මෙඩිකල් ටර්ම්ස් වල තේරුම්
දොස්තර මහත්තුරු කියන දේවලුයි එක එක මෙඩිකල් ටර්ම්සුයි පටලවගෙන අමාරුවෙ වැටිච්ච අය ගැන විහිලුකතා අපි ඕන තරම් අහල තියනවනෙ. චූ කරලා (chew) බෙහෙත ගන්න කිවුවම බේත් බොන්න කලින් හැමදාම චූ කරල හිටපු මනුස්සයගෙ කතාවයි, මලපහ පරික්ෂා කරන්න අරන් එන්න කිවුවහම කෙහෙල් කොලේකට කක්කි කරල බත්මුල වගේ බැඳගෙන දොස්තර ගාවට ගෙනාපු මනුස්සයගෙ කතාවයි ඒ අතින් ෆේමස්ම කතා දෙකක්.
දැන් අපි ජෝක්ස් ගැන කියල පටන් ගත්තට අද අපේ ලිපියේ අරමුණ වෙන්නෙ දොස්තරලගෙ විහිලු කතා ගේන එකනම් නෙමෙයි. අපි කියන්න යන්නෙ වෙන දෙයක්. දැන් අර මුලින් කියපු කතා දෙකේ වගේ ගොන් වැඩ අපි නොකලට ඉස්පිරිතාලෙකට ගිය වෙලාවකදි අපිට අහන්න දකින්න ලැබෙන අමුතු අපබ්‍රංස වචන එහෙම තියනවනෙ. අන්න ඒවයෙන් කියවෙන්නෙ මොනවද කියලයි අපි මේ තේරුම් කරන්න හදන්නෙ. ඔයාල බහුතරයකට මේ දේවල් ගැන දැනුම ඇති. ඒත් මේ දේවල් වල තේරුම් හරිහැටි නොදන්න අයත් අපි අතර ඉන්න බැරි නෑනෙ. ඉතින් එහෙම අයට උපකාරයක් හැටියට තමයි මේ පැහැදිලි කිරීම් අපි ගෙන එන්නෙ.
1) OPD
Outpatient Department කියන තේරුම සහිත මේක අපි සිංහලෙන් හඳුන්වන්නෙ බාහිර රෝගී අංශය කියලයි. රෝගීන් පරික්ෂා කිරීම, වෛද්‍ය උපදෙස් ලබාදීම සහ රෝගියාව රෝහලේ නවත්වා ප්‍රතිකාර ලබාදෙනවාද යන්න තීරණේ කරන්නෙ මේ අංශයෙන් තමයි.
2) ICU
Intensive Care Unit, එහෙමත් නැත්නම් දන්න සිංහලෙන් මේක හඳුන්වන්නෙ දැඩි සත්කාර ඒකකය කියලයි. නිතර වෛද්‍ය අවධානය සහ වෛද්‍ය උපකරණ වල සහය ලැබිය යුතු අසාධ්‍ය රෝගීන් ඇතුලත් කරන්නෙ මේ ඒකකයට.
3) ETU
හදිසි ප්‍රතිකාර ඒකකය (Emergency Treatment Unit) නමින් හඳුන්වන මෙය හදිසි අවස්ථාවලදී ප්‍රතිකාර සපයන අංශයක්. පපුවේ වේදනා, ශ්වසන අපහසුතා, සිහි නැතිවීම් වගේ හදිසි අවස්ථාවලදී ඔබ ඇතුලත් විය යුත්තේ මේ ETU එකටයි.
4) BP
බීපී කියල කියන්නෙ රුධිර පීඩනයටයි (Blood Pressure). රුධිර සංසරණ පද්ධතියේ පීඩනය තමයි මේ මගින් දක්වන්නෙ.
5) CPR
Cardiopulmonary Resuscitation කියන දිග නමින් හඳුන්වන මෙයින් සිදු කරන්නේ හද ගැස්ම සහ ශ්වසනය නතරවුණ පුද්ගලයෙක්ට කෘත්‍රිම ශ්වසනය සහ හෘදය සම්බාහනය ලබාදීම මගින් ශ්වසනය සහ රුධිර සංසරණය යථා තත්ත්වයට පත්කිරීමයි
6) ENT
Ear, Nose and Throat එහෙමත් නැත්නම් උගුර, කණ, නාසය කියන දේ හඳුන්වන්නෙ මෙහෙමයි. කවුරුහරි කතාවට කිව්වොත් ENT කෙනෙක්ට පෙන්නන්න කියලා ඔබ යන්න ඕනෙ උගුර, කණ, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු ගාවටයි.
7) FBS
නිරාහාර රුධිර පරික්ෂාව (Fasting Blood Sugar) තමයි මේ. රුධිරයේ සීනි මට්ටම සොයාගැනීමට කෙරෙන මේ පරීක්ෂණයට පෙර පැය 8-10 අතර කාලයක් නිරාහාරව සිටිය යුතු වනවා.
