මෙත් සිතේ අනුසස්...

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    මෙත් සිතේ අනුසස්...

    පින්වත් මිතුරනි,

    මෛත්‍රීය වැඩීමේ අනුසස් 11ක්, මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වෙනවා.
    (මෙය උපුටා ගත්තේ මහමෙව්නාවේ පිරුවාණා පොත් වහන්සේ ගෙන්)

    මේවා බොහෝමයක් මෙත් සිත වැඩීමෙන්, ඉතා පහසුවෙන් ම, තමා තුළින් ම අත් දකින්න පුළුවන්..

    ---------------------------------------------------------------

    මෙත්තතානිසංස සුත්තං

    (මෙත් පැතිරවීමේ අනුසස් ගැන වදාළ දෙසුම)

    ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස
    ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.


    මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි යි කියා භික්ෂූන් වහන්සේලා අමතා වදාළ සේක. පින්වතුන් වහන්සැ යි කියා ඒ භික්ෂූන් වහන්සේලා ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නාහු ය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනය වදාළ සේක.

    මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය. ඒකාදසානිසංසා පාටිකංඛා.

    පින්වත් මහණෙනි, නිතර සේවනය කරන ලද්දා වූ, ප්‍රගුණ කරන ලද්දා වූ, බහුල වශයෙන් වඩන ලද්දා වූ, යානාවක් මෙන් පුහුණු කරන ලද්දා වූ, මූලික අරමුණක් ලෙස පවත්වන ලද්දා වූ, සිතෙහි පිහිටුවා ගෙන සිටින ලද්දා වූ පුරුදු පුහුණු කරන ලද්දා වූ, ඉතා හොඳින් අරඹන ලද්දා වූ මෛත්‍රී චිත්ත සමාධිය නිසා එකොළොසක් වූ ආනිසංස ධර්මයන් කැමති විය යුත්තේ ය.

    කතමේ ඒකාදස?

    ඒ අනුසස් එකොළහ නම් කුමක් ද?

    1. සැප සේ නිදන්නේ ය. (සුඛං සුපති)
    2. සැප සේ අවදි වන්නේ ය. (සුඛං පටිබුජ්ඣති)
    3. පව් සිහින නො දකින්නේ ය. (න පාපකං සුපිනං පස්සති)
    4. මිනිසුන් හට ප්‍රිය මනාප වන්නේ ය. (මනුස්සානං පියෝ හෝති)
    5. අමනුෂ්‍යයින් හට ද ප්‍රිය මනාප වන්නේ ය. (අමනුස්සානං පියෝ හෝති)
    6. දෙවියන් ගේ රැකවරණ ලැබෙන්නේ ය. (දේවතා රක්ඛන්ති)
    7. ගින්නෙන් හෝ වස විසෙන් හෝ අවි ආයුධයෙන් හෝ ඔහු හට අනතුරු නො වන්නේ ය. (නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති)
    8. ඔහු ගේ සිත ද වහා සමාධිගත වන්නේ ය. (තුවටං චිත්තං සමාධියති)
    9. මුහුණේ පෙනුම ද ඉතා පැහැපත් වන්නේ ය. (මුඛවණ්ණෝ විපස්සීදති)
    10. සිහි මුළා නො වී කලුරිය කරන්නේ ය. (අසම්මූළ්හෝ කාලං කරෝති)
    11. ඉහළ මාර්ග-ඵල අවබෝධයක් ලබා ගත නො හැකි වූවෝතින් බඹලොවෙහි උපත ලබන්නේ ය. (උත්තරිං අප්පටිවිජ්ඣන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති)
    මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය. ඉමේ ඒකාදසානිසංසා පාටිකංඛා.

    පින්වත් මහණෙනි, නිතර සේවනය කරන ලද්දා වූ, ප්‍රගුණ කරන ලද්දා වූ, බහුල වශයෙන් වඩන ලද්දා වූ, යානාවක් මෙන් පුහුණු කරන ලද්දා වූ, මූලික අරමුණක් ලෙස පවත්වන ලද්දා වූ, සිතෙහි පිහිටුවා ගෙන සිටින ලද්දා වූ, පුරුදු පුහුණු කරන ලද්දා වූ, ඉතා හොඳින් අරඹන ලද්දා වූ, මෛත්‍රී චිත්ත සමාධිය නිසා එකොළොසක් වූ ආනිසංස ධර්මයන් කැමති විය යුත්තේ ය.

    ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

    භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිතින් යුතු ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දා වූ මේ ශ්‍රී සද්ධර්මය මහත් සොම්නසින් යුතු ව පිළිගත්තාහු ය.

    ඒතේන සච්චේන සුවත්ථි හෝතු
    මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා !

    ---------------------------------------------------------------
    තෙරුවන් සරණයි!
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ආගම් භේදයකින් තොරව ඕනෙම කෙනෙකුට කරන්න පුලුවන් මෛත්‍රිය වඩන එක. මෛත්‍රී භාවනාව වඩන ආකාරය ගැනත් විස්තරයක් දාන්නකො. බොහොම පින්.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ආගම් භේදයකින් තොරව ඕනෙම කෙනෙකුට කරන්න පුලුවන් මෛත්‍රිය වඩන එක. මෛත්‍රී භාවනාව වඩන ආකාරය ගැනත් විස්තරයක් දාන්නකො. බොහොම පින්.

    :yes::yes:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පින්වත් මිතුරනි,




    ගින්නෙන් හෝ වස විසෙන් හෝ අවි ආයුධයෙන් හෝ ඔහු හට අනතුරු නො වන්නේ ය. (නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති)
    ---------------------------------------------------------------
    තෙරුවන් සරණයි!


    mata mathana therun ne....meth weduwama, gini anathuru walakina widiya kiyala denna puluwanida...:)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අහං අවේරෝ හෝමි - මම වෛර නැත්තෙක් වෙම්වා..
    අබ්‍යාපජ්ඣෝ හෝමි - තරහ නැත්තෙක් වෙම්වා..
    අනීඝෝ හෝමි - දුක් පීඩා නැත්තෙක් වෙම්වා..
    සුඛී අත්තානං පරිහරාමි - සුවසේ ජීවත් වෙම්වා..

    අහං විය මය්හං - මා මෙන් ම මාගේ,

    ආචරිඋපජ්ඣායා - ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ද,
    මාතා පිතරෝ - මව් පියවරු ද,
    හිත සත්තා - හිතවත් සත්වයෝ ද,
    මජ්ඣත්තික සත්තා - මැදහත් සත්වයෝ ද,
    වේරීසත්තා - වෛරී සත්වයෝ ද,

    අවේරා හොන්තු - වෛර නැත්තෝ වෙත්වා,
    අබ්‍යාපජ්ඣා හොන්තු - තරහ නැත්තෝ වෙත්වා..
    අනීඝා හොන්තු - දුක්පීඩා නැත්තෝ වෙත්වා..
    සුඛී අත්තානං පරිහරන්තු - සුවසේ ජීවත් වෙත්වා..
    දුක්ඛා මුච්චන්තු - දුකින් මිදෙත්වා..
    යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු - ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
    කම්මස්සකා - කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

    ඉමස්මිං විහාරේ - මේ විහාරයේ සිටින,
    ඉමස්මිං ගෝචර ගාමේ - මේ ගොදුරු ගමෙහි සිටින,
    ඉමස්මිං නගරේ - මේ නගරයේ සිටින,
    ඉමස්මිං ලංකාදීපේ - මේ ලංකාදීපයේ සිටින,
    ඉමස්මිං ජම්බුදීපේ - මේ දඹදිව් තලයේ සිටින,
    ඉමස්මිං චක්කවාළේ - මේ සක්වලෙහි සිටින,

    ඉස්සර ජනා - අධිපති ජනයෝ,
    සීමට්ඨක දේවතා - සීමා වාසී දෙවිවරු,
    සබ්බේ සත්තා - සියලු සත්වයෝ,

    අවේරා හොන්තු - වෛර නැත්තෝ වෙත්වා,
    අබ්‍යාපජ්ඣා හොන්ත - තරහ නැත්තෝ වෙත්වා..
    අනීඝා හොන්තු - දුක්පීඩා නැත්තෝ වෙත්වා..
    සුඛී අත්තානං පරිහරන්තු - සුවසේ ජීවත් වෙත්වා..
    දුක්ඛා මුච්චන්තු - දුකින් මිදෙත්වා..
    යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු - ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
    කම්මස්සකා - කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

    පුරත්ථිමාය දිසාය - නැගෙනහිර දිශාවේ සිටින,
    දක්ඛිණාය දිසාය - දකුණු දිශාවේ සිටින,
    පච්ඡිමාය දිසාය - බටහිර දිශාවේ සිටින,
    උත්තරාය දිසාය - උතුරු දිශාවේ සිටින,
    පුරත්ථිමාය අනුදිසාය - නැගෙනහිර අනුදිශාවේ සිටින,
    දක්ඛිණාය අනුදිසාය - දකුණු අනුදිශාවේ සිටින,
    පච්ඡිමාය අනුදිසාය - බටහිර අනුදිශාවේ සිටින,
    උත්තරාය අනුදිසාය - උතුරු අනුදිශාවේ සිටින,
    හෙට්ඨිමාය දිසාය - යට දිසාවේ සිටින,
    උපරිමාය දිසාය - උඩ දිසාවේ සිටින,

    සබ්බේ සත්තා - සියලු සත්වයෝ,
    සබ්බේ පාණා - සියලු ප්‍රාණීන්,
    සබ්බේ භූතා - සියලු භූතයෝ,
    සබ්බේ පුග්ගලා - සියලු පුද්ගලයෝ,
    සබ්බේ අත්තභාවපරියාපණ්ණා - ජීවිතයක් ලබා ගත් සියලු සත්වයෝ,
    සබ්බා ඉත්ථියෝ - සියලු ස්ත්‍රීන්,
    සබ්බේ පුරිසා - සියලු පුරුෂයෝ,
    සබ්බේ අරියා - සියලු ආර්යයෝ,
    සබ්බේ අනරියා - සියලු අනාර්යයෝ,
    සබ්බේ දේවා - සියලු දෙවියෝ,
    සබ්බේ මනුස්සා - සියලු මනුෂ්‍යයෝ,
    සබ්බේ අමනුස්සා - සියලු අමනුෂ්‍යයෝ,
    සබ්බේ විනිපාතිකා - සියලු අපායවාසී සත්වයෝ,

    අවේරා හොන්තු - වෛර නැත්තෝ වෙත්වා,
    අබ්‍යාපජ්ඣා හොන්තු - තරහ නැත්තෝ වෙත්වා..
    අනීඝා හොන්තු - දුක්පීඩා නැත්තෝ වෙත්වා..
    සුඛී අත්තානං පරිහරන්තු - සුවසේ ජීවත් වෙත්වා..
    දුක්ඛා මුච්චන්තු - දුකින් මිදෙත්වා..
    යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු - ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
    කම්මස්සකා - කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

    සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු - සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!
    සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු - සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!
    සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු - සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!!
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    mata mathana therun ne....meth weduwama, gini anathuru walakina widiya kiyala denna puluwanida...:)

    පින්වත් මිතුර, ඒක වෙන හැටි මටත් තේරෙන්නේ නෑ.
    වෙන්න පුළුවන්/ බෑ වගේ ඒවා ලෝක විෂයට අයිති දේවල් නේ; අපට කරුණු ගලපා වටහා ගන්න බෑ...

    යානාවක් වගේ මෛත්‍රිය වඩනවා කියන්නේ සමාධිය ඉහළටම දියුණු කර අවස්ථාවක්...
    මට ඒ සම්බන්ධයෙන් අත්දැකීම් නෑ.. මම බොහොම ආධුනිකයෙක්... ඉතින් මට එය ගැන අදහසක් හිතා ගන්න බෑ...

    හැබැයි මට මතකයි, එක කථාවක ආර්ය ශ්‍රාවිකාවකගේ (එයාගේ නම මතක නෑ, මතක් වුණොත් post කරන්නම්) ඇඟේ කෙනෙක් උණු තෙල් හලනවා, මෛත්‍රී ධ්‍යානයට සමවැදී මෙන් පිච්චෙන්නේ නැතිව බේරෙනවා. ඒත් ඒක හැමෝටම පොදු යැයි නිගමනයකට එන්න බෑ නේ...

    තෙරුවන් සරණයි!
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    අහං අවේරෝ හෝමි - මම වෛර නැත්තෙක් වෙම්වා..
    අබ්‍යාපජ්ඣෝ හෝමි - තරහ නැත්තෙක් වෙම්වා..
    අනීඝෝ හෝමි - දුක් පීඩා නැත්තෙක් වෙම්වා..
    සුඛී අත්තානං පරිහරාමි - සුවසේ ජීවත් වෙම්වා..

    අහං විය මය්හං - මා මෙන් ම මාගේ,

    ආචරිඋපජ්ඣායා - ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ද,
    මාතා පිතරෝ - මව් පියවරු ද,
    හිත සත්තා - හිතවත් සත්වයෝ ද,
    මජ්ඣත්තික සත්තා - මැදහත් සත්වයෝ ද,
    වේරීසත්තා - වෛරී සත්වයෝ ද,
    ...
    ...
    ...

    සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු - සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!
    සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු - සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!
    සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු - සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!!

    සාදු! සාදු!! සාදු!!!
    බොහොම පින් පලකළාට... :)
    මහමෙව්නාවේ පින්වත් ස්වාමීන්වහන්සේලා දන් පැන් පිළිගෙන, දායක පිරිසට පින් අනුමෝදන් කරන්න කලින්,
    මෙසේ (පාලි බසින්) මෙත් වැඩීම කරන බව අහල තියෙනවා...

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පින්වත් මිතුර, ඒක වෙන හැටි මටත් තේරෙන්නේ නෑ.
    වෙන්න පුළුවන්/ බෑ වගේ ඒවා ලෝක විෂයට අයිති දේවල් නේ; අපට කරුණු ගලපා වටහා ගන්න බෑ...

