මෙදා පාර ජවිපෙට එල්ලෙන්න පරඬැලක්වත් නෑ

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මෙදා පාර ජවිපෙට එල්ලෙන්න පරඬැලක්වත් නෑ

බලු මැක්කෝ දෙදෙනෙක් යාලුවෙකුගේ රෑ පාටි එකකට ගියහ. පදම ඉක්මවන තුරු සප්පායම් වූ දෙදෙනා මහා රෑ පාරට බැස්සේ ගෙදර යන්නට ය. පයින්ම යමු ද නැතිනම් බල්ලෙක් එනකම් ඉඳිමු දැයි එක මැක්කෙක් ඇසුවේය. මේ මහා රෑ මොන බල්ලොදැයි කී යාලුවා පයින්ම යන්නට තීරණය කළේය. ජනතා විමුක්ති පෙරමුණ ද මැක්කන් දෙදෙනා සේම පළාත් පාලන ඡන්දයේ දී ගොඩ වන්නට බල්ලකුවත්, එල්ලෙන්නට පරඬැලක්වත් නැතිව තනිවම යන්නට තීරණය කර තිබේ.

ඒ අනුව හංසයාත්, කුසලානයත් පක්ෂ කාර්යාලයේ දැන් නැත. ජනතා විමුක්ති පෙරමුණ පරණ සීනුවේ මළකඩ සූරමින් සිටී. පක්ෂ නායකයා තෝරන්නට පදනමක් නැතිව එක්සත් ජාතික පක්ෂය ද වල්මත් වී සිටී. නායකත්වය ගැනත් පළාත් පාලන ඡන්දය ගැනත් විවිධ කතා පැතිරෙද් දී පක්ෂ නායකයා ඇතුළු දෙතුන් දෙනෙක් අතට ගන්නට සටන්පාඨයක් නැති නිසාදෝ ජ්‍යෙෂ්ඨ ඇමැති පදවි අල්ලාගෙන පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආහ.

එක්සත් ජාතික පක්ෂය හැමදාමත් අල්ලා ගන්නේ වැරැදි පැත්තය. ඔලුව අල්ලන්නට ඕනෑ තැන දී වලිගයම අල්ලා ගත්තේය. රටේ සියලු ප්‍රශ්න අමතක කොට ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පත් කිරීම ගැන පාර්ලිමේන්තුවේ කල් තබන යෝජනාවක් ඉදිරිපත් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ නැති ප්‍රශ්න ඇති කරන්නටය. එහෙත් සියල්ල වැරැදී ගියේය.

අතීතය මුළුමණින්ම අමතක කර අලුත්ම අලුත් දේශපාලන පක්ෂයක් හා දේශපාලනඥයන් සේ පෙනී සිටිමින් ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ගේ යෝජනාව ගෙන ආ එක්සත් ජාතික පක්ෂයට ජ්‍යෙෂ්ඨ ඇමතිවරු වන අතාවුද සෙනෙවිරත්න, පියසේන ගමගේ බඩපිරෙන්නටම දුන්නාහ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා කම්කරු පක්ෂයේ නායක ඒ. ඊ. ගුණසිංහට කාර්යභාරයක් නැති ඇමැති පදවිය දුන් හැටි අතාවුද සිහිපත් කළේය. පක්ෂයේ ප්‍රබලයකු වූ බාකිර් මාකර් මහතා ජේ. ආර්. ජයවර්ධන එවැනිම කාර්යභාරයක් නැති ඇමැති පදවියකට පත් කළ අන්දම ද අතාවුද සිහිපත් කළේය.

මේ විවාදයට එක් වූ ඩිලාන් පෙරේරා ඇමතිවරයා නැති ප්‍රශ්නයක් අල්ලාගෙන එක්සත් ජාතික පක්ෂයේ අවුල් වසා ගන්නට තැත් කිරීම කපටිකමක් ලෙස හඳුන්වා දුන්නේය. මෙහිදී එක්සත් ජාතික පක්ෂය කළ යුතුව තිබුණේ රටේ ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර දෙන ආකාරය පිළිබඳ ඔවුන්ගේ සැලැස්ම ඉදිරිපත් කොට විවාදයක් ඉල්ලීමය.

