මෙත් සිතින්ම වාසය කරමු…

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ~
    🌸
    °
    🌸
    °
    🌸
    °
    🌸
    °
    🌸
    °
    🌸
    °
    🌸
    °
    🌸
    ~
    අපට පේන අප දකින අපට මුණ ගැසෙන සෑම කෙනෙක්ම සුවපත් වේවා කියලා හිතන්න පුරුදු වෙමු. ජාති - ආගම්, කුල - මල, උස් - පහත්, ධන - නිර්ධන, පන්ති භේද, පක්ෂ භේද නැතුව හැමෝම සුවපත් වේවා කියලා හිතමු.
    🌸
    🌸
    🌸
    🌸
    🌸
    ___________
    අන් අය සුවපත් වේවා කියලා සිතන ඒ මෙත් සිත අපට සුවසේ ඉන්න උදව් කරනවාමයි. සියළුම දෙනාට සුවපත් වේවා කියලා සිතන වාරයක් පාසා තමන්ද සුවපත් වෙනවාමයි.
    එය දිනක පාරාවළල්ලක් වී තමන් වෙතම පැමිණේවි.
    🌸
    🌸
    🌸
    🌸
    🌸
    __________
    මොකද අපට යනකොට අරගෙන යන්න දෙයක් නෑ. මේ හැමදේම දාලයි යන්න වෙන්නෙ.
    🌿
    🌺
    🌿

    🌺
    "සබ්බං පහාය ගමනීයං"
    🌿

    🌿
    "සියල්ල හැරදා යා යුතුයි "
    🌺

    🌿
    🌺
    🌿

    එනිසා මෙත් සිතින්ම වාසය කරමු. ඉරිසියාව වෛරය සිත් වලින් බැහැර කරමු. සුවසේ නිවන් සැප ලබා ගනු පිණිස නම් අප මෙත් සිතින් වාසය කල යුතුමයි. මෛත්‍රිය පතුරන පුද්ගලයාට ලැබෙන ආනිසංස කියලා නිම කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ වදාලා,
    "මහණෙනි !"
    යමෙකු පෙරවරු මහා බත්සැළි සියයක් දන්
    දෙයි ද මද්දහනෙහි මහා බත්සැළි සියයක් දන්
    දෙයි ද සවස් භාගයෙහි මහ බත්සැළි සියයක්
    දන් දෙයි ද, !
    🌸
    🌸
    🌸
    🌸
    _________
    යමෙක් පෙරවරු කිරි දෝනා දෙන ගේ තනපුඩු
    වරක් අදින තරම් වේලාවක් මෙත් සිත වඩයි.
    මද්දහනෙහි ද සවස ද එසේම මෙත්සිත වඩයිද
    මහණෙනි මෙය ඒ දානයට වඩා මහත් ඵල මහානිශංසය"!
    🌸
    🌸
    🌸
    🌸
    ________
    ´
    [
    🌸
    ~ඔක්ඛාසත සූත්‍රය~
    🌸
    ]
    ලොව සෑම සත්වයෙකුගේම සිත් තුල මෙත් සිතුවිලිම පහල වේවා !
    ලොව සෑම සත්වයෙකුම,
    සුවපත් වේවා !
    සුවපත් වේවා !
    සුවපත්ම වේවා !!
    🌸
    🌸
    🌸
    🌸
    ______