8) HDL
කොලෙස්ටරෝල් පරික්ෂා වලදි මේ HDL හෙවත් High-Density Lipoprotein ගැන ඔයාල අහල ඇති. HDL කියන්නෙ ශරීරයට හිතකර කොලෙස්ටරෝල් වර්ගයටයි. මේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිව පැවතීම හෘද රෝග අවදානම පහත හෙලන්න හේතු වෙනවා.
9) LDL
මේ තමයි අපේ හදවතේ හතුරා වන අහිතකර කොලෙස්ටරෝල්. Low-density lipoprotein තමයි මෙයාගෙ සම්පූර්ණ නම.
10) Health Check
හෙල්ත් චෙක් එකක් කියන්නෙ යම්කිසි කෙනෙක් රෝගයකින් හරි ආබාධයකින් හරි පෙලෙනවද කියල දැනගන්න කරනු ලබන පරීක්ෂණ සමූහයක්. දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් සියල්ලකම වගේ මේ පරීක්ෂණ සඳහා පහසුකම් තියනව.
11) Lipid Profile
මේ ලිපිඩ් ප්‍රොෆයිල් කියන නම අපේ වැඩිහිටියන්ගෙ මුවින් නිතර කියවෙනව ඔයාලත් අහල ඇති. අපේ සිරුරේ කොලෙස්ටරෝල් වල තත්ත්වය පරික්ෂා කරන්නටයි මේ පරීක්ෂණය කරන්නේ.
12) Biopsy
බයොප්සියක් කරන්න කිවුවා, බයොප්සියක් කලා වගේ කතා අහල තියනවනම් ඒකෙ තේරුම තමයි ජීව පටක පරික්ෂාව කියන එක. ශරීරයේ කුඩා පටක කොටසක් අරගෙන ඒවා පරික්ෂා කිරීමෙන් රෝග සම්බන්ධ තීරණ ගැනීම තමයි මේකෙන් කරන්නෙ.
13) Endoscopy
එන්ඩොස්කොපි කියන්නෙ බඩවැල් ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්ව සඳහා කරනු ලබන පරීක්ෂණයක්. ආලෝකය සහ කැමරාවක් සහිත නම්‍යශීලී නලයක් ශරීරයට ඇතුලු කිරීමෙන් තමයි මේ පරික්ෂාව කරනු ලබන්නෙ.
14) FBC
Full Blood Count එහෙමත් නැත්නම් සම්පූර්ණ රුධිර පරීක්ෂණය ගැන අපිට හුඟක් අහන්න ලැබෙනවා ඩෙංගු වගේ උණ රෝග සම්බන්ධයෙන්. රුධිරයේ ඇති රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා ප්‍රමාණය තමයි මේ පරීක්ෂණෙන් මනින්නෙ.
15) Platelets
ප්ලේට්ලට්ස් බැහැලා කියන කතාව ඔයාලත් ෂුවර් එකටම අහල තියන කතාවක් වෙන්න ඕනෙ. අපේ සිරුරේ ඇති රුධිර පට්ටිකා තමයි මේ නමින් හැඳින්වෙන්නෙ. සාමාන්‍යයෙන් රුධිරයේ මයික්රොලීටරයක පැවතිය යුතු රුධිර පට්ටිකා ප්‍රමාණය 150,000 – 450,000 අතර විය යුතු වනවා. මේ ප්‍රමාණය අඩු වීම හෝ වැඩි වීම වෙනත් රෝගාබාධ වලට හේතු විය හැකියි.
16) Dengue Antigen Test
ඩෙංගු ඇන්ටිජන් පරික්ෂාව පැවැත්විය යුත්තේ ඩෙංගු රෝගයේ මූලික අවස්ථාවේදීයි. උණ වැළඳී පලමු දවස ඇතුලතදීම මේ පරික්ෂාව කරන එක තමයි වඩාත්ම සාර්ථක. කල් යාමේදී මේ ඇන්ටිජන් පරීක්ෂණයෙන් රෝගය හඳුනාගැනීමේ ප්‍රතිශතය ක්‍රමයෙන් පහල යනවා.
17) UFR
Urine Full Report එහෙමත් නැත්නම් සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය නමින් සිංහලෙන් හඳුන්වන මේකෙන් කරන්නේ මුත්‍රා රෝග සහ මුත්‍රා ආසාදන තත්ත්වයන් හඳුනා ගැනීමයි. මුත්‍රා මාර්ගයේ ගල් සහ වකුගඩු රෝග ආදිය හඳුනාගැනීමට මේ පරීක්ෂණය කරනු ලබනවා.
