මෙන්න තිත්ත ඇත්ත..

shenat

Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    උපුටාගැනීම: Shani Smith - FB



    ඔටාරා නැන්දි ගේ මේ ෆොටෝ එක දැක්කම පොඩි හෑල්ලක් ලියන්න හිතුනා. යොහානි ටත් මේක සම්බන්ධයි.

    ඔටාරා නැන්දි රෙදි වෙළඳාම් කරලා , තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් හදාගෙන පස්සේ කාලෙකදී ඒක සොෆ්ට්ලොජික් එකට විකුනලා බිලියන පතිනියක් උනා කියන එක කවුරුත් දන්නා දෙයක් නේ. ලංකාවේ popular කාන්තා ව්‍යවසායකත්වයේ මුදුනේම ඉන්නේ එයා. බොහොමයක් ව්‍යවසායකයන් විශේෂයෙන්ම කාන්තාවන් සිහින මවන්නේ ඔටාරා නැන්දි වගේ කාරෙකේ ඩිකියේ රෙදි හෝ වෙනයම් දෙයක් විකුනලා ,හරි , කේක් හදලා හරි , නැත්නම් රෙදි මහලා හරි , බිංදුවෙන් පටන් අරං දවසක කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙන්න නේද ?

    එත් දැන් අවුරුදු 20-30 කට එහෙම වෙලා තියෙනවද ? ලංකාවේ ඔටාරා වගේ ජනප්‍රිය වෙච්ච , පෝසත් වෙච්ච වෙනත් කාන්තා ව්‍යවසායකයන් නැත්තේ මොකෝ ? හැමෝටම එහෙම වෙන්න බැරි මොකක් හරි පස්නයක් තියෙනවා වගේ නේ ? ඔටාරා නැන්දී , යොහානි වගේ අය පටං ගන්නේ 0 න් ම ද ?

    මේ පොටෝ එක දාල ඔටාරා නැන්දි කියනවා , ඒ එයා පොඩි කාලේ Water Skiing කරපු හැටි ලු. මට කල්පනා උනේ 70-80 දශකයේ ළමයෙක්ට හැම සති අන්තෙම බෙන්තොට , බොල්ගොඩ ගිහිල්ල Water Skiing කරන්න දෙමාපියෝ කොච්චර පෝසත් වෙන්න ඇතිද කියල. ඔටාර වගේම තවත් ව්‍යවසායකයෙක් උන බිල් ගේට්ස් කැම්පස් යන එක අත ඇරියේ ඇයි , පොඩි Software කොම්පැනියක් හදන්න මුදල් ලැබුනේ කොහෙන්ද කියල කවුරුත් කතා කරන්නේ නෑ නේ.

    සාමාන්‍යයෙන් පොහොසත් පවුල් වල දරුවන්ට ,තමන්ගේ කියල ව්‍යාපාරයක් පටන් ගැනීමේදී සාමාන්‍ය දරුවන්ට නැති වරප්‍රසාද රාශියක් හිමි වෙනවා.

    • දෙමවුපියන්ගෙන් විශාල නිදහසක් සහ සහයක් හිමි වෙනවා තමන්ට කැමති දෙයක් කිරීමට. අරක කරපං , මේක කරපං , ඉගෙන ගනිං etc etc කියල අනින්නේ නෑ.

    • ජිවත් වීමේ අරගලයට මුදල් සෙවීමට අවශ්‍ය නැති නිසා තමන්ට කැමති දෙයකට මුළු කාලයම හා ශ්‍රමයම යෙදවීමේ අවස්තාව ලැබෙනවා

    • ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් angel investers ල විදියට දෙමවුපියන් මුදල් ලබා දෙනවා.

    • දෙමවුපියන් ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ නම් කුඩාකල ඉඳන්ම ඔවුන්ට ව්‍යාපාර සම්බන්ධ මනා පුහුණුවක් ලැබෙනවා. ඒ ඉගැන්වීම් PHD එකකටත් වඩා වටිනවා. ඉෂාර නානායක්කාර ඒ වගේ පුහුණුවක් ලැබිච්ච privilaged පවුලක කෙනෙක්.

    • උසස් සමාජයේ , ව්‍යාපාරික ලෝකයේ සම්බන්ධතා දෙමවුපියන් හරහා නිසැගයෙන්ම ලැබෙනවා.

    ඉතින් ඔයාල සිහින මවන්නේ ඔටාර නැන්දි වගේ කාරෙකේ ඩිකියේ ඇඳුම් විකුණලා කෝටිපතියෙක් වෙන්න නම් , පොඩි සින්දුවක් දෙකක් කියලා යොහානි වගේ ෆේමස් වෙන්න නම් යලිත් සැරයක් ඒ ගැන හිතන්න. මේ වගේ සාර්ථක වෙච්ච බොහෝ දෙනෙක් ගේ පිරිපස්සේ talent සහ hard work වලට අමතරව පවුල් පසුබිම විශාල මෙහෙයක් නොපෙනී ඉටු කරනවා.