    යානාවක් වගේ මෛත්‍රිය වඩනවා කියන්නේ සමාධිය ඉහළටම දියුණු කර අවස්ථාවක්...
    මට ඒ සම්බන්ධයෙන් අත්දැකීම් නෑ.. මම බොහොම ආධුනිකයෙක්... ඉතින් මට එය ගැන අදහසක් හිතා ගන්න බෑ...

    හැබැයි මට මතකයි, එක කථාවක ආර්ය ශ්‍රාවිකාවකගේ (එයාගේ නම මතක නෑ, මතක් වුණොත් post කරන්නම්) ඇඟේ කෙනෙක් උණු තෙල් හලනවා, මෛත්‍රී ධ්‍යානයට සමවැදී මෙන් පිච්චෙන්නේ නැතිව බේරෙනවා. ඒත් ඒක හැමෝටම පොදු යැයි නිගමනයකට එන්න බෑ නේ...

    තෙරුවන් සරණයි!

    meth weduwama kusal sith, sihiya athiweema nisa anathuru walakeema wenna puluwan ne...

    anathurak wunath eeka wena welawe lobha, desha, moha wage akusal nathi nisa hithe, eeka sugathiyata balapanawa neh...ehema wenna puluwan...:)
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පින්වත් මිතුරනි,

    මෛත්‍රීය දෙ ආකාරයකින් වඩන හැටි බුදු රජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.
    1. මහග්ගත චේතෝ විමුක්තිය
    2. අප්‍රමාණ චේතෝ විමුක්තිය

    පින්වත්
    ela_eluwa120 මිතුරා විසින් දක්වා තිබූ භාවනාවේ ත් ඒ දෙකම අඩංගු වුණා.

    පහත තිබෙන්නේත් එවැන්නක්.. ඒකත්, මහමෙව්නාවේ (පින්වත් කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ) හඬ පටයකින් උපුටා ගනු ලැබූ එකක්...

    තෙරුවන් සරණයි!

    ------------------------------------------------

    මෛත්‍රී භාවනාව


    1. මම...
    වෛර නැත්තෙක් වෙම් වා!
    තරහ නැත්තෙක් වෙම් වා!
    ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම් වා!
    දුක් පීඩා නැත්තෙක් වෙම් වා!
    සුව සේ ජීවත් වෙම් වා!
    ශාන්ත සුවයට පත් වෙම් වා!

    2. මා මෙන් ම...
    මේ අසපුවේ /නිවසේ සිටින
    සියළුම සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    3. මේ ගමේ සිටින
    සියළුම සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    4. මේ නගරයේ සිටින
    සියළුම සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    5. මේ පළාතේ සිටින
    සියළුම සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    6. මේ රටේ සිටින
    සියළුම සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    7. මේ ලෝකයේ සිටින
    සියළුම සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    8. සියළුම සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    9. තැති ගන්නා වූ
    සියළුම සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    10. තැති නො ගන්නා වූ
    සියළුම සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48

    11. මහා සිරුරු ඇති
    සියළුම සත්වයෝ ද...
    දිග සිරුරු ඇති
    සියළුම සත්වයෝ ද...
    මධ්‍යම සිරුරු ඇති
    සියළුම සත්වයෝ ද...
    කුඩා සිරුරු ඇති
    සියළුම සත්වයෝ ද...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    12. පෙනෙන්නා වූ
    සියළුම සත්වයෝ ද...
    නො පෙනෙන්නා වූ
    සියළුම සත්වයෝ ද...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    13. දුර සිටින්නා වූ
    සියළුම සත්වයෝ ද...
    ළඟ සිටින්නා වූ
    සියළුම සත්වයෝ ද...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    14. කිසිවෙක් කිසිවෙකු ට
    වෛර නොකරත් වා!
    කිසිවෙක් කිසිවෙකු ට
    අවමන් නොකරත් වා!
    කිසිවෙක් කිසිවෙකු ට
    හිංසා නොකරත් වා!
    සියල්ලෝ ම සියල්ලන් ගේ ම
    සැප කැමති වෙත් වා!
    එක දරුවකු ඇති මවක සේ
    සියළුම සත්වයන් කෙරෙහි
    අපමණ මෙත් සිත පතුරත් වා!

    15.
    වාඩි වී සිටින විට ද...
    සක්මන් කරන විට ද...
    සැතපී සිටින විට ද...
    නො නිදා සිටින විට ද...
    අපමණ ලෙස
    මෙත් සිත පතුරත් වා...

