැහැර ගැනීමකට ලක්කර ඇත.
    මිහිර සිරිතිලක මහතාට මරණ තර්ජන සිදු කරමින්, බිරිඳට දුරකතනයෙන් කතා කොට කප්පම් ඉල්ලමින් හා මිහිරි සිරිතිලක මහ පාරේ දන ගස්වමින් ඒ සියල්ල මෙම කණ්ඩායම විසින් රූපගත කර තිබේ. ඒ ‘හිරු’ නාලිකාව විසින් විකාශය කරනු ලබන ‘මෙගාබයිට්’ නැමැති වැඩ සටහන වෙනුවෙනි.
    සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමුදු රත්නායක මහත්මිය මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ මෙම සිද්ධිය සමථයකට පත්කර ගන්නට අගතියට පත් පාර්ශවය විසින් ඉදිරිපත් කරනු ලබන ඕනෑම කොන්දේසියකට අදාළ රූපවාහිනි සමාගම එකඟ වන බවයි.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    හොදවැඩේ!!!!! මේවගේ පොන්න වැඩ කරන නූගත් කාලකන්නින්ගේ ඇටකටු කඩන්න ඕනේ!!!:angry::angry::angry::angry::angry::angry: