මෙන්න දණහිස්සගේ පත්කිරීම් විලිලැජ්ජයිලු...

monson

Well-known member
  • May 7, 2007
    25,779
    28,942
    113
    :lol:

    විලි ලජ්ජයි… සෞඛ්‍ය අමාත්‍යාංශය සම්මත පටිපාටි බිඳ දමා ජපුර රෝහල් සභාපති කාසල් රෝහලේ නේවාසික ප්‍රසව හා නාරිවේද විශේෂඥයා ලෙසත් පත් කරයි…


    ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති ධූරයට ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් පත් කරනු ලැබූ ප්‍රබල මාලිමා හිතවාදියෙක්වන ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයන්ග තිලකරත්න ජයවර්ධනපුර රෝහලේ සභාපති ධූරයට අමතරව කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ නේවාසික ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා ලෙස පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය සම්මත පටිපාටිය පමණක් නොව සදාචාරය ද අමු අමුවේ උල්ලංඝණය කිරීමක් ජයවර්ධනපු රෝහල් ආරංචි මාර්ග පවසයි.

    මීට පෙර ඇල්පිටිය මූලික රෝහලේ සේවය කරමින් සිටි මෙම විශේෂඥ වෛද්‍යවරයා 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ එවකට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස ද කටයුතු කළ අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය විසිනි. ඔහු පරිපාලන අත්දැකීම් සහිත හෝ සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් නොවන බව ද පැවසේ.

    විශේෂඥ වෛද්‍ය ජයන්ග තිලකරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ධූරයට පත්කර එවන්නේ වසර තුනක් සඳහා එම රාජකාරිය සම්පූර්ණ කිරීමටය. ඔහු වෙනුවට ඇල්පිටිය මූලික රෝහල වෙත වැඩබලන විශේෂඥ වෛද්‍යවරයෙකුද පත් කර යවා තිබිණි.

    එසේ තිබිය දී සෞඛ්‍ය අමාත්‍යාංශය කාසල් රෝහලේ නේවාසික ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යව තනතුර පුරප්පාඩු වූ වහාම එම තනතුරට ඔහුව පත් කරනු ලබන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව බව වාර්තා වේ.

    රටේ පවතින නීතියට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අවසරයකින් තොරව අර්ධ රාජ්‍ය හෝ රජයේ රෝහලක පත්වීමක් ලබා දිය නොහැකිය.

    එමෙන්ම මේ අත්තනෝමතික පත්වීම සිදුකර ඇත්තේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ලේඛනය උල්ලංඝනය කරමින් එම තනතුරට පත්වීමට සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ අවස්ථාව ද අහිමි කරමින් බව වෛද්‍යවරු කියති.

    සම්ප්‍රදාය සහ නිශ්චිත ක්‍රමවේද උල්ලංඝණය කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය නොතකා සෞඛ්‍ය අමාත්‍යාංශය හැසිරෙන බවත් ජාතික ජන බලවේග රජයක් යටතේ මෙවැනි හැසිරිමක් වෛද්‍යවරයෙක් ද වන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් හෝ ජනාධිපතිවරයා විසින් පත් කළ සෞඛ්‍ය ලේකම්ගෙන් කිසිසේත් අපේක්ෂා නොකළ බවත් ලංකාසරට අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරු පිරිසක් පැවසූහ.

    මේ සම්බන්ධව විමසීමට අමාත්‍යංශ ලේකම් අනිල් ජයසිංහත්, කාසල් රෝහලේ අධ්‍යක්ෂවරයාත් සම්බන්ධ කරගැනීමට ලංකාසර කළ උත්සාහය ව්‍යර්ථ විය.

    - https://lankasara.com/si/පුවත්/විලි-ලජ්ජයි-සෞඛ්ය-අමාත්/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,779
    28,942
    113

    අමාත්‍යාංශ නිලධාරීන් එරෙහි වෙද්දි සෞඛ්‍ය ලේකම් ජපුර රෝහල් සභාපතිට කාසල් රෝහලේ පත්වීමක් දීලා තියෙන්නේ ඇමතිගේ ඉල්ලීමට ලු…

    • දීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ප්‍රසව හා නාරිවේද විශේෂඥවරුන්ගේ සංගමය දැඩි විරෝධය පළ කරයි! පත්වීම දීලා තියෙන්නේ දොස්තරගේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක හදාගන්න ලු… :lol:

    ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති ධූරයට පත් කළ ප්‍රබල මාලිමා හිතවාදියෙක් වු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ජයන්ග තිලකරත්න කාසල් වීදිය කාන්තා රෝහලේ නේවාසික ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පත්කිරීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා ගත් තීරණයට සියලුම අමාත්‍යාංශ නිලධාරීන් විරුද්ධ වී ඇති නමුත් ජනාධිපතිවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය වරයාගේ නිර්දේශ මත මෙම පත්වීම සිදු කළ යුතුම බව දන්වා සෞඛ්‍ය ලේකම්වරයා විසින් ඒක පාර්ශවිකව එම පත්වීම් ලිපිය නිකුත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කරයි.

    ඒ තත්ත්වය තුළ අදාල පත්වීමට විරෝධය පළ කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලීන්ද ජයතිස්සට සිය විරෝධතාවය ලිඛිතව දැනුම් දීමට මේ වනවිට තීරණය කර ඇත.

    රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතද සිය විරෝධතා ලිපි යොමුකිරීමට සංගම් ඒකමතිකව කටයුතු කරන බව ලංකාසර කළ විමසීමක දී එම සංගම් තහවුරු කළේය. එම වෛද්‍ය සංගම්වල ප්‍රකාශකයින් පැවසුවේ මේ වන විටත් එම ලිපි සකස් කරමින් සිටින බවය.

    සෞඛ්‍ය ඇමතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාට පෞද්ගලික වෛද්‍ය සේවාවේ යෙදීමට ස්ථානයක් සකස් කර දෙන මෙන් සෞඛ්‍ය ලේකම්වරයාගෙන් කළ ඉල්ලිමකට අනුම මෙම ලිපිය සකස් කර ඇති බව කාසල් රෝහල ආරංචි මාර්ග පවසයි.

    - https://lankasara.com/si/පුවත්/අමාත්යාංශ-නිලධාරීන්-එර/
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    scared war GIF
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,779
    28,942
    113
    ලංකාසර? Ay yako mewa Hiru/Derana news wala yanne nette? 😂
    kWeAhQE.png

    77NLLFa.png


    Mawbima 01/01/2025
    - https://mawbima.lk/wp-content/uploads/2024/12/MB-01-01-2025-MB.pdf

    Letters:

    නැති ප්‍රශ්න ඇති නොකර කොන්දක් තිබේ නම් මේ මාරුවීම අවලංගු කරන්න… ජපුර සභාපතිට දුන් කාසල් රෝහලේ පත්වීමට විරෝධය පා GMOA සහ AMS සෞඛ්‍ය ලේකම්ට ලියති…​

    - https://lankasara.com/si/පුවත්/නැති-ප්රශ්න-ඇති-නොකර-කොන/
     
    • Love
    Reactions: 2osama

    Similar threads