    සියළුම සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48

    16. උතුරු දිසාවේ සිටින්නා වූ
    අප්‍රමාණ සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    17. උතුරු අනු දිසාවේ සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    18. නැගෙනහිර දිසාවේ සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    19. නැගෙනහිර අනු දිසාවේ
    සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    20. දකුණු දිසාවේ සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    21. දකුණු අනු දිසාවේ සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    22. බටහිර දිසාවේ සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    23. බටහිර අනු දිසාවේ සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    24. උඩ දිසාවේ සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    25. යට දිසාවේ සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    26. මේ දස දිසාවේ සිටින්නා වූ
    පමණ කළ නොහැකි
    සියළුම සත්වයෝ
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    27. සියළුම සත්වයෝ
    වෛර නැත්තෝ වෙත් වා!
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    සාදු! සාදු! සාදු!
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    අනේ කල්යානමිත්‍ර
    කොහොමද බාවනා කරන්න්නේ ..මට කකුල් හරහට දාල වාඩිවෙලා පුරුදු නැහැ..

    අනිත් එක මේ වගෙ දිග ලැයිස්තුවක් මතක තියා ගන්නේ කොහොමද... එතකොට හිත එක්තැනක තියාගන්න බැහැ නේද්?

    පොඩි පොඩි අවවාද ටිකක් දුන්නොත් හොඳයි.
    ස්තුතියි..හුඟක්ම.
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    අනේ කල්යානමිත්‍ර
    කොහොමද බාවනා කරන්න්නේ ..මට කකුල් හරහට දාල වාඩිවෙලා පුරුදු නැහැ..

    අනිත් එක මේ වගෙ දිග ලැයිස්තුවක් මතක තියා ගන්නේ කොහොමද... එතකොට හිත එක්තැනක තියාගන්න බැහැ නේද්?

    පොඩි පොඩි අවවාද ටිකක් දුන්නොත් හොඳයි.
    ස්තුතියි..හුඟක්ම.

    පින්වත් මිතුර, ගොඩක් උපදෙස් දෙන්න මම දන්නෙත් නෑ...
    නිසි උපදෙස් තිබෙන පොතක් සොයා දෙන්න බලමු...
    එතෙක් මේ ටික මතක තියා ගන්න කො...
    ---------------------------------------

    මෛත්‍රී භාවනාව ඕනේම ඉරියව්වකින් කරන්න පුළුවන් (නොනිදා සැතපී ඉන්න කොටත්);
    දැනට පහසු, නින්ද නොයන, විදිහකට වාඩි වෙන්න කෝ...

    මේ වචන වලින් කරන්න ම ඕනෙ නෑ... භාවනාවේ වැදගත් කම මෙත් සිත ක්‍රමාණුකූලව පැතිරවීම නේ...

    ඒ ලැයිස්තුව දිග වගේ සිතුනට, ටිකක් හොඳින් බැලුවොත් රටාවක් පෙනේවී...

    මූලික වශයෙන් මෙන්න මේ ටික තමා වඩන්නේ...


    වෛර නැත්තෝ වෙත් වා
    !
    තරහ නැත්තෝ වෙත් වා!
    ඊර්ෂ්‍යා නැත්තෝ වෙත් වා!
    දුක් පීඩා නැත්තෝ වෙත් වා!
    සුව සේ ජීවත් වෙත් වා!
    ශාන්ත සුවයට පත් වෙත් වා!

    මුලින් මහග්ගත ලෙස...
    (තමාගෙන් පටන් ගන්න, ක්‍රමයෙන් මුළු ලෝක සියල්ලටම...)

    1.) ඔබෙන් පටන් ගන්න

    "මම වෛර නැත්තෙක් වෙම් වා... (මම වෙත් වා කියන්නෙ නෑ නේ)
    තරහ නැත්තෙක් වෙම් වා
    ...
    ...
    ශාන්ත සුවයට පත් වෙත් වා!" ලෙස.

    2.) ඊට පස්සෙ ඔබ අවට
    - ගෙදර නම් ඉන්නේ
    "මේ නිවසේ සිටින සියලුම සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා
    තරහ නැත්තෝ වෙත් වා
    ...
    ...
    ශාන්ත සුවයට පත් වෙත් වා!" ලෙස.

    - බස් එකේ යන කොට නම්...
    "මේ බසයේ සිටින සියලුම සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා
    තරහ නැත්තෝ වෙත් වා
    ...
    ...
    ශාන්ත සුවයට පත් වෙත් වා!" ලෙස.

    දැක්කද පාඩම් කරන දෙයක් නොවේ...
    අපි කරන්නේ මෛත්‍රිය මහග්ගත ව වඩන එක;
    තමා ඉන්න තැන අනුව, සිහිකල්පනාවෙන් යුක්තව ක්‍රමයෙන් පරාසය වැඩි කරන්න...

    3.) ඊ ළඟට නිවස අවට ප්‍රදේශය පුළුවන් (වෙන තැනක නම් ඉන්නෙ, අදාළ විදිහට වෙනස් කර ගන්න...)
    4.) ඊ ළඟට ගම/නගරය පුළුවන්
    5.) ඊට පස්සෙ පළාත පුළුවන්..
    6.) රට..
    7.) ලෝකය...
    8.) සියළුම ලෝක..


