මට හිතෙන්නෙ මේකෙන් අදහස් කරන්නෙ මෛත්‍රීසහගත සිතින් සිටින කෙනෙකුට හිංසාවක් වෙද්දි, වෛරය, තරහ වගේ කෙලෙස් ඇති නොවීම, අනේ ඇයි මට මෙහෙම වුණේ කියල ශෝක නොකිරීම වගේ දේවල් වෙන්න ඕනෙ.
ඔව් ඕකට සමාන මතයක් තමයි මමත් දරන්නේ..

මට හිතෙන්නෙ මේකෙන් අදහස් කරන්නෙ මෛත්‍රීසහගත සිතින් සිටින කෙනෙකුට හිංසාවක් වෙද්දි, වෛරය, තරහ වගේ කෙලෙස් ඇති නොවීම, අනේ ඇයි මට මෙහෙම වුණේ කියල ශෝක නොකිරීම වගේ දේවල් වෙන්න ඕනෙ.

ඔව් ඕකට සමාන මතයක් තමයි මමත් දරන්නේ..![]()
ඔව්, මිතුර...මේ භාවනාවෙ ප්‍රතිපල තියෙනවා. මම දිගටම කරගෙන යන්වා.

පින්වත් මිතුර, ඒක වෙන හැටි මටත් තේරෙන්නේ නෑ.
වෙන්න පුළුවන්/ බෑ වගේ ඒවා ලෝක විෂයට අයිති දේවල් නේ; අපට කරුණු ගලපා වටහා ගන්න බෑ...
යානාවක් වගේ මෛත්‍රිය වඩනවා කියන්නේ සමාධිය ඉහළටම දියුණු කර අවස්ථාවක්...
මට ඒ සම්බන්ධයෙන් අත්දැකීම් නෑ.. මම බොහොම ආධුනිකයෙක්... ඉතින් මට එය ගැන අදහසක් හිතා ගන්න බෑ...
හැබැයි මට මතකයි, එක කථාවක ආර්ය ශ්‍රාවිකාවකගේ (එයාගේ නම මතක නෑ, මතක් වුණොත් post කරන්නම්) ඇඟේ කෙනෙක් උණු තෙල් හලනවා, මෛත්‍රී ධ්‍යානයට සමවැදී මෙන් පිච්චෙන්නේ නැතිව බේරෙනවා. ඒත් ඒක හැමෝටම පොදු යැයි නිගමනයකට එන්න බෑ නේ...
තෙරුවන් සරණයි!

කිව්වම මට මතක් වෙන්නෙ, අපත් සමග ඉන්න බොහෝදෙනා ධර්මයේ හැසිරෙන්න ටිකක් හරි උත්සාහ කරන කෙනාගෙ සුලු වැරැද්ද පවා උලුප්පාගන්න හදන අවස්තා. "කොච්චර බණ ඇහුවත් වැඩක්ද, මෙන්න මෙහෙමයි...." කියල උපහාසයට ලක් කරනවා.