මෙන්න තවත් රැන්සම් වෙයාර් එකක්.

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මෙන්න තවත් රැන්සම් වෙයාර් එකක්.

    මේ දවස්වල djvu කියල රැන්සම්වෙයාර් එකක් පැතිරිලා යනවා. මේ ඛේදජනක ඉරණමට ඉස්සෙල්ලම මුහුණ දෙන්නේ මේ 2018 දෙසැම්බර් මාසේ 15 වෙනිදා රුසියාවේ පරිශීලකයෙක්.
    ඊට පස්සේ Disney සමාගමෙත් පරිගණක වලට මේ රැන්සම්වෙයාර් එක ගිහින් ලොකු මුදලක් ගෙවල තියෙනවා රැන්සම් වෙයාර් එක අයින් කරගන්න.
    ගොඩක් දුරට මේක එන්නේ ටොරන්ට් සයිට් වලින්. රන්ටියිම් එරර් එකක් කියල ඇවිල්ලා ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න කියල පටන්ගෙන එක ඉන්ස්ටෝල්
    කරාම තමා මේ රැන්සම්වෙයාර් එක රන් වෙන්නේ. මේ අලුත්ම රැන්සම්වෙයාර් එකෙන් කරන්නේ ඔයාගේ පරිගණකයේ තියෙන වින්ඩෝස් සිස්ටම් ෆයිල්ස් හැර අනිත් ඔක්කොම ෆයිල් වල ටයිප් එක
    .udjvu කියන ෆෝර්මැට් එකන එන්ක්‍රිප්ට් වෙන එක. ඒ කියන්නේ ඔයාට ඒ ෆයිල් ටික ආයේ යථා තත්වයට පත් කරගන්න නම් ඩික්රිප්ට් කරන්න කෝඩ් එකක් සහ ඩික්රිප්ට් ටූල් එකක් ඕනි වෙනවා.
    එක අපිට හිතල ගහල කරගන්න පුළුවන් කෝඩ් එකක් නෙමෙයි, මොකද මේ කෝඩ් එක පරිගණකයෙන් පරිගණකයට වෙනස් වෙනවා. දැනට නම් මේ රැන්සම්වෙයාර් එක රන් වෙන්නේ වින්ඩෝස් පරිගණක වල විතරයි, .
    මේ කෝඩ් එක සහ ඩික්රිප්ට් ටූල් එක ගන්න නම් ඔයාට මේ රැන්සම්වෙයාර් එක හදල අන්තර්ජාලෙට එකතු කරපු අපරාධකාරයන්ට මුදල් ගෙවන්න වෙනවා.
    සුළුපටු ගානක් නම් නෙමෙයි, ආරංචි වෙන ආකාරයට සාමාන්‍ය PC යුසර් කෙනෙක්ට ඩොලර් 290ක් බිට්කොයින් මුදල් ඒකකයෙන් ගෙවන්න වෙනවා. පරිගණකයේ භාවිතාව හා පරිශීලකයාගේ දත්ත වල වටිනාකම අනුව
    මුදල වෙනස් වෙනවා. ඒ කප්පම් මුදල ගෙවන්න ඕනි බිට්කොයින් ඇඩ්‍රස් එක පල්ලෙහා විදියට මැසේජ් එකකුත් එක්ක සේව් වෙලා තියෙනවා.

    ---------------------------------------------- ALL YOUR FILES ARE ENCRYPTED -----------------------------------------------

    Don't worry, you can return all your files!
    All your files documents, photos, databases and other important are encrypted with strongest encryption and unique key.
    The only method of recovering files is to purchase decrypt tool and unique key for you.
    This software will decrypt all your encrypted files.
    What guarantees do we give to you?
    You can send one of your encrypted file from your PC and we decrypt it for free.
    But we can decrypt only 1 file for free. File must not contain valuable information
    Don't try to use third-party decrypt tools because it will destroy your files.
    Discount 50% available if you contact us first 72 hours.

    ---------------------------------------------------------------------------------------------------------------------------

    To get this software you need write on our e-mail:
    [email protected]

    Reserve e-mail address to contact us:
    [email protected]

    Your personal ID:
    0146se9RaIxXF9m70zWmx7nL3bVRp691w4SNY8UCir0

    බොහෝදුරට මෙම රැන්සම්වෙයාර් එකේ නිර්මාණකරුවන් ඉන්දියානු ජාතිකයන් කියල තමා සැක කරන්නේ. ඔවුන් අදාල වන්දි මුදල පැය 72ක් ඇතුලත ගෙව්වොත් 50%ක නත්තල් දීමනාවකුත් දෙනවා.

