තෝමස් අල්වා එඩිසන් මහ රෑ බල්බ් එක හොයාගන්න වලිකනකොට ටෝච් එක අල්ලගෙන ඉදලා තියෙන්නෙත් චතුර ලු...
සිංහලේ වීර රජවරු වැලි මිරීකා වතුර ගත්තායැයී පඩිවරු කියනවා. හැබැයී වතුර මිරිකලා වැලි ගන්න පුලුවන් එකම කෙනා චතුර සේනාරත්නයී.
නයාට ගහල පොල්ල වරද්ද ගන්න එපායැයී මනුස්ස ලෝකෙ කතාවක් තියෙනවා. චතුර සේනාරත්නට ගහලා දලේ වරද්ද ගන්න එපෑයෑයී නාග ලෝකේ කතාවක් තියෙනෙවා.
චතුර සේනාරත්න කන්නාඩියක් දිහා බැලුවෝතින් කන්නාඩිය දෙකට පැලෙනවා. මොකැයී චතුර සේනාරත්නයී චතුර සේනාරත්නයී මැදට එන්න කන්නාඩියත් බයයී.
ජයසූරියට යාර හතලිහක් දුරට පන්දුව යවන්න ඇහැකීයී. චතුර සේනාරත්නට ජයසූරියව ඊටත් එහාට යවන්න ඇහැකීයී.
චතුර සේනාරත්නට තනි කුරුල්ලෙකුගෙන් ගල් දෙකක්ම මරා ගත ඇහැකී.
චතුර සේනාරත්න විනාඩි දෝලහයී තප්පර විස්සකින් සිරස රන් දෙපැය බලලා ඉවර කරනවා.
චතුර සේනාරත්නගෙ මීයා පූසො දෙන්න දෙන්න අල්ලනවා.
විශ්වයේ කලු කුහරයකින් ගැලවෙන්න කිසිම දේකට බැහැයී පන්ඩිතයෝ කියනවා. හබැයී චතුර සේනාරත්නට කලු කුහර වලින් ගැලවෙන්න විතරක් නොවෙයී, කලු කුහර ඉදිආප්පම් වගේ රෝල් කොරලා කන්නත් පුලුවන්.
චතුර සේනාරත්න ගහයී කියලා බයෙන් රීරී යකා රෑමැද්දට ඒලියට බහින්නේත් නැහැ.
යක්කු ගස් නගින්නේ චතුර සේනාරත්නට බයෙනුයී.
රාමයී රාවනයී මහා සටනක් කොරෝතින් දිනන්නේ චතුර සේනාරත්න.
චතුර සේනාරත්න පොඩ්ඩා කාලෙ කවදාවත් ඇදේ චූ කොරලා නැහැ. චතුර සේනාරත්න පොඩ්ඩා රෑට බුදියනකොට මර බයෙන් ඇඳට චූ යනවා.
රාමට ලංකාවට එන්න හනුමා යගදාවෙන් ගහලා මුහුද දෙබෑ කරායැයී කියනවා. හැබැයී චතුර සේනාරත්නට යගදාවක් ඕනෑ නැහැ. හනුමා ඕනෙත් නැහැ. චතුර සේනාරත්නට දැක්කහම බුදු අම්මෝ කියලා මුහුද දෙබෑ වෙනවා.
.
ලිප්ටන් වටරවුම ඔයීට ඉස්සෙල්ල ලිප්ටන් චතුරාශය. චතුර සේනාරත්න ගැහුව පයීන් එකක් මුලු හතර රවුම් වෙලා යන්න. දැන් තියෙන්නෙ ලිප්ටන් වටරවුම.
චතුර සේනාරත්නට මැගී නූඩ්ල්ස් විනාඩියෙන් උයන්න පුලුවන්.
චතුර සේනාරත්න නිදියන්නේ ලයීට් දාලා. මොකද චතුර සේනාරත්න කලුවරට බය නිසා නොවෙයී. කලුවර චතුර සේනාරත්නට බයයී.
චතුර සේනාරත්න දෙකේ පන්තියේදී පහ වසර ශිෂතවය සමත් වුනා.
චතුර සේනාරත්නගේ සතුරන්ගේ ලයීස්තුව "වදවී ගිය සතුන්" යටතේ කටු ගෙයී තියෙනවා.
වතාවක් චතුර සේනාරත්නයී ගමනක් යනකොට වලස්සු දෙන්නක් ඉස්සරහට ආව. එක වලහෙක් හනි හනිකට ගහකට නැගලා බේරුනා. අනිත් වලහා මැරුනා වාගේ බිම බුදියගෙන බේරුනා.
චතුර සේනාරත්නට වතාවක් තමා වැරද්දක් කොලායැයී හිතුනා. චතුර සේනාරත්නට වැරදුනු එකම වතාව ඒකයී. :/
චතුර බස් එකට නැග්ගම කොන්දොස්තර ඌටම ටිකට් එකක් ගන්නව.



