මෙතෙක් ස්ට්‍රයික් නොකල එකම කණ්ඩායමත් ස්ට

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    School Strike...



    z_pxii-Access-02.png


    අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ 2,60,000ක් අනිද්දා (4දා) 'ලෙඩ නිවාඩු' දමා සේවයට වාර්තා නොකරන බව ගුරු සංගම් පවසති. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් 1,200කට අධ්‍යාපන පරිපාලන සේවයේ හා විදුහල්පති සේවයේ තනතුරු ලබාදීමට ගෙන ඇති තීන්දුවට විරුද්ධව මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව ගුරු සංගම් ප්‍රධානීහු පැවැසූහ.

    ගුරුවරු 2,40,000ක් විදුහල්පතිවරු 15,000ක් අධ්‍යාපන පරිපාලකයෝ 2,500ක් සහ ගුරු අධ්‍යාපනඥ සේවයේ 1,500ක් ඉතිහාසයේ පළමුවැනි වරට ඒකාබද්ධ වී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වෙති. මේ ලෙඩ නිවාඩුව නිසා ආණ්ඩුවේ සියලු පාසල්වල අධ්‍යාපන කටයුතු සම්පුර්ණයෙන්ම ඇන හිටින තත්ත්වයකට පත්වෙයි. විද්‍යා පීඨ 19ක්, කලාප කාර්යාල 97ක්, පළාත් අධ්‍යාපන කාර්යාල 9ක්, කොට්ඨාස කාර්යාල 315ක් සම්බන්ධ කරගනිමින් රට පුරා පාසල් 10,194ක ගුරුවරුන් මෙසේ ලෙඩ නිවාඩු දමන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටලින් පැවැසීය.

    අධ්‍යාපනයේ සේවා ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් මෙම පිරිසට උසස්වීම් ලබාදීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා මණ්ඩලයේ අනුමැතියක් ලැබී නැති බවත් අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව මෙසේ උසස්වීම් ලබාදීමට යන බවත් ස්වාධීන ලංකා ගුරු සංගමයේ ලේකම් සරත් කහගල්ල පැවසීය. දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව කියන මෙම පිරිසට ඒ සඳහා වන්දි මුදලක් ලබාදෙනු වෙනුවට නිවෙස්වලට වී සිටින ඇතැම් අයට පවා තනතුරු ලැබෙන අන්දමට ඊනියා උසස්වීම් ලබාදීම දේශපාලන හිතවත්කම් උඩ සිදු කර ඇතැයි පෙන්වා දෙන ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මේ පිළිබඳව ගුරු වෘත්තීය සමිති 18ක් විසින් අධ්‍යාපන ලේකම්වරයා දැනුවත් කර ඇතැයි පැවැසීය.

    මෙම අත්තනෝමතික ක්‍රියාමාර්ගය අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය වහාම පියවර නොගන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යැමට සියලු වෘත්තීය සමිති තීරණය කර ඇතැයිද මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.


    13.gif

    උපුටාගැනීමකි
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Tittle එක මාරු වෙන්න ඔනේ
    මොකද මට මතකයි ඉස්කෝල යන කාලේ දවස් 3ක් ද කොහෙදෝ මොකක් හරි එකකට ගුරුවරු ස්ට්‍රයික් කරා
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Tittle එක මාරු වෙන්න ඔනේ
    මොකද මට මතකයි ඉස්කෝල යන කාලේ දවස් 3ක් ද කොහෙදෝ මොකක් හරි එකකට ගුරුවරු ස්ට්‍රයික් කරා
    මොන අවුරුද්දෙද බන්! මතක නෑනේ... :eek:
     

    Similar threads