මෙතන මේ වෙන්නෙ ලෝකේ ප්‍රධානතම ත්‍රස්තවාදී නායකයෙක් අල්ලන වැඩක්

arunakr

Active member
  • Jul 20, 2011
    208
    168
    43
    189391481-342675293929521-7752272877834554159-n.jpg


    මූලාසනය සහ ජනාධිපති ඔබාමා
    මං හිතන්නෙ මේ ඡායාරූපය ගොඩක් දෙනෙක් දැකලා තියෙන ඡායාරූපයක්.
    මේ Photo එක අරන් තියෙන්නෙ 2011 මැයි 01 හවස 04.05 ට.
    බැරක් ඔබාමා ඇතුළු ඔහුගේ ආරක්ෂක උපදේශක කණ්ඩායම ඔසාමා බිල් ලාඩන් අල්ලන මෙහෙයම සජීවීව නරඹන අතරවාරයේ තමයි මේ Photo එක අරන් තියෙන්නෙ.
    ඇමරිකාව කියන්නෙ ජනාධිපති ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක වෙන රටක්. එතකොට අපේ රටේ වගේම සේනාධිනායක වෙන්නෙ ජනාධිපති. මේ ඡායාරූපය ගන්න කාලෙ ජනාධිපති බැරක් ඔබාමා. ඒ කියන්නෙ ඔහු තමයි Commander in Chief.
    දැන් ඔබට පේනවා ඇති මේ ඡායාරූපයේ මූලාසනය වගේ තියෙන ආසනයේ මනුස්සයෙක් වාඩිවෙලා ඉන්නවා. ඒ ඇවිල්ලා ලුතිනන් ජෙනරල් බ්‍රැඩ් වෙබ්.
    හැබැයි තමන් ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක කියලා ඔබාමා මුලසුනේ වාඩි වෙලා නැහැ.
    ඇයි ඒ..??
    මෙතන මේ වෙන්නෙ ලෝකේ ප්‍රධානතම ත්‍රස්තවාදී නායකයෙක් අල්ලන වැඩක්. . එතකොට ඔබාමා මුල් පුටුවේ වාඩි වෙලා අතනින් යන්න කියන්න, අර අතන Cover කරගන්න. ඔන්න දැන් වෙඩි තියන්න වෙඩි තියන්න කිය කිය උපදෙස් දෙන්න යන්නෙ නැහැ.වැඩේ දන්න අයට කරගෙන යන අයට කරගෙන යන්න දීලා ඔබාමා පැත්තකින් වාඩි වෙලා ඉන්නවා
    මට මේක ලියන්න හිතුණේ අපේ රටේ පහුගිය දවස් ටිකේ ඇහුණ දැකපු දේවල් ටිකක් නිසා.
    ආසන්නතම සිද්ධිය තමයි මම දැක්කා නාමල් රාජපක්ෂ ඇමතිතුමා මුලසුන දරමින් වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිතුමිය ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ එන්නත්කරණය කාර්යක්ෂම කරන විදිය ගැන තිබුණ සාකච්ඡාවක්.
    මං කියන්නෙ නාමල් මහින්ද රාජපක්ෂගෙ පුතා වීම නිසාම අඤී අඤ්ඤ පඤුල් පාලඤේ ගාන්න ඕන නැහැ. මම ඒකට විරුද්ධයි.
    තරුණ නායකයෙක් විදියට නාමල්ට පුළුවන් තමන්ට අත්දැකීම් තියෙන තමන් දන්න දෙයක් වෙච්ච ක්‍රීඩාව ගැන, තරුණ ගැටළු ගැන ඕන තරම් මුලසුනේ ඉඳන් සාකච්ඡා මෙහෙයවන්න. හැබැයි එන්නත්කරණය ගැන නාමල්ට මොකක්ද සුදර්ශනී ඇමතිතුමියට දෙන්න පුළුවන් උපදෙස?
    තව ආසන්නතම දැක්ක දෙයක් තමයි අර නැවේ ගින්න. නැව ගිණි ගන්නවා කිව්ව ගමන් ඒ වගේ දෙයක් ගැන අබමල් රේණුවක අදහසක් නැති ඇමති එතනට ගිහින් නිළධාරීන්ට උපදෙස් දෙනවා වගේ එහෙට මෙහෙට අත දික්කරලා Photo ටිකක් අරන් ඇවිල්ලා ගින්න නිව්වා කියලා Facebook Page එකත් Update කරලා ඉවරයි. අන්තිමේ නැව නිකං පිච්චුන පපඩමක් වගේ කරකුට්ටම්.
    ඒ සිද්ධියටම මම දැක්කා ජනාධිපතිතුමාත් උපදෙස් දීලා තිබ්බා නැව මුහුද මැදට අරන් යන්න කියලා. මං අහන්නෙ ඒක ජනාධිපතිතුමා කියන්න ඕන එකක්ද.??
    ඒ විතරක් නෙවෙයි දවසක් අද දෙරණ News alert එකක් එනවා එන්නත්කරණය දිගටම කරගෙන යන්න කියලා ජනාධිපතිතුමා සෞඛ්‍ය අංශවලට උපදෙස් දුන්නා කියලා. ගෙනාපු එන්නත් ටික මිනිස්සුන්ට ගහන්න නැතුව ඒවයින් මූණ හෝදන්නයැ.
    මං අහන්නෙ ඇයි මේ හැම එකක්ම මම තමයි කරන්න ඕන, හැම එකකටම මම තමයි උපදෙස් දෙන්න ඕන, හැම එකක්ම මම තමයි දන්නෙ කියලා හිතන් ඉන්නෙ..??
    නායකයෙක් කියන්නෙ මේ ලෝකේ තියෙන හැම දේම ගැන පරතෙරටම දැනගෙන ඒ හැම දෙයක් ගැනම තමා පුද්ගලිකවම උපදෙස් දෙන්න ඕන කියලා හිතන් ඉන්න කෙනෙක් නෙවෙයි.
    නායකයෙක් කියන්නෙ යම් නිශ්චිත වැඩකදි ඒ සම්බන්ධ ප්‍රවීණයෝ අති දක්ෂයො එකට එකතු කරලා ඔවුන්ගේ දක්ෂකම් අවශ්‍ය අරමුණක් වෙනුවෙන් මෙහෙයවන්න පුළුවන් මනුස්සයෙක්.
    මේ රටේ මිනිස්සු කවදා එහෙම නායකයෙක් හොයාගනියිද මන්ද. පේන මානෙක එහෙම නායකයෙකුත් නෑ. මිනිස්සුන්ගෙ එහෙම සූදානමකුත් නැහැ.
    මට ඇත්තටම තේරෙන්නෙ නෑ මේ රටට මොන කරුමයක්ද මේ පලදීලා තියෙන්නෙ කියලා..!!!
    💔