18) Stool test
බංකුවක් ටෙස්ට් කරන එකට නෙමෙයි මෙහෙම කියන්නේ රෝග විනිශ්චය සඳහා මලපහ පරික්ෂා කරන එකටයි. මේ ස්ටූල් ටෙස්ට් එක සම්බන්ධව තමයි අපි ලිපියේ පටන් ගැනීමේදි කිවුව කක්කි ජෝක් එකත් හැදිල තියෙන්නේ.
19) Mammogram
මැමෝග්රම් එකක් කියන්නෙ කාන්තාවන්ගෙ පියයුරු පිළිකා පරීක්ෂා කිරීම සඳහා ලබාගන්නා එක්ස් රේ ඡායාරූපයකටයි.
20) අර ලොජිස් මේ ලොජිස්
අපි මේ වෛද්‍යවරුන්ට අපහාසයක් කරන්න හදනවා නම් නෙමෙයි. නමුත් සමහර අවස්ථාවලදි අපේ ලෙඩරෝග වලට අනුව මේ ලොජිස්ට් කියන කෑල්ලෙන් ඉවර වෙන විශේෂඥ වෛද්‍යවරුන්ව චැනල් කරන්න කියල අපිට කියනවා. මේ ඒ විදිහෙ කීප දෙනෙක් ගැනයි.
Cardiologist – හෘද රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා තමයි මේ කාඩියොලොජිස්ට් නමින් හඳුන්වන්නෙ
Neurologist / – ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයා තමයි මේ නමින් හඳුන්වන්නෙ. මධ්‍යම ස්නායු පද්ධතිය සම්බන්ධ ගැටලු වලදී මේ විශේෂඥයාගේ සහය ලබාගන්න සිද්ධ වෙනවා.
Dermatologist – චර්ම රෝග විශේෂඥයා තමයි මේ නමින් හඳුන්වන්නෙ. කුරුළෑ ඇතුලු සමේ ඇතිවන රෝග වලට තමයි මේ වෛද්‍ය සහය අවශ්‍ය වන්නේ.
Gynecologist and Obstetrician / (VOG) – නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරු තමයි මේ.
Physician – රෝහලකින් ප්‍රතිකාර ගන්න යනකොට තමන්ට තිබෙන රෝගාබාධය මොකක්ද කියන එක ගැන හරි වැටහීමක් නැත්නම් ඔබ යායුතු සුදුසුම වෛද්‍යවරයා තමයි Physician කියල කියන්නෙ. රෝගය පරික්ෂා කර බැලීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර ලබාදීම හෝ වෙනත් විශේෂඥයෙක් වෙත ඔබව යොමු කිරීම මේ වෛද්‍යවරයා විසින් සිදුකරනු ලබනවා.
Endocrinologist – දියවැඩියා සහ තයිරොයිඩ් වැනි හෝමෝන සම්බන්ධ රෝග වලටයි මේ වෛද්‍යවරයා ප්‍රතිකාර කරනු ලබන්නේ
Surgeon – ශල්‍ය වෛද්‍යවරයෙක්, එහෙමත් නැත්නම් සැත්කම් සිදුකරන වෛද්‍යවරයෙක් තමයි මේ සර්ජන් කියල හඳුන්වන්නෙ.
Rheumatologist – ආතරයිටිස් සහ මස්පිඩු වේදනා සම්බන්ධව විශේෂඥ ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරයෙක් තමයි මේ. රක්තවේදීන් කියල තමයි මේ විශේෂඥ වෛද්‍යවරුන්ව හඳුන්වන්නෙ.
Paediatrician – ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු තමයි මේ.
Orthopaedic surgeon – අස්ථි බිඳීම්, අස්ථීන් එහාමෙහා වීම් ආදිය සඳහායි මේ විශේෂඥයා ප්‍රතිකාර කරන්නේ.
Radiologist – අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණය මෙම වෛද්‍යවරයා විසින් සිදු කර වාර්තාවක් ලබාදෙන අතර, X-ray MRI වැනි ස්කෑන් පරීක්ෂණ radiographer කෙනෙකු කල පසු එම පිංතූර බලා ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාදෙනවිශේෂඥයෙකි.
Venereologist and STD specialist – ලිංගාශ්‍රිතව බෝවන රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුයි මේ.
අපි මේ සඳහන් කලේ නිතර ඇසෙන විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙක් ගැන විතරයි. මේ සම්බන්ධ සම්පූර්ණ ලයිස්තුවක් ඔබට මෙතැනින් කියවන්න පුලුවන්.
ලෙඩ රෝග සම්බන්ධයෙන් නිතර ඇහෙන මේ මෙඩිකල් ටර්ම්ස් වල තේරුම් දැනගෙන ඉන්න එක වටිනවා