අතරමැදියන් සමග එක්වී අහිංසක පාරිභෝගික ජනතාව ගසා කන මුදලාලිලාගේ නිරුවත හෙළි කිරීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමය. රුපියල් 12ට අලෙවි කළ හැකි බිත්තරයක් රුපියල් 17ට විකුණන්නේ ඇයිදැයි ප්‍රශ්න කොට ඒ ගැන විවාදයක් ඉල්ලා සිටීමය. කරන්න වැඩ රාශියක් තිබිය දී තේරුමක් නැති ප්‍රශ්න අල්ලාගෙන පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කරමින් කාලය නාස්ති කිරීමෙන් පෙනී යන්නේ එක්සත් ජාතික පක්ෂයේ අබල දුබලතාවයි.


pol-01.jpg

දිනමිණ ජාතික පුවත්පත
 
Last edited:

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    mey umba wipaksheta mada gahanwa nam menna mey widhata lassnata ghapan ko ban.. balahan kawru wath umbata mokuth kiyanne nah...
    nil kotu digatama thiyey kiyala bala porththu wenawa
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ratata adare karana kenek nam rata gana hithapan machan.
    මචන් රටට ආදරේ කරනවා කියන්නේ ආන්ඩුවට කඩේ යන එකට නෙමේ,,, ඒක පොඩ්ඩක් තේරුම් ගනින්,,,, ආන්ඩුවේ වැරදි වලට වැරදියි කියලා කෙලින් කතා කරන්නේ රටට
    ආදරේ නිසා තමයි. උඹ කොල්ලා ආන්ඩුවේ වැරදි සුද්ද කරලා සුදු හුනු ගානවා කියන්නේ
    රටට ආදරේ නැ..උඹ ආදරේ අවන්කවම රටට නම් රට විනශා කරන එට විරුද්ද වෙයන්...
    ආන්ඩුව ,රට මේ දෙක දෙකක්...
    3.gif
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මචන් රටට ආදරේ කරනවා කියන්නේ ආන්ඩුවට කඩේ යන එකට නෙමේ,,, ඒක පොඩ්ඩක් තේරුම් ගනින්,,,, ආන්ඩුවේ වැරදි වලට වැරදියි කියලා කෙලින් කතා කරන්නේ රටට
    ආදරේ නිසා තමයි. උඹ කොල්ලා ආන්ඩුවේ වැරදි සුද්ද කරලා සුදු හුනු ගානවා කියන්නේ
    රටට ආදරේ නැ..උඹ ආදරේ අවන්කවම රටට නම් රට විනශා කරන එට විරුද්ද වෙයන්...
    ආන්ඩුව ,රට මේ දෙක දෙකක්...
    3.gif

    :yes:

    Anduwe waradi dakkama ewa pennala dena eka hamogema yuthukamak. habayi ewa walin wasi ganna innawanam waradi wadak.
    pennala dena hama waraddakma anduwa hada gannawa.
    Wipaksha nayaka thuma casino sudu polak gana kiwwa welaweth eka pili aran anduwa eka edama wahanna salassuwa.
    widuli bilath janathawata dara ganna bari wena nisa ekath garu janadipathithuma walakkuwa.
    rata niyama sanwardanayak karala janathawata niyama sewayak karanna waradi hada ganna ona.
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් රටට ආදරේ කරනවා කියන්නේ ආන්ඩුවට කඩේ යන එකට නෙමේ,,, ඒක පොඩ්ඩක් තේරුම් ගනින්,,,, ආන්ඩුවේ වැරදි වලට වැරදියි කියලා කෙලින් කතා කරන්නේ රටට
    ආදරේ නිසා තමයි. උඹ කොල්ලා ආන්ඩුවේ වැරදි සුද්ද කරලා සුදු හුනු ගානවා කියන්නේ
    රටට ආදරේ නැ..උඹ ආදරේ අවන්කවම රටට නම් රට විනශා කරන එට විරුද්ද වෙයන්...
    ආන්ඩුව ,රට මේ දෙක දෙකක්...
    3.gif

    ඔය ටික මු තෙරුම් නොගන්න එකයි තියන අවුල අනිත් එක මුගේ තියන වැරැද්ද රගපන්න කලින් චරිතය හරියට අධ්‍යනය කරන්නේ නෑ ඔනි එකෙක්ට මු මොරටුවෙ එකෙක් නෙමේ කියල නිකම්ම මාට්ටු වෙනව මෙහෙම රගපන්න ගියාම