    ලංකාවේ අපිටත් ෂොට් එක හම්බෙලා

    මේ වයිරස් එකට අලුතෙන්ම ගොදුරු වුන ලංකාවේ ප්‍රසිද්ද කිහිප දෙනෙකුත් අපිට වාර්තා වෙනවා.
    ඒ තමයි මියුසික් අවන් එකේ ලහිරු පෙරේරා සහ වස්තිලා, රවී ජේ සහ ඩ්‍රිල් ටීම් ලගේ මියුසික් ට්‍රැක් හදපු යුකි නවරත්න. මියුසික් අවන් ලගේ සම්පුර්ණ හාඩ් එකක්ම මේකෙන් එන්ක්‍රිප්ට් වෙනවා.
    ඊට පස්සේ එයාලට ලොකු මුදලක් ගෙවන්න වෙලා තියෙනවා ඩික්රිප්ට්කෝඩ් එක අරගන්න. ඒ වගේම ඊයේ (22 DEC 2018) මේ අවාසනාවන්ත විදියට වයිරස් එකට යුකි නවරත්න මුහුණ දෙනවා. එයාගේ 02TB හාඩ් දෙකම
    මේ වයිරස් එකෙන් එන්ක්‍රිප්ට් වෙනවා. ඒ එන්ක්‍රිප්ට් වෙන්නේ නිකන නෙමේ හදල ඉවර කරපු ට්‍රැක්ස් 14ක් සහ හදමින් තිබ්බ ට්‍රැක්ස්වල ප්‍රොජෙක්ට් ෆයිල්ස් 20ක් එක්ක.

    වයිරස් එකක් එන්න කලින්

    එන්න කලින් පුළුවන් නම් පයිරෙට්බේ ටොරන්ට් සයිට් එකෙන් ටොරන්ට් ගන්නේ නැතුව ඉන්න. ඒ වගේම විශේෂයෙන්ම crackzsoft සහ CracksNow අප්ලෝඩර්ස්ලා දෙන්නගේ අප්ලෝඩ් කරපු
    ටොරන්ට් ගන්නේ නැතුව ඉන්න. Adblock එකක් සහ පිළිගැනීමක් තියෙන Eset වගේ Anti-Virus එකක් පාවිච්චි කරන්න.

    හදිස්ස්යේ හරි ඔයාටත් මේ රැන්සම්වෙයාර් එක ආවොත් මොකද කරන්නේ?

    මොනවා කරන්නද ඉතින්, ගෙවන්න සල්ලිත් නැත්නම් කරන්න තියෙන්නේ Dr.Web, Eset හරි Bit Defender කම්පැනි වලින් ඩික්රිප්ට් කරන ටුල් එකක් හදන කන් ඉන්න තමා.
    ඒ ටුල් හැදුවත් අපිට විශ්වාස කරන්න බෑ ඒ ටුල් වලින් 100%
    ක්ම ඩික්රිප්ට් කරයි කියලා. සමහර විට ඔක්කොම ෆයිල් ටික නැති බංගස්තාන වෙලා යන්නත් පුළුවන් ඩික්රිප්ට් කරන වෙලාවෙදී.
    ඉතින් ඒ වගේ විනාසයක් වෙන්න කලින් ඔයා ඔයාගේ වටිනා කියන දේවල් ඔක්කොම ක්ලවුඩ් එකක හරි නැත්නම් එක්ටර්නල් හාඩ් එකක හරි තියාගන්න එක නැත්නම් ඉතින් ඔයාට පුළුවන් වයිරස් ගැන
    බයක් තියාගන්නේ නැතුව ඔයා පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය ලිනක්ස් වලට මාරු වෙන එක.

    මේ රැන්සම්වෙයාර් එක හදපු අය කොහොමද Decrypt කරන විදිය Demonstrate කරලා පෙන්නලා තියෙනවා. මෙතනින් ඒ වීඩියෝ එක බලන්න.


    https://www.vimeo.com/306940477?fbclid=IwAR1_mCXwx7W8Q6nFLJMZnl-G8RuT8fVajCjHQdwJLCoWalk6mTVcVt9JZyc

    අන්තර්ජාලය හා වයිරසයට ගොදුරු වූවන්ගේ අත්දැකීම් ඇසුරෙනි.


    https://www.facebook.com/groups/oecsl/permalink/1477850825679470/
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    bitcoin එක වැඩිවෙයි කියල හිතෙන්නෙ මට විතරද? :rolleyes: