මෙන්න උඹලට සිරා ෆිල්ම් එකක්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    මේක මම අවුරුදු හතර පහකට කලින් බැලුවෙ. අද ආයෙ මතක් උනා.

    The Liberator

    මේ කතාව හදල තියෙන්නෙ සත්‍ය චරිතයක් පදනම් කරගන. එක්සත් ලතින් ඇමරිකාවක් ගැන හීන දැකපු, ස්පාඤ්ඤ අධිරාජ්‍යත් එක්ක සටන් කරලා දකුණු ඇමරිකාවෙ මහ විශාල ප්‍රදේශයක් ස්පාඤ්ඤ අධිරාජ්‍යයෙන් මුදාගත්ත මිනිහෙක්ගෙ කතාවක්.

    Great Colombia කියන මහ විශාල යෝධ රට නිර්මාණය කරපු සිමෝන් බොලිවාර්ගෙ කතාව තමයි මේ චිත්‍රපටියෙ තියෙන්නෙ. උඹල නාර්කෝස් ටීවී සීරීස් එක බලලා තියනවා නං. ඒකෙ පබ්ලෝ එස්කොබාර්ට හම්බවෙනවා නේද කඩුවක් Farc එකේ බුවෙක්ගෙන්. අන්න ඒ දෙන්නෙ මේ සිමොන් බොලිවාර්ගෙ කඩුව තමයි.

    සිමොන් බොලිවාර් බලවත් ස්පාඤ්ඤ අධිරාජ්‍යත් එක්ක යුද්ධ කරලා වර්තමාන කොලොම්බියාව, වෙනිසුවේලාව, ඉක්වදෝරය, පැනමාව කියන ප්‍රදේශ සම්පූර්ණයෙන් මුදාගන්නවා. ඊට අමතරවා ගයානාවේ, පීරුවල සහ බ්‍රසීලයේ සමහර කොටස් අයත් කරගන මේ මුලු යෝධ භූමියම එකතුකරලා "මහා කොලොම්බියා ජනරජය" එහෙමත් නැත්නම් Republic of Gran Colombia නිර්මාණය කරනවා. වර්තමාන බොලීවියාව කියන රටට ඒ නම දාගන තියෙන්නෙත් සිමෝන් බෝලිවාර්ට ගෞරව කිරීමක් වශයෙන්



    මෙන්න ට්‍රෙලර් එක


    මෙන්න ෆුල් මූවි එක බලන අයට
    https://www.lookmovie2.to/movies/view/2387513-the-liberator-0
     
    Last edited:

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,384
    3,696
    113
    මොනර තැන්න
    මේක සිංහල film එකක කොපියක් බං...
    කන්ද උඩරට රජ තුමාගෙ සීන් එක මුන් එහෙම්මම ගහල

    557363.jpg