මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ පෙට්‍රල් මිල පහත දමා ඇති බව රජය පවසයි. මේ අනුව ඔක්ටේන් 90 පෙට්‍රල් රුපියල් 115 දක්වාද, ඔක්ටේන් 95 රුපියල් 133 දක්වාද පහත බැස ඇත.
පසුගිය කාලසීමාවේදී තෙල් මිල පහළ නොදැමීමට හේතුව ලෙස ආණ්ඩුව පැවසුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යෑම නිසා බවයි. මෙහිදී විපක්ෂය දිගින් දිගටම පැවසුවේ ආණ්ඩුව අඩු මිලට තෙල් ලබාදිය හැකිව තිබියදී මෙසේ ඉහළ මිළක පවත්වාගෙන යාම මගින් විශාල බදු ප්‍රමාණයක් ආණ්ඩව විසින් ලබා ත් බවයි.
කෙසේ වෙතත් විපක්ෂයේ මතය තහවුරු කරමින් ලෝක වෙළඳපොළේ තෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවී තිබියදී හදිසියේම මැතිවරණයක් කැඳවා ඇති මේ මොහොතේ තෙල් මිල අඩු කිරීම මගින් මෙතෙක් කල් ජනතාවට සහන දිය හැකි රුපියල් 15ක මුදලක් ජනතාවගෙන් ගසා කෑ බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බෙහෝ දෙනෙක් පැවසූහ.
LT

chanda gundu