ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක වරයෙක් යැයි සමහර පිරිස් හදුන්වනු ලබන සිසිර සෙන්පති නමැත්තා මා විසින් "නලින්දගේ ලැයිස්තු" ගැන කරන ලද ප්‍රකාශය සම්බන්ධව කරන ලද පලකිරීමට අදාලව ලියමි. ( අදාල තනතුර පිළිබදව සෙන්පති නැමැත්තාගෙන් පුද්ගලිකව විමසීමක් කලද ඔහුට ඊට පිළිතුරු ලබාදීමට තරම් පෞර්ෂයක් නොතිබුනු බවද සදහන් කල යුතුමය)
ප්‍රථමයෙන් රජය සිය විනිවිදභාවය පවත්වාගත යුතු බව තරයේ විශ්වාස කරමි. එනයින් ජනාධිපති කාර්යාලයට අනුයුක්ත ප්‍රධාන නිලධාරීන්ගේ තොරතුරු එහි වෙබ් අඩවියෙහි ප්‍රදර්ශනය කිරීම ඉතා වැදගත් වනු ඇත. එය දැනගැනීම බදු ගෙවන ජනතාව ලෙස අපගේ අයිතියකි. නව රජය විසින් පත් කරන ලද නිලධාරීන්ට ඒ සදහා නිසි වෘත්තීය සුදුසුකම් සහ විභවය තිබේද යන්න අපිට පවතින්නේ දැඩි සැකයකි. ජනාධිපතිවරයා පත් කලදා සිටම NPP යේ තිබූ සන්නිවේදන දුර්වලතා තවමත් මගහැරී ගොස් නැත.
දෙවනුව ලැයිස්තු පිලිබදව මා විසින් විවේචනාත්මක අදහසක් පලකරන ලද්දේ හේතු සහිතවය ( එම හේතු ඉදිරිපත් කිරීමට අදහසක් තිබුනේ නැතත් සිසිර වෙනුවෙන් මෙසේ පලකරමි). ලැයිස්තු සම්බන්ධ ව සමාජයේ ගොඩනැගුනු ප්‍රසිද්ධ විවේචනයක් තිබෙනවා එම විවේචනයේ පදනම කියවාගැනීම අපහසු නැත. ලැයිස්තු පලකිරීම පිලිබදව මාගේ නිරීක්ෂණයන් පහත පරිදි වේ. (ලැයිස්තු නිකුත් කිරීම සහ එම කාල වකවානුව තුල වූ සුවිශේෂී සිදුවීම්)
1.2024.12.04 දින බිමල් රත්නායක විසින් මුදාහරින ලද බාර් පර්මිට් ලැයිස්තුව
2.2024.12.17 දින නලින්ද ජයතිස්ස විසින් ජනාධිපති අරමුදල අවභාවිතා කල ලැයිස්තුව
3.2025.02.06 දින නලින්ද ජයතිස්ස මැති ඇමතිවරු ලබාගත් වන්දි (43 දෙනෙක් කෝටි 122)
4.2025.05.03 දින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ලබාගත් වන්දි
5.2025.05.08 දින රනිල් වික්‍රමසිංහගේ සංචාර
ලැයිස්තු හෙලි කරන දින කොහොම තෝරාගත්තාදැයි මම දැනුවත් නැති නමුත් ඒ බොහෝ විට රජය යම් පීඩනකාරී තත්වයක සිට ඇති බව නිරීක්ශණය වෙනවා. ඊට අමතරව මින් බොහෝ හෙලිකිරීම් වල සම්පූර්ණ ලැයිස්තු මාධ්‍යයට හෙලිකිරීමක් සිදුව නැහැ . ( බාර් පර්මිට් ලැයිස්තුව නම් ලැබී තිබුනා සහ ජනාධිපති අරමුදලට අදාලව පරීක්ෂණ ක්‍රියාත්මකයි)
ඊට අමතරව මින් සමහර ලැයිස්තු වලට අදාලව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ගයක් නැහැ. ( නීත්‍යානුකූල , එහෙත් සදාචාර සම්පන්න නොවන ක්‍රියා) . එහෙත් ඡන්දය දුන් ජනතාව බලාපොරොත්තු වන්නේ ඉන් එපිටට ගිය දඩුවම් කිරීම්. එනයින් මෙම ලැයිස්තු තුලින් හුදෙක් ජනතාව අතර බලාපොරොත්තු ඇති කරන්නේදැයි සැකයක් තිබෙනවා.
ඒ අනුව ලැයිස්තු හෙලි කිරීම කෙතරම් තාක්ෂණික වුවත් ඒ සම්බන්ධව සාධාරණ සමාජ සැකයක් ගොඩනැගී තිබෙනවා. ආණ්ඩුවට අවශ්‍ය නම් එම සැකය නොසලකා හැරිය හැකියි.
අවසාන වශයෙන් නලින්ද වැනි මන්ත්‍රීවරුන් පසුගිය කාලය පුරාවට ගොඩනගා ගත් ප්රතිරූපයද මෙයට එක් හේතුවක්. උදාහරණයක් ලෙස රන්වල ගැටළුව දනිස්සෙන් ඉහලට ගන්නේ නැතැයි කීවද මාස 5කට පසුත් සහතික ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබෙනවා. එවැන්නෙකුට සදාචාරය ගැන කතා කිරීමට ඇති ඇයිතිය ගැටළු සහගතයි.