    සාමාන්‍ය කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්න ණයක් ගන්න බැංකුවකට ගියොත් ලැබෙයිද ? එත් මුදල් ඇමති තමන්ගේ කුඩා කාලේ ඉඳන්ම යහළුවෙක් නම් ?

    දුප්පත් ගමක ගෑනු ළමයෙක් ගිහිල්ල අනේ මට සිංදු කියන්න උගන්වන්න , මගේ සින්දු කීපයක් තියෙනවා produce කරන්න සහය දෙන්න කිව්වොත් කරයිද අපේ ක්ෂේත්‍රයේ ප්‍රවිනයෝ ? නැත්නම් රුම් එකකට අදීද ? යෝහානි ගිහිල්ල එහෙම කිව්වම යෙස් , යෙස් ගාල පැනල උදව් කරන්නේ යෝහානි ගේ සුපිරි ටැලන්ට් එක නිසාද නැත්නම් යෝහානිගේ පියා ගේ රැකියාව සහ පවුල් පසුබිම නිසාද ? :)

    26/8/2021 , Shani

    පසු වදන :

    • මේකෙන් කවුරුවත් demotivate කරන්න හිතුවේ නෑ. පැහැදිලිව පේන්න තියෙන සත්‍යය පැහැදිලි කරා විතරයි. අනිත් එක ගමනක් යන කෙනෙක් මගේ මේ හෑල්ලක් කියෙව්වා කියල තමන් කරන දේ නවත්වලා , අපෝ වැඩක් නෑ කියල උඩ බලං ඉන්නේ නෑ නේ.

    • ව්‍යාපාරයක් කිරීමට ඇති පහසුකම මනින දර්ශකයේ ලංකාව ඉන්නේ 99 යේ. ඔය කියන රුපියල් 5ක් අරං කොළඹ ඇවිල්ලා ව්යාපාර කරලා කෝටිපතියෝ බිහිවෙච්ච කාලේ ව්‍යාපාර කරන්න මෙච්චර අමාරු නැතුව තියෙන්න ඇති

    • අනිත් කාරණය ඔය කියන බොහෝ ව්‍යාපාරිකයන් සාමාන්‍ය තත්වයෙන් , සුපිරි තත්වයට පත් වුනේ පුර්ණ දේශපාලන අනුග්‍රහය මැද. ඒ අතින් ඔටාර එච්චරම දේශපාලකයෝ පස්සේ ගියා කියල මම හිතන්නේ නෑ.

    දාස , සිරිමාගේ ආණ්ඩුවෙන් අපමණ ප්‍රයෝජන ගත්තා. හෙට්ටිගොඩ ට ප්‍රේමදාස සෑහෙන්න උදවු කළා. රජයේ ඉඩම් ගණනාවක් කුණු කොල්ලයට ලබා දුන්නා. ඉස්සර ගල්කිස්සේ බස් නවත්වපු තැන ඉඩමේ දැන් තියෙන්නේ සිද්ධාලේප ඉස්පිරිතාලයක්. ඒ කොහොමද? ... නෑ ඒකෙ වරදක් නෑ. එත් සත්‍යය රුපියල් 5න් කෝටිපතියෙක් වීමට වඩා සංකීර්ණයි

    • කියවීමට : Talent Is Overrated: What Really Separates World-Class Performers from Everybody Else by Geoffrey Colvin
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔටාරා නැන්දි ඒක වික්කේ මැලේසියාවේ පාක්සන් එකට එයාලගෙන් තමයි සොෆ්ට්ලොජික් එක ගත්තේ

    ඔටාරා නැන්දි උඹලා අපි වගේ නෙවෙයි බන් , එයාගේ තාත්තා aitken spence එකේ director කෙනෙක් , නිකමට හිතපන් දැනට අවුරුදු 50-60කට කලින් ඒ වගේ පොරකට මොනතරම් ඉහල පැලැන්තියේ සම්බන්ධ තා තියෙන්න ඇතිද කියලා , ඒවායින් තමයි ඔටාරා නැන්දි ගේම ගැහුවේ , ඔය ඔඩෙල් බිල්ඩිම තියෙන ඉඩම ලැබුන හැටි ගැන හොයලා බලන්න කෝ

    තව කියන්න ගොඩක් දේවල් තිබුනත් නොකියා ඉන්නම්
     
    Last edited:

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    ow bro meka atta. CameraLK eke ayithikaryath interview ekaka kiyala thibuna eya business patan gttu widiya gana. ethanadi meya mulin krla thiwne meyama singapore gihin hambena preorders wlata camera genath dena eka. meyage bappa bandula padmakumara vuna nisai thatta prasidda photographer kenek vuna nisalu kattiya meyawa wishwasa karala mulin A wage loku amount denna kamati vune.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Agree. Yohani Sinhalaen wath issara wadiya katha karanne na bung. Rotaract wala ehama innakota thani kadden ma kotana kellke. habaiyi adambara naa. mara connections godak thiyanawa eyata podi kale idan ma. unta a kale idan ma salli thibaa

    Thawa oya wage innawa Janik kiyala kollake Gamini Fonseka lage nadayo wena set ekake, unuth oya uba kiyana widiyema seen ekake thama
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    fist-bump-nice.gif
     
    • Like
    Reactions: shenat and NRTG

    buu

    Active member
  • Nov 15, 2018
    277
    202
    43
    that's the truth, a wagema 0 patan gatta samarha ayage life ake samahra chapters eliyata danne nehe, ex: Nawaloka mudalali maliban mudalali etc..
     