    Copied FB
    ඕක තමයි මේ රටට වෙලා තියන හෙනේ සුදුස්සාට සුදුසු තැන නොලැබීම. ඒකට ප්‍රදානම හේතුවක් තමයි එක දේශපාලුවන්ට කඩේ යන ගෝතයින් බහුතරයක් ඉන්න එක. ඒ වගේ උන් හැම වෙලේම කරන්නෙ තමන් කඩේ යන එකා හරි පක්ශෙ හරි මොන වැරැද්දක් තිබුනත් ඒක වහන්න රචනා ලියන එක මෙකෙත් එකෙක් ඉන්න ඒ වගේ.....
    නායකයෙක් කියන්නෙ හැම වැඩේටම අත දදා යන එක නෙමෙයි සුදුස්සන්ව ඒ ඒ තැන් වලට දාල උන්ට වගකීම් දීල උන්ගෙන් වැඩ ගන්න එක, Target එකක් දීල ඒකෙ Progress එක monitor කරන එක. මොන නායකයොද බන් මුන්........
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,755
    87,157
    113
    ආශ්චර්යමත් රටක
    මේ කතාව නම් සම්පූර්ණ වැරදියී ඔය පොටො එකෙ ඔබාමා පැත්තක වාඩි වෙලා ඉදියට නිකම් හරි ඔබාමා කිව්වනම් ඕන නෑ ටීම් එක ආයෙත් ගෙන්නපන් කියල. උබල හිතනවද නෑ එහෙම කරන්න බෑ මමයි යුද්ද කරන්නෙ කියලා අරූ මිශන් එක දිගටම කරයි කියල? අනික ඔතනට යනකන්ම කවෘවත් දන්නෙ නැ ඔතන ඉන්නෙ ඔසාමා බින්ලාඩන් කියල. දන්නෙ ලොකු ටාගට් එකක් ඔතන ඉන්නව කියල විතරයි. ( උන් ඒක් එලියට කියපු හැටි වෙන්නත් පුලුවන්.) කොහොම උනත් කොහොම වාඩිවෙලා ඉදියත් ඔතන ඔබාමාගේ ලොකු දායකත්වයක් ඔය මිශන් එකට තියෙනවා. ඔය පොටො එක තාමත් කියන්නෙ ඔබාමා වැඩියෙන්ම ස්ට්‍රෙස්ස් වෙලා ඉදපු වෙලාව කියල.
    ඕක ගලපලා අපෙ එවුන්ට ගහන්න හැදුවට, මම නම් කියන්නෙ රටේ යුද්දයක් කියන්නෙ රටේ නායකයගේ දායකත්වය උපරිම නැතිව හමුදාපති කෙනෙක්ට තනියම කරන්න බැරි දෙයක්. අන්තර්ජාතික පීඩනෙ එන්නෙ හමුදාපතිට නෙමෙ රටේ නායකයට. ඒ අතින් රාජපක්ශලා ලොකු දෙයක් කලා දේශපාලන මත පැත්තක තියල මන් තවමත් ඒකට ගරු කරනවා. ඔය කතා වලදී ඔබාමාලා එක්ක කම්පෙයා කලොත් ඒ ඒ චරිත වල වගකීම ඔක්කොම 100% ක් කරපු නිසයි හැමෝම සාර්ථක උනේ.

