මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ…
දම් අමාව බත් වෙනුවට කතී
දම් පියාව නෙත් පියාන බලා සිටිමුදෝ….
විනීය ජන නෙත් අයාන බලා සිටිමුදෝ…
මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ…
මහාධීර මහපොලවේ ජනිත නොවනුදෝ..
අබුද්ධස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති..
ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරති…
දහම්පදය පොත්ගුල් තුල ඉකිබිද වැලපෙති…
දම් දීපයෙ දම් අමාව බත් වෙනුවට කතී…
දියසෙන් රජු ආවෙත් නැත, එයින් තැවුනි සිත…
දෙදෙහස් පන්සිය වසරක් ඉවසන්නද අප…
පන්දහසක් කල් ගිය තැන දම් දීපය නැත…
තිදස පුරෙන් බිමට බසිනු මෙත් මහබෝසත…
තිදස පුරෙන් බිමට අවුත් බිහිවනු බෝ සතුනේ…
තව දෙදෙහස් පන්සියයක් ඉදිනු බැරිය ඉතිනේ…
දම් අමාව බත් වෙනුවට කතී
දම් පියාව නෙත් පියාන බලා සිටිමුදෝ….
විනීය ජන නෙත් අයාන බලා සිටිමුදෝ…
මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ…
මහාධීර මහපොලවේ ජනිත නොවනුදෝ..
අබුද්ධස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති..
ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරති…
දහම්පදය පොත්ගුල් තුල ඉකිබිද වැලපෙති…
දම් දීපයෙ දම් අමාව බත් වෙනුවට කතී…
දියසෙන් රජු ආවෙත් නැත, එයින් තැවුනි සිත…
දෙදෙහස් පන්සිය වසරක් ඉවසන්නද අප…
පන්දහසක් කල් ගිය තැන දම් දීපය නැත…
තිදස පුරෙන් බිමට බසිනු මෙත් මහබෝසත…
තිදස පුරෙන් බිමට අවුත් බිහිවනු බෝ සතුනේ…
තව දෙදෙහස් පන්සියයක් ඉදිනු බැරිය ඉතිනේ…