    9.) ඊට වඩා පුළුල් කරන්න බෑ නේ;
    දැන් මෙහෙම වඩන්න...

    "සියලුම සත්වයෝ...
    වෛර නැත්තෝ වෙත් වා
    තරහ නැත්තෝ වෙත් වා
    ...
    ...
    ශාන්ත සුවයට පත් වෙත් වා!" ලෙස.

    10.) ඉන් අනතුරුව

    තැති ගන්නා වූ...
    තැති නොගන්නා වූ...
    මහා සිරුරු ඇති...
    මධ්‍යම සිරුරු ඇති..
    කුඩා සිරුරු ඇති..
    පෙනෙන..
    නොපෙනෙන...
    දුර සිටින..
    ළඟ සිටින..

    වගේ සියළුම සත්වයන් අහු වෙන කාණ්ඩ වශයෙන් සිත යොමු කරන්න පුළුවන්..
    (ඉහත කාණ්ඩ කරණිය මත්ත සූත්‍රයේ තිබෙනවා)


    මෙහෙම පුළුල් කරන විට... සිතේ කා ගැනවත් තරහක් නැති බව පෙනේවි..
    තරහක් මතක් වුණොත් ඒ කෙනා ගැන සිහි කරල වඩන්න පුළුවන්...

    එසේ මෙත් සිත සිත් සේ, නොයෙක් ලෙස, යොමුකරමින් පවත්වා ගන්න පුළුවන්..

    ඊළඟට අප්‍රමාණ ලෙස වඩන්න පුළුවන්...

    11.) ඒකෙදි ප්‍රමාණයක් සිතට ගන්නේ නෑ...
    යම් දිසාවක් (උදා: උතුර) සිහි කරල එහි ඉන්නා තාක් සියලු සත්වයන් සිහි කර මෙත් සිත වඩන්න පුළුවන්... (ඒ කියන්නේ, සිතට සීමාවක් ගන්නේ නෑ...)

    එසේ දස දිසාව ටම මෙත් සිත යොමු කරන්න පුළුවන්...

    උතුරු දිශාව
    උතුරු අනු දිශාව (ඊසාන)
    නැගෙනහිර දිශාව
    නැගෙනහිර අනු දිශාව (ගිනිකොණ)
    දකුණු දිශාව
    දකුණු අනු දිශාව (නිරිත)
    බටහිර දිශාව
    බටහිර අනු දිශාව (වයඹ)
    උඩ දිශාව
    යට දිශාව

    තෙරුවන් සරණයි!
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අහං අවේරෝ හෝමි - මම වෛර නැත්තෙක් වෙම්වා..
    අබ්‍යාපජ්ඣෝ හෝමි - තරහ නැත්තෙක් වෙම්වා..
    අනීඝෝ හෝමි - දුක් පීඩා නැත්තෙක් වෙම්වා..
    සුඛී අත්තානං පරිහරාමි - සුවසේ ජීවත් වෙම්වා..

    අහං විය මය්හං - මා මෙන් ම මාගේ,
    ....................................

    සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු - සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!
    සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු - සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!
    සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු - සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!!

    බොහොම පින්.
    අසපුවේ ස්වාමින්වහන්සේලා දන් පිළි අරන් ආශීර්වාද කරන්නෙ මෙහෙමයි.

    මං හිතන්නෙ මේ පාඨය අපට මග පෙන්වීමක්. 'තරහ නැත්තෙක් වෙම්වා' කිව්වට එහෙම වෙන්නෙ නෑ නෙ. එහෙම නොවෙන තැනට කටයුතු කරන්න ඕනෙ. කළ්‍යානමිත්‍ර කියල තිබුණ වගේ තරහ යාමේ හේතු, අනීත්‍යතාවය, ආදීනව, අනාත්ම බව මෙනෙහි කරල.
    භය, දුක් පීඩා නැති වෙන්නෙත් ආර්ය අෂ්යාංගික මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයාටනෙ. නිතර මේ විදිහට මෙනෙහි කරනවිට තරහක්, දුකක්, භයක් ඇති වෙනකොටත් මේ පාඨ සිහි වෙනවා.:rofl:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    mata mathana therun ne....meth weduwama, gini anathuru walakina widiya kiyala denna puluwanida...:)

    සිංහබාහු කතාවෙත් කියන්නෙ ඕකනෙ- සිංහයට පළමු දෙවතාවෙ ඊතල නොවැදුනෙ සිංහබාහු කෙරේ මෛත්‍රියෙන් හිටි නිසා කියල.
    මට හිතෙන්නෙ මේකෙන් අදහස් කරන්නෙ මෛත්‍රීසහගත සිතින් සිටින කෙනෙකුට හිංසාවක් වෙද්දි, වෛරය, තරහ වගේ කෙලෙස් ඇති නොවීම, අනේ ඇයි මට මෙහෙම වුණේ කියල ශෝක නොකිරීම වගේ දේවල් වෙන්න ඕනෙ. එහෙම නැතුව අනතුරු සිදු නොවෙනව කියන එක වාච්‍ය අර්ථයෙන් ගත්තනම්, අර බෝසත් තාපසයෙකුගෙ (මට මතක හැටිය ක්ෂාන්තිවාදී තාපස තුමා) ඉවසීම, මෛත්‍රිය පිරික්සන්න අත පය කපනකොට නොකැපී තියෙන්න එපායැ.

