මෙත් වඩන්නා හා මෛත්‍රිය කෙසේ විය යුතුද,,,

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
මෙත් වඩන්නා හා මෛත්‍රිය කෙසේ විය යුතුද,,,

z_p05-meth.jpg

මෙත් වැඩීම හෙවත් මිතුරුකම පැතිරවීම මෙලොව මෙන්ම සසර මහත් ලාභයකි.
මෛත්‍රිය හා එහි වැදගත් බව නැවත නැවත අවධාරණය කරන ලද දහමක් ලොව ඇත්නම් එය අන් දහමක් නොව නිර්මල බුද්ධ දේශනාවයි. නියමාකාරයෙන් මෙත් වඩන අයුරු දේශිත සූත්‍ර රාශියක් ඇති අතර ඛුද්දක නිකායට අයත් කරණීය මෙත්ත සූත්‍රය ඉන් ප්‍රමුඛ දේශනාවකි. කරණීය යනු “කළ යුතුය” යන අදහස් ලබාදෙන අතර “මෙත්ත” යනු මෛත්‍රියයි. මෙම සූත්‍රය කොටස් දෙකක් යටතේ අධ්‍යයනය කළ හැකි ය.

1. මෛත්‍රිය වඩන්නා තුළ තිබිය යුතු ලක්‍ෂණ 2. මෙත් වැඩිය යුත්තේ කුමන පිරිස්වලටද? එය කෙසේද?

මෙලොව පෙනෙන නොපෙනෙන බලවේගයන්ගෙන් ආරක්‍ෂාවීමට හා චිත්ත ඒකාග්‍රතාව ඇති කර ගැනීමෙහිලා ඉතා සුදුසු දේශනාවක් වන මෙම සූත්‍ර දේශනාව බුදුරදුන් දේශනා කළේ ද අතුරු ආබාධයන්ගෙන් ආරක්‍ෂාවීමේ අරමුණ සහිතවමය. වර්තමානයේද ආශිර්වාදාත්මක දේශනාවක් ලෙස බොහෝ වෙලාවට මෙය සජ්ඣායනය කරවාගනී. පෙර බුද්ධ කාලයෙහි බුදුරදුන්ගෙන් කමටහන් ගෙන වනගත වූ භික්‍ෂූන් පිරිසකට වනයේ දී බොහෝ අමනුෂ්‍ය බලවේගවලට මුහුණපෑමට සිදුවිය. මෙම හේතුව නිසාවෙන් එම භික්‍ෂූන් අධික ශාරීරික මානසික පසු බැසීමකට ලක්ව බුදුරදුන් සොයා වැඩමකර මෙපවත් සැලකළහ. මීට විසඳුම් ලෙස ඉහත සූත්‍ර දේශනාව ඉගැන්වූ අතර භික්‍ෂූන්ට මගඵල ලැබීමටද මෙය ඉවහල් වූහ. මෙහි ප්‍රතිඵල ලැබීමට නම් නිසියාකාරව මෙත් වැඩීම කළ යුතු ය. සූත්‍ර දේශනාවේ ඒ බව දක්වන්නේ මෙසේ ය.

මාථා යථා නියං පුත්තං
ආයුසා ඒකපුත්ත මනුරක්ඛේ
ඒවම්පි සබ්බභූතේසු
මානසං භාවයේ අපරිමාණං

මව තම පුතාට ආදරය දක්වන්නේ යම්සේද ඒ අයුරින් සමාජයේ හැම දෙනාටම මෙන්ම තිරිසන්ගත භූත කොට්ඨාසයන්ට පවා මිතුරුකම පැතිර වීමට කටයුතු කළ යුතු ය. එසේ සිදු කරන්නේ නම් මෛත්‍රියෙහි අනුසස් ලැබීම අපහසු නොවේ. මෙම සූත්‍රයේ දක්වා ඇති සත්ත්ව වර්ගීකරණයට අනුව කිසිදු සත්වයෙකු වෛරයට බඳුන් නොවේ. එනම් දිගසතුන් (දීඝාවා) මහත සතුන් (මහන්තාවා) මධ්‍යම ප්‍රමාණයේ සතුන් (මජ්ඣිමා) ස්ථුල වූ (ථුලා) නොපෙනෙන (දිට්ඨාවා) දුර වසන (දූරේවසන්ති) ළඟ වසන (අවිදූරේ) ඉපදුන(භූතාවා) උපත සොයමින් සිටින (සම්භවේසීවා) ආදී සියලු සතුන් (සබ්බේසත්ථා) මෛත්‍රියට හසුවේ.

මෙලෙස මෛත්‍රිය කිරීම හැමෝටම කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා තමන් සුදුස්සෙකු වීම සූත්‍රයට අනුව අත්‍යවශ්‍ය කාරණා 14 කින් ඔහු සුදුසු බවට පත්විය යුතු ය. එය එකින් එක පෙළගස්වන්නේ නම් මෙපිරිදිය.