    • Like
    Reactions: Sen-lu and shenat

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Sirama kathawa ban.
    මමත් පොඩි බිස්නස් එකක් කරන්නෙ. ඒත් තව වෙනකම් බැංකුවකින් ලෝන් එකක් අරන් නෑ
    (දීලා නෑ කිව්වොත් නිවැරදියි) එහෙම බැක්ග්‍රවුන්ඩ් එකක් තිබ්බා නම් අද මීට වඩා ඉහල තැනක
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හැබැයි ඉතින් උන්ගේ අම්මල තාත්තලට සල්ලි තියෙන්නේ background නිකන් ඉදල නෙමේනේ ... පරම්පරා ගානක් එකම තැන කියන්නේ ඉතින් අම්මල තාත්තල වැඩක් ඇති දෙයක් කරලත් නෑ උන්ගේ කලින් එවුන් කරලත් නෑ උබල කරන්නෙත් නෑ ... උබලගේ ළමයින්ටත් නෑ තමා :LOL:

    අනික නැති උන්ම තමා ළමයි 5 , 6 හදා ගන්නේ ... බලපනෝ පොඩ්ඩක් දැන් එදා වෙලා කන්න නෑ .. වේලක් කාල ඉන්න කියන උන්ගේ ළමයි කියක් ඉන්නවද කියල ... ඉන්න තැනකුත් නැතුව ළමයි 4ක් 5ක් හදා ගන්නවා .. ඉබේ පහල වෙන් නැනේ ළමයි ... උන්ට හොදට ඉන්න දෙන්න බැරි නං .. ළමයි හදන නැතුව ඉන්න ඕනේ .... ළමයි නෙමේ බදිනේන්ත් නැතුවම ඉන්න ඕනේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේක සහතික ඇත්ත බන්. ගොඩක් එවුන් පස්සෙ නොපෙනෙන බලවේගයක් තියෙනවා. ගොඩක් වෙලේට සල්ලි තියෙන දෙමව්පියෝ. නැත්නම් දේශපාලනය. හොරකම. සූදුව.

    ඊටපස්සේ දියුණුවෙලා කතාවක් හදාගන්නවා. රුපියල් සීයක් අරන් කොළඹ ආපු හැටි. කඩෙන් කඩේට ගිහින් රෙදි වික්ක හැටි.

    මමත් ඉස්සර ඔය කතා කියෙව්වා. පස්සෙ තේරුනා මෙතන තියෙන්නෙ සුපිරි බොරුවක් කියලා.

    මේකෙන් කියන්නේ නෑ මහන්සි උනොත් දියුණුවෙන්නෙ නෑ කියන එක. මහන්සි වෙලා දියුණු වෙන සම්භාවිතාවට වඩා සෑහෙන ලොකු සම්භාවිතාවකින් දෙමව්පියෝ ලොකු තැන්වල ඉන්න උන් පොරවල් වෙනවා. උදාහරණ ඕනෙ නෑනෙ.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේක සහතික ඇත්ත බන්. ගොඩක් එවුන් පස්සෙ නොපෙනෙන බලවේගයක් තියෙනවා. ගොඩක් වෙලේට සල්ලි තියෙන දෙමව්පියෝ. නැත්නම් දේශපාලනය. හොරකම. සූදුව.

    ඊටපස්සේ දියුණුවෙලා කතාවක් හදාගන්නවා. රුපියල් සීයක් අරන් කොළඹ ආපු හැටි. කඩෙන් කඩේට ගිහින් රෙදි වික්ක හැටි.

    මමත් ඉස්සර ඔය කතා කියෙව්වා. පස්සෙ තේරුනා මෙතන තියෙන්නෙ සුපිරි බොරුවක් කියලා.

    මේකෙන් කියන්නේ නෑ මහන්සි උනොත් දියුණුවෙන්නෙ නෑ කියන එක. මහන්සි වෙලා දියුණු වෙන සම්භාවිතාවට වඩා සෑහෙන ලොකු සම්භාවිතාවකින් දෙමව්පියෝ ලොකු තැන්වල ඉන්න උන් පොරවල් වෙනවා. උදාහරණ ඕනෙ නෑනෙ.
    පස්සට හොයල බැලුවම පරම්පරාවේ කව්රු හරි පොඩි තැනක ඉදන් පටන් අරන් තියෙන්න ඕනෙනේ .
     
    • Like
    Reactions: tha123 and shenat