    සාමාවතී බිසවගෙ කතාවෙත් ඇය ගින්නෙන් දැවී මළ නමුත් නොමළා හා සමානයි කිව්වෙ මෛත්‍රී සහගත සිතින් යුතුව කෙලෙස් මර්ධනය කළ නිසානෙ.
     
    Last edited:

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    බොහොම පින්.
    අසපුවේ ස්වාමින්වහන්සේලා දන් පිළි අරන් ආශීර්වාද කරන්නෙ මෙහෙමයි.

    මං හිතන්නෙ මේ පාඨය අපට මග පෙන්වීමක්. 'තරහ නැත්තෙක් වෙම්වා' කිව්වට එහෙම වෙන්නෙ නෑ නෙ.

    බොහොම පින් මිතුර :)

    මෙහි 'තරහ නැත්තෙක් වෙම්වා' කියන එකේ අරුතක් තියෙනවා නේ ද.

    හොඳක් වෙන්න කියා හිතන කොට තමා ගැන හෝ අනුන් ගැන, ඒ කෙනා කෙරෙහි මිතුරු බවක් වැඩෙනවා නේ...
    මෛත්‍රීය කියන්නේ මිතුරු බව නෙ.

    කළ්‍යානමිත්‍ර කියල තිබුණ වගේ තරහ යාමේ හේතු, අනීත්‍යතාවය, ආදීනව, අනාත්ම බව මෙනෙහි කරල.
    භය, දුක් පීඩා නැති වෙන්නෙත් ආර්ය අෂ්යාංගික මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයාටනෙ. නිතර මේ විදිහට මෙනෙහි කරනවිට තරහක්, දුකක්, භයක් ඇති වෙනකොටත් මේ පාඨ සිහි වෙනවා.

    මා එතැන 'තරහ යෑම' කියන එක වෛරය මෙන්ම ව්‍යාපාදය අහු වෙන විදිහට ලිහිල්ව පාවිච්චි කරේ (එච්චර කල්පනා කරන්නේ නැතිව); ඒකයි දෙකම කීවේ (ඒක හරි නෑ; මීට පස්සේ නොකර ඉන්න ඕනෙ).

    ඇත්තටම, මෛත්‍රිය වැඩෙන කොට නැති වී යන්නේ වෛරී බව නේ..
    ව්‍යාපාදය නෙමේ... ව්‍යාපාදය ප්‍රහාණය වන්නේ අවබෝධය තුළින් නේ...

    (ඉහත අව පැහැ කළ කොටස එච්චර වැදගත් නෑ වගේ, එතන එච්චර පැටලිල්ලක් තිබ්බේ නෑ..)

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම පින් මිතුර :)

    මෙහි 'තරහ නැත්තෙක් වෙම්වා' කියන එකේ අරුතක් තියෙනවා නේ ද.

    හොඳක් වෙන්න කියා හිතන කොට තමා ගැන හෝ අනුන් ගැන, ඒ කෙනා කෙරෙහි මිතුරු බවක් වැඩෙනවා නේ...
    මෛත්‍රීය කියන්නේ මිතුරු බව නෙ.



    මා එතැන 'තරහ යෑම' කියන එක වෛරය මෙන්ම ව්‍යාපාදය අහු වෙන විදිහට ලිහිල්ව පාවිච්චි කරේ (එච්චර කල්පනා කරන්නේ නැතිව); ඒකයි දෙකම කීවේ (ඒක හරි නෑ; මීට පස්සේ නොකර ඉන්න ඕනෙ).

    ඇත්තටම, මෛත්‍රිය වැඩෙන කොට නැති වී යන්නේ වෛරී බව නේ..
    ව්‍යාපාදය නෙමේ... ව්‍යාපාදය ප්‍රහාණය වන්නේ අවබෝධය තුළින් නේ...

    තෙරුවන් සරණයි!

    මං අදහස් කළේ, 'තරහ නැත්තෙක් වෙම්වා' කිවු පමණින්, 'මට අහිතවත් අය සුවසේ ජීවත් වෙත්වා' කිවූ පමණින්, තරහ නැති වෙන්නෙ නෑ නේද? ඇත්ත, මේ භාවනාව වඩන මොහොතට, සවන් දෙන මොහොතට එක්කො අපේ සිත ඒ තරහෙන් ඈත් වෙලා, නැත්නම් සන්සුන් වෙලා. නමුත් ඒ පමණින්ම කවුරුත් අපට බැන්නොත්, අපහාස කළොත් තරහ යන ගතිය නැති වෙන්නෙ නෑ නේද? ඒ නිසා වචන/ශබ්ද මාත්‍රයෙන් පුහුණු කිරීම වගේම, ඉන් ඉදිරියට ගිහින් නුවණින් විමසීමක් කළ යුතු බවයි මට හැඟෙන්නෙ.

