මෙච්චර කොළ ඉල්ලන්නේ මොනවා ලියන්නද ?

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93

    මෙච්චර කොළ ඉල්ලන්නේ මොනවා ලියන්නද ඇසූ ගුරුවරයාට එරෙහිව උසස්පෙළ සිසුවියගෙන් පැමිණිලි


    139436745_16025620474741n.jpg


    මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි සිසුවියක පිළිතුරු ලිවීම සඳහා වැඩිපුර කොළ ඉල්ලා සිටි අවස්ථාවේ විභාග පරීක්ෂකවරයකු ලෙස රාජකාරියේ නිරතව සිටි ගුරුවරයකු ඊට දැක්වූ ප්‍රතිචාරය නිසා තමා කම්පනයට පත්වූ බව කියමින්

    එම ගුරුවරයාට එරෙහිව සිසුවිය පෙරේදා (31) පැමිණිල්ලක් කර ඇතැයි මාතලේ මූලස්ථාන පොලිසිය පවසයි.

    තමා කම්පනයට පත් වූ නිසා තර්ක ශාස්ත්‍රයට අදාළ විෂය කරුණු අමතක වී ගිය බව එම සිසුවිය පවසන්නේ යැයි මාතලේ මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

    මෙම සිසුවිය ඉකුත් 27 වැනිදා තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටින අතරවාරයේ විභාග පරීක්ෂකවරයකුගෙන් පිළිතුරු ලිවීමට කොළ ඉල්ලා ඇතැයි පොලිසිය සඳහන් කරයි. මේ අවස්ථාවේ ‘මේකි මෙච්චර කොළ ඉල්ලන්නේ මොනව ලියන්න ද දන්නේ නැහැ " යැයි කියා එම විභාග පරීක්ෂකවරයා පැවසූ බව සිසුවිය වැඩිදුරටත් පොලිසියට පවසා ඇතැයි කියති. එම විභාග පරීක්ෂකවරයා ඔහු අතේ තිබූ ජංගම දුරකතනයේ තිබූ ඡායාරූපයක් පෙන්වා එම පුද්ගලයා හඳුනන්නේ ද යන්න විමසූ බවත් සිසුවිය පොලිසියට පවසා ඇතැයි කියති.

    මේ හේතුව මත තමා කම්පනයට පත් වී විෂය කරුණු අමතක වී ගිය බව සිසුවිය පොලිසියට වැඩිදුරටත් දැනුම් දී ඇතැයි පැවසේ.

    මෙසේ කළ බව කියන විභාග පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ ගුරුවරයා හඳුනන්නේ නොමැති බවත්, ඔහු ගැන තොරතුරු කීමට නොදන්නා බවත් සිසුවිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි එම පොලිස් නිලධාරියා කීය.


    ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
     

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    මේ කෙල්ලට විභාගේ ලියාගන්න බැරි වෙලා . නටන්න බැරි උනාම පොලොව ඇදයි කියනවා වගේ කතවක් බන්. අපි අහන්නේ මේ කෙල්ල කියන කතාව විතරයි නේ. අපි ගුරුවන්රුන්ගේ සයිඩ් එකෙන් හොයල බැලුවේ නැහැ නේ. මම නම් කියන්නේ මෙකි බොරු කියන්නේ.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    අපිට scientific cal එක තියාගන්න දුන්නෙත් නෑ. Sin,cos,tan තියෙනවා කියන්නේ programming කැල් එකක් කියලා කැල් එක උස්සන් යනවා. පලවෙනි දවසේ දුන්නෙර්ම නෑ. දෙවෙනි දවසේ එක්සෑම් එකට කලින් කලාපෙට කෝල් කරලා ගෑනිත් එක්ක වලියට බැස්සා. මේකි non programming කැල් කියලා පිලිගන්නේ නැතිම තැන එකෙක් කිවුවා. Art degree තියෙන උන් මොනවද කැල් ගැන දන්නේ කියලා. ගෑනිට තවත් මල පැන්නා 🤣🤣🤣
    තව මුකුත් කියන්න හම්බුනේ නෑ කලාපෙන් ඇවිත් ප්‍රශ්නෙ විසදුවා. නැත්තම් මරු ආතල් එකක් ගන්න තිබ්බා
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ලන්කාවෙ කොල හිගේ ගැන හිතලා කොල බේර ගන්න ට්‍රයි කරා වෙන්න බැරිද? ජොනී සින්ස්ගෙ ෆොටෝ එකක් පෙන්නලා අදුරනවද කියලා අහලත් එක්ක නේද
     

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    ඒකට මන් OL කරද්දී මගේ ඉතිහාසය උත්තර පත්තරේ බලලා වයසක මිස් කෙනෙක් මාව හරියට වර්ණනා කරා :)
    ඒ මොකෝ