මෙතන මොකක් හරි වෙලා තියනවා ඒ කියන්නේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ජනතාව මා සොයන බව දන්නවා.. මා ගැන සොයන හැමටම ස්තුතියි.. කොරෝනා ඉක්මනින් දුරුවීම මගේ පැතුමයි..- අනිල් ජසිංහ
    November 13, 2020 at 5:30 pm | lanka C news
    ජනතාව මා සොයන බව දන්නවා.. මා ගැන සොයන හැමටම ස්තුතියි.. කොරෝනා ඉක්මනින් දුරුවීම මගේ පැතුමයි..- අනිල් ජසිංහ

    කොරෝනා පළමු රැල්ල මැඩ පැවැත්වීම සඳහා ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළ බොහෝ දෙනාට හුරුපුරුදු චරිතයක් බවට පත්ව සිටි හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පිළිබඳව සමාජයේ මෙන් ම සමාජ මාධ්‍යවල මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වේ.

    ඒ, හිටිහැටියේ ඔහු පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස මාරු කර යැවීමත්, ඔහුගේ නිහැඬියාව සහ මෙරට දෙවන කොරෝනා රැල්ල ඇති වීමත් සමගය.

    ප්‍රථම කොරෝනා රැල්ල ඇති වූ දා සිට අවසානය දක්වා ම අනිල් ජාසිංහ මහතා මෙරට මාධ්‍යයට මෙන් ම ජනතාවට ද නැතුව ම බැරි චරිතයක් විය. ඒ, ඔහු උදේ හවස මාධ්‍ය ඔස්සේ ජනතාවට සමීපවීම හේතුවෙනි.

    එමෙන් ම, අනිල් ජාසිංහ මහතා ප්‍රමුඛ සෞඛ්‍ය අංශ මෙරට ප්‍රථම කොරෝනා රැල්ල සාර්ථකව මැඩපැවැත්වීම පිළිබඳව ද සමාජයේ බොහෝ ප්‍රශංසා හිමි විය.

    ඒ හේතුවෙන් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සොයා ගියෙමු.

    වෛද්‍යතුමනි, මොක ද මේ දවස් වල කරන්නේ?

    මම පරිසර අමාත්‍යංශයේ ලේකම් නේ. මේ දැනුත් ඒ වැඩක ඉඳලා යන්නේ. ඒ වැඩ ඉතින් ගොඩක් තියෙනවා.

    හිටි හැටියේ විෂය පථය වෙනස් වීම ඔබට අභියෝගයක් නොවෙයි ද?

    අනේ නෑ… කිසිසේත් ම නෑ. ඒ වැඩ හොඳින් ම කෙරෙනවා. ඒ හැකියාව තියෙනවා ඕනෑ ම ක්ෂේත්‍රයක වැඩ කරන්න.

    සමාජය තුළ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා ඔබව ආයෙත් ඕනෑ කියලා. ඒ ගැන මොක ද හිතන්නේ?

    මං දන්නවා… මං ලොකුවට ම දන්නවා… නමුත් ඉතින් ඒකට මම උත්තර දෙන්නේ නෑ. ඒක ඉතින් හරි නෑ නේ. එහෙම ඒ දේවල්වලට ප්‍රසිද්ධියේ උත්තර දුන්නොත් ඒවා වෙන ප්‍රශ්නවලට යනවා.

    පළමු වන කොරෝනා රැල්ල මැඩපැවැත්වීම ගැන ඔබට තවමත් ප්‍රශංසා කරනවා සමාජය. ඒ ගැන මොක ද ඔබට හිතෙන්නේ?

    ඔව්… ඒක ගැන මම පුද්ගලිකව සතුටු වෙනවා. නමුත් ඒ ගැන මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙම තමයි ඉතින්.

    දැන් රටේ ආයෙත් කොරෝනා රැල්ලක් ඇති වෙලා තියෙනවා. මේ වෙද්දී සෞඛ්‍ය අංශ ඇතුළු අනෙක් අංශ ඒ සම්බන්ධයෙන් සිදු කරන කටයුතු පිළිබඳව ඔබ මොක ද හිතන්නේ?

    මෙහෙමයි. කොවිඩ් ගැන මම මුකුත් කියන්නේ නැහැ. මොක ද මම එහෙම කිව්වොත් ඒක දැනට කරගෙන යන වැඩවලට බාධාවක්. ඒ නිසා මම ඒ ගැන මුකුත් කියන්නේ නැහැ.


    ‘මව්බිම’ වෙත අදහස් දක්වමින් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ, තමන් වර්තමානයේ දරන පරිසර අමාත්‍යංශ ලේකම් ධූරයේ හොඳින් වැඩ කටයුතු සිදු කරගෙන යන බවය.

    එමෙන් ම, තමන් පිළිබඳව සොයා බලන ප්‍රශංසා එක් කරන ජනතාවට ද ස්තුතිවන්ත වන බවත් තම අපේක්ෂාව ද ඉක්මනින් රටෙහි පවතින වසංගත තත්ත්වය දුරුවී යාම බවත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    තාරක සම්මාන්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    වලලන්න කෙලින්ම විරුද්ද වුණු කෙනෙක් තමයි අනිල් ජාසිංහ සර්. අයින් කරේ ඒ හේතුව නිසාද දන්නේ නෑ. එහෙමත් නැත්තන් තවත් සරත් ෆොන්සේකා කෙනෙක්ව දැක්කද දන්නේ නෑ.
     

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    වැඩ කරන අපේ විරුවා එක්ක අයිස් ගහන්න බැ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්න කාලෙ කුණුහරපෙන් බැන්න ගු ඇන් පි ගොන් බඩු මෙන්නෙ අයින් උනාම හොද කියනව :lol: :lol: :lol: :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anil Jayasinghe innakam jvp Karayo banna mahindala wa sudda karanawa kiyla u ain karama uge hoda kiynwa 😜😜
     
    Last edited:
    • Haha
    Reactions: erozan

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    අනේ ඉතිං ගු එන් පී ගොන් බඩු බැනපු නිසා අයින් කරන්න ඇති නේද
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    බෝවෙන්න දීලා රටවල් වලින් ආධාර ටිකක් ගෙන්නගන්න බැන්න පොසිලට හිතුනද නෑනේ . ඇමරිකාවේ ගෙදට්ට වියදමට යවන්න කියක් හරි හොයන්නත් ඕනා නේ. ;-)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ඉතිං ගු එන් පී ගොන් බඩු බැනපු නිසා අයින් කරන්න ඇති නේද
    ගිහිල්ල අහලම දැනගත්ත නම් හොද නැද්ද ගේ මුල්ලෙ ඉදන් හීන දැක දැක ටොන් පච හල හල ඉන්නෙ නැතුව, :lol: :lol: :lol: