@Kolama @T A R O
මොම්කද කියන්නේ
මේක Attac නේද
මාව tag කරපු නිසා විතරක් මේකට උත්තරයක් දෙන්නම් මචන්. නැත්තං මම සාමාන්‍යයෙන් එලකිරි එකට ආවට පස්සේ කෙලින්ම යන්නේ ඉන්බොක්ස් එකට, ගිහින් එතන කවුරු හරි කෙනෙක් අහලා තියන ප්‍රශ්නෙකට උත්තර දෙනවා,guide කරනව, එහෙම නැත්තං emoney section එකට ගිහින් එතන තියෙන thread එකක අහල තියෙන දෙයකට රිප්ලයි එකක් දානව, සහ ත්‍රෙඩ් එකක් අප්ඩේට් කරන්න ටයිම් ලැබුනට පස්සේ thread එකක් අප්ඩේට් කරනවා ඇරෙන්න, මේ එලකිරි එකේ home page එකේ තප්පරයක් වත් නතර වෙන්නේ නැහැ මොකද එච්චරටම mindset එක weak මිනිස්සුන්ගේ කුණු ගොඩවල් වලින්, negative vibes මේක පිරිල තියෙන්නේ, ඒක දැනෙන කොටත් අපහසුවක් දැනෙනව හිතට, ඉතින් පුළුවන් ඉක්මනින් ඒ තැන් වලින්, හෝ පුද්ගලයන් ගෙන් ඈත් වෙන එක මම මට කරන ලොකු උදව්වක්. බොහොමත්ම සුළු පිරිසක්, සමහර විට එක්කෙනයි දෙන්නයි වෙන්නත් පුළුවන් මොනව හරි තමන්ගේ ජීවිතේට වැදගත් වන දෙයක්, තමන්ගේ ජීවිතේ එක අඩියකින් හරි ඉහළට ඔසවන දෙයක් වෙනුවෙන් මහන්සි වෙන්නේ සහ ඒකට අදාළ මොනව හරි දෙයක් මේ forum එකෙන් ඉගෙනගන්නේ.
ඊලඟ කාරනේ මම පෞද්ගලිකව අඳුනන්නේ නැති මිනිස්සුන්ව judge කරන්න මට කිසිම අයිතියක් නෑ. වෙනත් පුද්ගලයෙක්ව personally දන්නේ නැතුව, මං ඔහුව හෝ ඇයව ලගින් ආශ්‍රය කරන්නෙ නැතුව මට බැහැ මං කවදාවත් ආශ්‍රය නොකරපු කෙනෙක්ගෙ life එක විනිශ්චය කරන්න. මොන කාලකණ්නි වැඩක්ද මචං ඒක.? මනුස්සයෙක් පිටට පෙන්වන දේ ඒයාට අවශ්‍ය විදියට මිනිස්සුන්ට දකින්න සලස්වන්න පුළුවන්. ඉතින් ඒ අපිට පෙන්නන දේ විතරක් දැකලා ඒක මත නමි ඒ මනුස්සයව judge කරන්නේ ඒක මොන තරම් විහිළුවක් ද බං. තමන්ටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති වැඩක් ඒක.
තවත් මනුස්සයෙක් ජීවිතේ ගැන හොය හොය ඉන්නවට වඩා, ඒ මනුස්සයගේ ජීවිතෙන් තමන්ටම ගන්න පුලුවන් හොඳම දේවල් ටික විතරක් අරගෙන තමන්ටත් තමන්ගේ ජීවිතේ අඩියක් හරි ඉහළට ගෙනියන්න, ජොබ් එකක් කරන කෙනෙක් නම් තමන්ගෙ රස්සාව ඊළඟ step එකට යන විදිය, promotion එකකට යන විදිය හරි, එහෙම නැත්තං freelance කරන කෙනෙක් නම් තමන්ගේ ආදායම තව ඉහළ නංවා ගන්න ඕන කරන ක්‍රියාමාර්ග අරගන්න එක හරි, කර්මාන්ත කරන කෙනෙක් නම් තමන්ගේ ඒ කර්මාන්ත ඊලග next level එකට ගෙනියන විදිය හොයන්න මහන්සි වෙන එකයි කරන්න ඕනේ. මෙන්න මේ දේවල් වෙනුවෙන් මහන්සි වෙන්න ඕන බං, ඒ කාලය වැය කරන්න ඕන. එහෙම නැත්තං වෙන්නේ කිසිම තේරුමක් නැති, තමන්ට වැඩක් නැති තමන්ගේ අනාගතයටත් වැඩක් නැති වෙන විදියට නිකං තවත් කෙනෙක්ගේ කුණුගොඩක් ගැන කතා කරන්න තමන්ගේ වටිනා කාලය වැය කර ගෙන යනවා නම් ඒක ලොකු අපරාධයක් බං තමන් තමන්ටම කර ගන්න.
මචන් මගේ mindset improvement ගෲප් එකේ හිටියා නම් ඔයා දන්නවා මම හිතන විදිය මොකක්ද කියලා. ගොඩක් දුරට මේ situation එකෙන් මිනිස්සුන්ව, I mean වැඩ කරන මිනිස්සු ටික විතරක් මේ වගේ online platforms වලින් එලියට අරගෙන, ඒ මිනිස්සුන්ගේ mindset හදන්න පුලුවන් තැනක් බිහි කරන්න උත්සහ ගන්නවා මේ අවුරුද්ද අවසානයේ. මනුස්සයෙක්ට දියුණු වෙන්න බෑ මචං තමන්ගේ vibration raise නොකර, mentality එක clean state එකකට ගන්නේ නැතුව.
දැන් මං එන්නම් උත්තරයට. මං මේ දාලා තියෙන පෝස්ට් එකට 100% එකඟ නෑ මචං. 50% true. 50% false. මට වෙන කෙනෙක් ගැන කියන්න බැහැ, මට මං ගැන විතරයි කියන්න පුළුවන් වෙන්නේ. මම මෙතැනට ආවේ බිංදුවෙ ඉදලා. 0 ඉදල පටන් ගත්ත මම දැනට මේ field එකේ number one වෙලා ඉවරයි, අනිත් හැමෝම outrank කරල දැම්මා income අතින් ලසා සහ කෝසල ඇතුළුව. smoked!! ඒ ගැන නිහතමානීව සතුටු වෙන අතරේ, මාව තව ඉහලට අරගෙන යන ගමන්, මං වගේම තව අය බිහි කරන්න මගෙන් විය යුතු දේ කරමින් මන් හෙමින් මගේ ගමන යනව. හරියටම බැලුවොත් අවුරුදු අටකට වඩා මට ගත උනා මේ තැනට එන්න. අවුරුදු 8ක අප්‍රමාණ කැපවීම, මහන්සිය, සහ ඒ වෙනුවෙන් වැය කරපු කාලය මාව මේ තැනට ගෙනාවේ, සහ most importantly the LOA, LOV.
අපේ පවුලේ 6 දෙනෙක් ඔක්කොම, තාත්තාගේ ගුරු පඩියෙන් තමයි පවුලෙ බර ඔක්කොම ඇද්දේ. ඒ කාලේ අද ලමයින්ට වගේ පහසුකම්, resources තිබුණේ නෑ මචං ඉස්කෝලෙන් අවුට් වෙද්දිම තමන් කරන්න ඕන දේ මොකද්ද, තමන් යන්න ඕන පාත් එක මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් විදියේ. හරිහමන් resources, updated වෙන knowledge අපේ කාලෙ ළමයින්ට තිබුනේ නෑ මචං විශේෂයෙන්ම ගමේ ඉස්කෝල වල ඉගෙන ගනිපු ළමයින්ට. ඉස්කෝලෙන් එලියට එද්දි අපි මොකක්ද ඊලගට කරන්න ඕනේ කියන එක ගැන හරි අදහසක් දෙන්න කෙනෙක් හිටියේ නෑ. හරි ට්‍රැක් එකට වැටෙන්නවත් අදහසක් ගන්න මිනිස්සු හිටියේ නෑ.
ඒත් Colombo සමාජය ගත්තොත් කොහොමත් ඉස්සරත් දැනුමෙන් වගේම, field එකේ ඩිමාන්ඩ් වෙන බිස්නස් එහෙම නැත්තං fields මොනවද, degree paths ගැන පවා නිරන්තරයෙන්ම අලුත් වන තොරතුරු එයාලට හැමතිස්සෙම ලැබුණා ගම්වල ළමයින්ට වඩා. 90 දශකයෙහි ගම්වල ඉඳපු ගොඩක් අයට මේ ප්‍රශ්න තිබුණා.
ඒත් අද ඒ හැමදේම වෙනස්. අද මම වගේ වෙන්න උත්සාහ කරන කෙනෙක්ට අවුරුදු 8ක් ගත වෙන්නේ නෑ කොහෙත්ම දැන් තියෙන resources එක්ක. අවශ්‍ය වෙන්නේ අප්‍රමාණ කැප වීමත්, අධික වීර්යය සහ නොපසුබට උත්සාහය විතරයි. දැන් හය හත වසර පුංචි ළමයින්ගේ අතේ පවා ස්මාට් ෆෝන් එකක් තියෙනවා. ඕනි තරම් දැනුම තියෙනවා බින්දුවේ ඉඳන් ඉගෙන ගන්න කෙනෙක්ට හරිම ලේසියෙන් මුල් ඉඳලම ඉගෙන ගන්න ඕනේ කරන හැමදේම අන්තර්ජාලය ඇතුලෙ තියෙනවා දැන්. අපේ කාලෙ මම දැකපු පළවෙනි ෆෝන් එක උනේ ගඩොල් කැට බාගෙක විතර සයිස් එකේ 4n එකක්. දිග ඒරියල් එකක් එළියට අදින්න තිබුනා ඒ ෆෝන් එකේ අපේ තාත්තා ඕක ගෙනාවේ මං පුංචි කාලේ මට මතකයි. මන් ඉස්සෙල්ලම පෝන් එකක් ues කරේ ඒ ලෙවෙල් තුන්වෙනි shy එක කරාට පස්සේ 1100 එකක්. ඒක ගන්නත් මම ගෙදරින් සෑහෙන ඉල්ලලා ලැබූනේ නෑ. යුස් කරපු පෝන් එකක් මං ගත්ත අඩු ගානට මම හම්බ කරපු සල්ලි වලින්.