    උදාහරණයක් විදිහට කවුරු හරි මට අභූත චෝදනාවක් කරා කියමුකො. :baffled: ඉතින් මම හැමදාම වචනවලින් මෙහෙම වැඩුවා කියල මට තරහ නොයා තියෙන්නෙ නෑනෙ. නමුත් මට තරහ ගිය බවනම් ඉක්මණට වැටහෙයි. ඒ වෙලාවට 'මම තරහ නැත්තෙක් වෙම්වා' කියනවට වඩා, 'මට අපහාස කළ මේ තැනැත්තා සුවසේ ජීවත් වේවා' කියල වචනවලින් කියනවට වඩා, ඒ අවස්ථාව නුවණින් විමසීම වඩා ප්‍රයෝජනවත් කියලයි මට හිතෙන්නෙ- කණට ඇසුණු ශබ්දයක් ඔස්සේ ඇතිවුණු සඥ්ඥාවක්නෙ මට චෝදනා කළා කියන එක; ඉන් ඇති වුණු දුක් වේදනාව ඔස්සේ චේතනා පහළ කරලනෙ මම තරහක් ඇති කර ගත්තෙ; 'මම' කියල හිතන් ඉන්න එකාට බැන්න කියලනෙ රැවටුණේ. මමෙක් ඇත්තෙත් නෑ. අන්තිමට කණට ඇහුණු ශබ්දය නැති වෙලා පැයකට පස්සෙත් ඒක සිහි කර කර පව් පුරෝ ගන්නව. :shocked:

    මං හිතුවෙ ඔය විදිහටයි.

    ව්‍යාපාදය කිව්වෙ හිංසා කිරීමේ අදහස යන තේරුම ඇතිවද? දැන් මෙහෙම කල්පනා කරනකොට වෛරයත්, ව්‍යාපාදයත් බොහොම ළඟින් යන තේරුම් ඇති බව හැඟෙනවා.
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48

    සාමාවතී බිසවගෙ කතාවෙත් ඇය ගින්නෙන් දැවී මළ නමුත් නොමළා හා සමානයි කිව්වෙ මෛත්‍රී සහගත සිතින් යුතුව කෙලෙස් මර්ධනය කළ නිසානෙ.

    ඔව්, එවන් දේ ක දී මෙත් සිත නොකඩවා පවත් වන්න හැකිනම් කෙනෙක් ට මහත් ලාභයක් මයි.

    බුදුරජාණන් වහන්සේ කකචූපම සූත්‍රයේ, කියත උපමා කර කියා තිබෙනවා නේ
    කියතකින් මේ ඇඟ දෙකට ඉරද්දිත් සිත දූෂ්‍ය නොකර ඉන්න කෙනෙක් ට පුළුවන් නම්..
    අන්න එයා තමා බුදුරජාණන් වහන්සේ ගේ අවවාධය නිසි ලෙස කරන්නේ කියා...

    තෙරුවන් සරණයි!
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48

    ව්‍යාපාදය කිව්වෙ හිංසා කිරීමේ අදහස යන තේරුම ඇතිවද? දැන් මෙහෙම කල්පනා කරනකොට වෛරයත්, ව්‍යාපාදයත් බොහොම ළඟින් යන තේරුම් ඇති බව හැඟෙනවා.

    ව්‍යාපාදය කියන්නේ හිංසා කිරිමේ අදහස නොවේ.
    මිත්‍යා සංකප්ප 3 ක් තියෙනවා නෙ, කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප කියා.
    * 'ව්‍යාපාද' කියන්නේ තරහ කල්පනාව;
    - වෛරය ත් මෙයට අයිති යි තමා; වෛරය කියන්නේ දිගු කල් පවතින, සිතේ බැසගත් තරහක් (ගලේ කොටපු හරි වැල්ලේ ඇන්ද ඉරක් වගේ, සමහර අයගේ; ඇතැම් අයගේ දියේ ඇන්ද ඉරක් වගේ වෛර සිත පිහිටන්නේ නෑ)... මෙත් වැඩීමෙන් වෛරය නැති වෙනවා
    - ඔව්, ඒ දෙක ළඟින් යනවා තමා; මා යි පැටලවීම ඇති කරේ, නේ ද?...
    * 'විහිංසා' කියන්නේ හිංසා කිරීමේ අදහස

    තෙරුවන් සරණයි!
     

    Similar threads