1. දක්‍ෂ වූවෙක් විය යුතු ය. (දක්ඛෝ)
2. සෘජු ගති පැවතුම්වලින් යුක්ත විය යුතු ය. (උජු)
3. වඩාත් සෘජු අවංක විය යුතුය. (සුජූච)
4. සුවච කීකරු විය යුතුය.(සුවචෝ)
5. මෘදු ගති පැවතුම්වලින් සමන්විත විය යුතුය. (මුදු)
6. උඩඟු නොවූවෙක් විය යුතුය. (අනතිමානි)
7. බොහෝවිට තෘප්තිමත් වූවෙක් විය යුතුය. (සන්තුස්සකෝච)
8. පහසුවෙන් පෝෂණය කළ හැකි වූවෙක් විය යුතුය. (සුභරෝ)
9. අල්ප සැහැල්ලු කටයුතු ඇත්තෙක් විය යුතුය.(අප්පකිච්චෝ)
10. සරල දිවි පැවැත්මක් ඇත්තෙකු වීම. (සල්ලහුකවුත්තී)
11. සන්සුන් ඉන්ද්‍රියන් ඇත්තෙකු වීම. (සන්තින්ද්‍රියෝච)
12. තැනට සුදුසු නුවණ ඇත්තෙක් විය යුතුය. (නිපකෝච)
13. ගොරෝසු රළු නොවූ කෙනෙක් විය යුතු යුතුය. (අප්පගබ්භෝ)
14. පවුල්වලට නොඇලුනු කෙනකු විය යුතුය. (කුලේසු අනනුගිද්ධෝ)
මෙම ගුණ සමුදායෙන් යුතු තැනැත්තා සමස්තවර්ගයටම මෛත්‍රිය පැතිරවිය යුතුය. එය සූත්‍රයෙහි මෙසේ සඳහන් කරයි.

“සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා”

සියලු සත්වයෝ සුඛිත වූ සිත් ඇත්තෝ වේවා.

එකෙකු අනෙකුට වංචා නොකරමින් අවමාන නොකරමින් කිසිදු මොහොතක තරහ සිතකින් යුක්ත නොවී කටයුතු කළ යුතුය. අනෙකුට සැප ප්‍රාර්ථනා කරන අතර දුක් ප්‍රාර්ථනා නොකළ යුතු ය. යම් සේ මවක් තම කුසෙන් බිහි කරන ලද එකම පුතු රකීද එසේම සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණව මෙත් සිත් වැඩිය යුතු ය.

සියලු ලෝක සත්වයා කෙරෙහි අපරිමානව මෙත් සිත් වැඩිය යුතු ය. එනම් ඉහළ දෙසට, පහළ දෙසට හා හරස් අතට කිසිදු බාධාවක් අවහිරයක් නැතිව වෛරයක් සතුරුකමක් නැතිව මෙත්සිත පැතිරවිය යුත්තේ ය.

සිටගෙන සිටිමින්, ඇවිදිමින්, හිඳගෙන සිටිමින් හෝ වැතිර සිටිමින් හෝ් අලසව නින්දේ නොසිටින තාක්කල් මේ මෙත් සිත පවත්වාගත යුතුය. එය මෙම ශාසනයෙහි උත්තම වාසය යැයි කියනු ලැබේ. ශීලවන්තයා මිථ්‍යා දෘෂ්ඨියට නොපැමිණ නිවැරදි දර්ශනයෙන් යුක්ත වූයේ වස්තුකාම ක්ලේෂකාමයන්හි ගිජු බව සම්පූර්ණයෙන් නසා (කාමේසු විනෙය්‍ය ගේධං) නැවත මව්කුස පිළිසිඳ ගැනීමකට නොඑයි. (නහිජාතු ගබ්බසෙය්‍යං පුනරේතීති)

නිවණ නමැති ශාන්ත සුවය අපේක්‍ෂා කරන්නෝ නියත මෛත්‍රී ගුණයෙන් යුක්ත විය යුතුය. අප බෝසතාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කිරීමේ දී බොහෝ පාරමිතා තුළ මුඛ්‍ය ගුණය බවට පත්වූයේ ද මෛත්‍රියයි. ක්ෂාන්ති පාරමිතාව සම්පූර්ණයෙන්ම මෛත්‍රිය තුළ පිහිටි ක්‍රියාකාරකම් සමූහයක් බව නොකිවමනාය. සූත්‍රය ආරම්භ කරන්නේද මෛත්‍රිය සෘජුවම නිවණට හේතුවන බව දේශනා කරමිනි.