    අනිත් එක ඔය නාමල් සුදර්ශනීට උපදෙස් දෙනව කියන එක.
    එන්න්නත් කරනය ඩොක්ටර්ස්ලගෙ වැඩක් කියල ගොඩක් උන් හිතුවට. ඔය මීටින් එකේ කතා වෙන්නෙ මොනාද උප්දෙස් දෙනවද සාකච්චාවක්ද කියල දන්නෙ නැතුව පොටො එකක් දැකල කියන්න බෑ. ඔතන දැන් කරන්න තියෙන්නෙ ඩොක්ටර්ස්ලගෙ වැඩක් නෙමෙයි. මිනිස්සු ටික හරියට තෝරලා පිලිවෙලකට එන්නත්කරන මධ්‍යස්තාන වලට පිලිවෙලකට එවන එක. ඒක ඩොක්ටර්ලට කරන්න බෑ කොහොමත්. ඒක්ට ඕන පිරිස් කලමනා කරනය සම්පත් බෙදා හැරීම සහ සන්නිවේදනය මැනෙජ් කරන එක. ඔය ටික කරන්න හොදම සෙට් එක දේශපාලකයො තමයි. එතනදි වෙන අක්‍රමිකතා ගැන ඉතින් කතා කරල වැඩක් නෑ ඒක් කොහොමත් වෙනවා මොකා ආවත් ඒව අවම කරන්න ඕන. ඩොකටර්ස්ලා ගන්න ඕන තීරන අරන් ඉවරයි හූ ගයිඩ් ලයින් තියෙනවා ඒවට අනුව ඩොක්ටර්ස්ලන්ගෙ වැඩ තියෙන්නෙ මිනිස්සු මධ්‍යස්තාන වලට ආවට පස්සෙ. ඊට කලින් ගන්න ඕන තීරන ඉතින් කොහොමත් ගයිඩ් ලයින් වල තියෙනවා. ඒව මොනිටර් කරන්න විඔතරයි තියෙන්නෙ.

    දිග වැඩි උනා තව ලියන්න බෑ. :rolleyes2: :rolleyes2: :rolleyes2: :rolleyes2:

    මේ ඉන්නෙ අර වගේ ලිපියක් ලියන්න හේතු හදන පුද්ගලයො.. 😐
     
    • Like
    Reactions: Bekam and Didy