මෙත් සිතේ අනුසස්...
පින්වත් මිතුරනි,
මෛත්‍රීය වැඩීමේ අනුසස් 11ක්, මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වෙනවා.
(මෙය උපුටා ගත්තේ මහමෙව්නාවේ පිරුවාණා පොත් වහන්සේ ගෙන්)
මේවා බොහෝමයක් මෙත් සිත වැඩීමෙන්, ඉතා පහසුවෙන් ම, තමා තුළින් ම අත් දකින්න පුළුවන්..
---------------------------------------------------------------
ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස
ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි යි කියා භික්ෂූන් වහන්සේලා අමතා වදාළ සේක. පින්වතුන් වහන්සැ යි කියා ඒ භික්ෂූන් වහන්සේලා ද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නාහු ය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනය වදාළ සේක.
මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය. ඒකාදසානිසංසා පාටිකංඛා.
පින්වත් මහණෙනි, නිතර සේවනය කරන ලද්දා වූ, ප්‍රගුණ කරන ලද්දා වූ, බහුල වශයෙන් වඩන ලද්දා වූ, යානාවක් මෙන් පුහුණු කරන ලද්දා වූ, මූලික අරමුණක් ලෙස පවත්වන ලද්දා වූ, සිතෙහි පිහිටුවා ගෙන සිටින ලද්දා වූ පුරුදු පුහුණු කරන ලද්දා වූ, ඉතා හොඳින් අරඹන ලද්දා වූ මෛත්‍රී චිත්ත සමාධිය නිසා එකොළොසක් වූ ආනිසංස ධර්මයන් කැමති විය යුත්තේ ය.
කතමේ ඒකාදස?
ඒ අනුසස් එකොළහ නම් කුමක් ද?
පින්වත් මහණෙනි, නිතර සේවනය කරන ලද්දා වූ, ප්‍රගුණ කරන ලද්දා වූ, බහුල වශයෙන් වඩන ලද්දා වූ, යානාවක් මෙන් පුහුණු කරන ලද්දා වූ, මූලික අරමුණක් ලෙස පවත්වන ලද්දා වූ, සිතෙහි පිහිටුවා ගෙන සිටින ලද්දා වූ, පුරුදු පුහුණු කරන ලද්දා වූ, ඉතා හොඳින් අරඹන ලද්දා වූ, මෛත්‍රී චිත්ත සමාධිය නිසා එකොළොසක් වූ ආනිසංස ධර්මයන් කැමති විය යුත්තේ ය.
ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිතින් යුතු ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දා වූ මේ ශ්‍රී සද්ධර්මය මහත් සොම්නසින් යුතු ව පිළිගත්තාහු ය.

තෙරුවන් සරණයි!

මෙත්තතානිසංස සුත්තං
(මෙත් පැතිරවීමේ අනුසස් ගැන වදාළ දෙසුම)

- සැප සේ නිදන්නේ ය. (සුඛං සුපති)
- සැප සේ අවදි වන්නේ ය. (සුඛං පටිබුජ්ඣති)
- පව් සිහින නො දකින්නේ ය. (න පාපකං සුපිනං පස්සති)
- මිනිසුන් හට ප්‍රිය මනාප වන්නේ ය. (මනුස්සානං පියෝ හෝති)
- අමනුෂ්‍යයින් හට ද ප්‍රිය මනාප වන්නේ ය. (අමනුස්සානං පියෝ හෝති)
- දෙවියන් ගේ රැකවරණ ලැබෙන්නේ ය. (දේවතා රක්ඛන්ති)
- ගින්නෙන් හෝ වස විසෙන් හෝ අවි ආයුධයෙන් හෝ ඔහු හට අනතුරු නො වන්නේ ය. (නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති)
- ඔහු ගේ සිත ද වහා සමාධිගත වන්නේ ය. (තුවටං චිත්තං සමාධියති)
- මුහුණේ පෙනුම ද ඉතා පැහැපත් වන්නේ ය. (මුඛවණ්ණෝ විපස්සීදති)
- සිහි මුළා නො වී කලුරිය කරන්නේ ය. (අසම්මූළ්හෝ කාලං කරෝති)
- ඉහළ මාර්ග-ඵල අවබෝධයක් ලබා ගත නො හැකි වූවෝතින් බඹලොවෙහි උපත ලබන්නේ ය. (උත්තරිං අප්පටිවිජ්ඣන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති)
පින්වත් මහණෙනි, නිතර සේවනය කරන ලද්දා වූ, ප්‍රගුණ කරන ලද්දා වූ, බහුල වශයෙන් වඩන ලද්දා වූ, යානාවක් මෙන් පුහුණු කරන ලද්දා වූ, මූලික අරමුණක් ලෙස පවත්වන ලද්දා වූ, සිතෙහි පිහිටුවා ගෙන සිටින ලද්දා වූ, පුරුදු පුහුණු කරන ලද්දා වූ, ඉතා හොඳින් අරඹන ලද්දා වූ, මෛත්‍රී චිත්ත සමාධිය නිසා එකොළොසක් වූ ආනිසංස ධර්මයන් කැමති විය යුත්තේ ය.
ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිතින් යුතු ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දා වූ මේ ශ්‍රී සද්ධර්මය මහත් සොම්නසින් යුතු ව පිළිගත්තාහු ය.
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා !
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා !
---------------------------------------------------------------
තෙරුවන් සරණයි!

ඉතින් මම හැමදාම වචනවලින් මෙහෙම වැඩුවා කියල මට තරහ නොයා තියෙන්නෙ නෑනෙ. නමුත් මට තරහ ගිය බවනම් ඉක්මණට වැටහෙයි. ඒ වෙලාවට 'මම තරහ නැත්තෙක් වෙම්වා' කියනවට වඩා, 'මට අපහාස කළ මේ තැනැත්තා සුවසේ ජීවත් වේවා' කියල වචනවලින් කියනවට වඩා, ඒ අවස්ථාව නුවණින් විමසීම වඩා ප්‍රයෝජනවත් කියලයි මට හිතෙන්නෙ- කණට ඇසුණු ශබ්දයක් ඔස්සේ ඇතිවුණු සඥ්ඥාවක්නෙ මට චෝදනා කළා කියන එක; ඉන් ඇති වුණු දුක් වේදනාව ඔස්සේ චේතනා පහළ කරලනෙ මම තරහක් ඇති කර ගත්තෙ; 'මම' කියල හිතන් ඉන්න එකාට බැන්න කියලනෙ රැවටුණේ. මමෙක් ඇත්තෙත් නෑ. අන්තිමට කණට ඇහුණු ශබ්දය නැති වෙලා පැයකට පස්සෙත් ඒක සිහි කර කර පව් පුරෝ ගන්නව. 