කරණීයමත්ත කුසලේන
යංතං සන්තං පදං අභිසමෙච්ච

ශාන්ත වූ තත්ත්වයයි කියන ලද ඒ නිවනට පැමිණ විසීමට කැමැති අභිවෘද්ධියෙහි උනන්දුවන දක්‍ෂයා විසින් මෙම මෙත් වැඩීම කළ යුතු බවයි. මෙම සූත්‍ර දේශනාව තුළින් මෙත් වැඩීමේ ආනිසංස දැනගත හැකිවාසේම බෞද්ධ දර්ශනයෙහි යථාවාදී බව ප්‍රකට කරන්නකි. විශේෂයෙන් අප්පකිච්චෝ ආදී ගුණත් සන්තින්ද්‍රියෝච වශයෙන් ඉන්ද්‍රිය දමනය කිරීම පිළිබඳ ගැඹුරු පණිවිඩයක් ලබාදෙයි. සංකීර්ණ ජීවිතයට හුරුවීම තුළ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කර ගැනීම පහසු නොවේ. එය ප්‍රායෝගික තත්ත්වයකි. තම කෘත්‍යයන් වැඩි වූ විට කෙසේ හෝ එම කාර්යය සාධනය කර ගැනීමට පෙලඹීම සාමාන්‍ය තත්ත්වයකි. එවන් පරිසරයක් තුළ ප්‍රායෝගිකව මෙත් වැඩීමට බාධාගෙන දේ. එහෙයින් බොහෝ විට අල්ප කටයුතුවලින් යුක්ත විය හැකි නම් මෙත් වැඩීම සාර්ථකව කළ හැකි ය.

ඉන්ද්‍රිය නොදැමුවෙකුට ද මෙත් වැඩීම දුෂ්කර කාර්යකි. එහෙයින් මනාව දමනය කරන ලද ඉන්ද්‍රියෙන් යුක්තවීම අත්‍යවශ්‍ය කාරණයකි. ඇසින් දකින රූප, කනින් අහන ශබ්ද නිසා ද්වේෂ සහගත සිතිවිලි ඇති කරන්නේ නම් මෛත්‍රිය ප්‍රායෝගික නොවේ. එහෙයින් ඉහත දක්වන ලද ගුණ දාහතරෙන්ම යුක්ත වීම ඉතා වැදගත් ය. එම පදනම මත සිටිමින් යමෙක් ඉතිරි කාරණාවන්ට අනුව හිත සාදාගන්නේ නම් එය මහත් ලාභයක් වනු ඇත. ඒ සඳහා කාලයක් නැති බව “තිට්ඨං චරං නිසින් නෝවා, සයා නෝවා” ආදී පාඨයෙන් පැහැදිලි වේ. සිටගෙන ඇවිදිමින්, හිඳ ගනිමින්, නිදියමින් මෙම කාර්ය කළ හැකි ය. ඒ සඳහා චිත්ත සමාධිය ඇතිකරගැනීම අවශ්‍යය. මෙය භාවනාවක් ලෙස පුරුදු කරමින් ජීවිතය ධාර්මිකව පවත්වාගෙන යාමට ඔබ සැමට සියලු ශක්තිය ලැබේවා.

සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා!


ගත්තේ.. -http://www.lakehouse.lk/budusarana/2012/11/13/tmp.asp?ID=vision03
 
Last edited:

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    මාථා යථා නියං පුත්තං
    ආයුසා ඒකපුත්ත මනුරක්ඛේ
    ඒවම්පි සබ්බභූතේසු
    මානසං භාවයේ අපරිමාණං
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මෙදෙකින් මෙසසර දුක් දුර ලන්නේ
    සුදනෙනි කිම වීරිය නො කරන්නේ
     

    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    GOod POst

    මාථා යථා නියං පුත්තං
    ආයුසා ඒකපුත්ත මනුරක්ඛේ
    ඒවම්පි සබ්බභූතේසු
    මානසං භාවයේ අපරිමාණං

    මෙදෙකින් මෙසසර දුක් දුර ලන්නේ
    සුදනෙනි කිම වීරිය නො කරන්නේ

    pin sidha wewa.

    Rep +4


    සුවපත් වේවා ...!
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    Bump :). For the benefit of others,

    This is what should be done

    By one who is skilled in goodness,
    And who knows the path of peace:
    Let them be able and upright,
    Straightforward and gentle in speech.
    Humble and not conceited,
    Contented and easily satisfied.
    Unburdened with duties and frugal in their ways.
    Peaceful and calm, and wise and skillful,
    Not proud and demanding in nature.
    Let them not do the slightest thing
    That the wise would later reprove.

    Wishing: In gladness and in saftey,
    May all beings be at ease.
    Whatever living beings there may be;
    Whether they are weak or strong, omitting none,
    The great or the mighty, medium, short or small,
    The seen and the unseen,
    Those living near and far away,
    Those born and to-be-born,
    May all beings be at ease!

    Let none deceive another,

    Or despise any being in any state.
    Let none through anger or ill-will
    Wish harm upon another.

    Even as a mother protects with her life
    Her child, her only child,
    So with a boundless heart
    Should one cherish all living beings:
    Radiating kindness over the entire world
    Spreading upwards to the skies,
    And downwards to the depths;
    Outwards and unbounded,
    Freed from hatred and ill-will.
    Whether standing or walking, seated or lying down
    Free from drowsiness,
    One should sustain this recollection.
    This is said to be the sublime abiding.

    By not holding to fixed views,
    The pure-hearted one, having clarity of vision,
    Being freed from all sense desires,
    Is not born again into this world.
    :)

    http://dharma.ncf.ca/introduction/sutras/metta-sutra.html

    http://www.accesstoinsight.org/tipitaka/kn/snp/snp.1.08.than.html