මම මගේ මේ path එකට ඕනේ කරන සල්ලි හොයාගත්තේ හරි අපූරු විදිහකට මොකද මං කලින් කිව්වා වගේ මගේ ඒ වැඩ වලට ගෙදරින් සල්ලි ඉල්ලන්න පුළුවන් වත් එහෙම නැත්තං සල්ලි දෙන්න පුළුවන් වත් තත්ත්වයක් තිබුණේ නෑ අපේ ගෙදර අයට. මහන්සි වෙලා මගේ වැඩ වලට ඕනෙ කරපු සල්ලි හොයාගත්තා.
..................
මේ කතාව ඔක්කොම සම්පූර්ණයෙන්ම කියන්න ගියොත් මේ ත්‍රෙඩ් එක මදි වෙනව. පුලුඅන් උපරිම කෙටි කලා මේ ටිකත්. මේ ටික කිවුවෙත් voice type නිසා විනාඩි 15ක් වගේ ඇතුලත මේ ටික voice type කරගන්න පුලුවන් වුන නිසා. ආයේ කවදාවත් මාව මේ වගේ ත්‍රෙඩ් එකකට mention කරන්න එපා මචන්. ඒකට මට කරන ලොකු උදවුවක්. දවසක් මගේ සම්පූර්ණ කතාව දාන්නම්, ගන්න කෙනෙක්ට ඕනේම වැදගත් දෙයක් තියෙනම් අරගන්න පුලුවන් විදියට.
කියන්න ඕන කලේ හැමෝටම සල්ලි කාර දෙමවුපියන් නැහැ, ඒ වගේම දේපලත් නෑ, ඒත් මනුස්සයෙක්ට ජීවිතෙ වෙනස් කරන්න නම් ඕන වෙන්නෙ අධික වීර්යය සහ කැපවීම විතරයි බන්. මගෙ ජීවිතේ වාසනාව කියන දේ ඇහින් දැකපු මිනිහෙක් නෙවෙයි, පැත්ත පලාතක මට එහෙම ලැබුනේ නෑ වාසනව කියන වචනෙ වත්. අවසානේ මට universe එකෙ යම් යම් දේවල් අවබෝධ වුනාට පස්සේ වාසනාව කියන දේ අපිටම නිර්මාණය කරගන්න පුලුවන් කියන දේ, අපේ මනසේ තියෙන power එක මම තේරුම් ගත්තා. ඒකට අධික උත්සාහය එකතු වුනාම මනුස්සයෙකේ ජීවිතේ වෙනස් වෙන එක කාටවත්ම නතර කරන්න බෑ, universe එක support කරනව එතන ඉදන් කරන හැමදේටම. දවස් දෙක තුන එක දිගට projects experiments වෙනුවෙන් මම කැප කරල තියෙනව නින්ද විතරක්, මොකද මට වඩා ඉස්සරහින් ඉන්නවනම් කෙනෙක් එයාව outrank කරන්න නම් මම ඒ කෙනා වගේ 4x times වැඩ කරන්න ඕන කියන දේ මම තේරුම්ගත්තා.
සල්ලි තියෙන වත්කම් තියෙන අම්මල තාත්තල ඒ විදියට තමන්ගේ දරුවන්ව ඉහල තැන් වලට යැවුවා කියල, එහෙම නැත්නම් එයාලට business හදන්න support එක දුන්නා කියල ඒකේ කිසිම වැරැද්දක් නැහැනේ. මම නම් හරි සතුටු වෙනව පුද්ගලයෙක් බිස්න්ස් එකක් කරල සාර්ථකත්වයට පත් වෙනව දකිනකොටත්. ඇත්තටම සතුටක් දැනෙනව එහෙම මනුස්සයෙක් දියුනු වෙනව දකිනකොට.
මට සල්ලි තිබුනේ නැති එක ඇත්ත, ඒත් මගෙන් පස්සේ බිහිවෙන පරම්පරාව සල්ලිකාරයෝ වෙලා ඉවරයි, ඒකට මම පාර හදල ඉවරයි. මන් හිතනව මේ උත්තරය ඇති කියල. පස්සෙ දවසක මගෙ කතාව දාන්නම්. ආයෙ කවදාවත් මාව මේ වගෙ කුනුගොඩවල් වලට tag කරන්න එපා මචන්.ඒක කාරුණික ඉල්ලීමක්. emoney section එකෙ ඕනෙම එකකට ටැග් කරන්න. මන් අනිව help කරනව. එහෙම නැත්නම් මගේ එක විනාඩියක් මට පට්ටම් වටිනව මචන්.