You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මෙන්න නියම වීරයෙක්
සිංහල ජාතියේ තියෙන මනුස්සකම දෙමළ මුස්ලිම් සමාජයට පෙන්නපු නිසා එය මාධ්‍යයෙන් වසන් කළා. නොමිනිසුන් වීඩියෝ කරද්දී උදව් ඉල්ලුවත් කවුරුත් නෑ.
Source
නායක ගුවන් භට (46570) නවීන් ධනුෂ්ක රත්නායක
නරඹන්නන් වට කරගෙන තිදෙනෙක් දියේ ගිලෙද්දී
ජිවිතය නොතකා ඔවුන්ගේ ජිවිතය බේරුවේ ඔහුය
"අනතුරක් සිදුවූ සැණින් විනාඩි ගණනකින් පාරට දහස් ගණනක් පැන රියෑදුරු මරා හෝ පහරදී වාහන ගිනි තැබීම මෙම ප්‍රදේශයේ සාමන්‍ය සිරිතය. ග්‍රීස් යකා කියා බොරුවට කලබල ඇති කරමින් විටක අලි සංගණනයට ගිය වනජීවී නිළධාරීන්ට නොසෑහෙන්නට පහර දුනි. ආරක්ෂක අංශ නිළධාරීන් කඳවුරෙන් එළියට ගිය විට ග්‍රීස් යකා බව පවසමින් දහස් ගණන් පාරට බැස විරෝධය පාන්නට වූහ. ජාතිවාදය ඉස්මතු කරමින් මොහොතින් පාරට බැස හර්තාල් කිරීමට දහස් ගණන් පාරට එන්නේ කුහුඹු ගුලක් මෙනි. පසුගියදා දෙතුන් දහසක් පමණ මඩකලපුව මංගලරාමය නිකරුණේ වටකරමින් පොලිසියට විවිධ දේ දමා ගසන්නට මහා චණ්ඩින් දෙතුන් දහසක් මඩකලපුවේ සිටිති. ඉපැරණි දාගැබ් සුණු විසුණු කරන්නට පිරිස් ද සිටිති. නමුත් තමන්ගේ වර්ගයේ පවුලක්ම දියේ ගිලෙද්දී බේරා ගන්නට පෙරකී චණ්ඩින් එකෙක්වත් නොමැත. ජාති ආලයෙන් මත් වන උන් සියල්ලම එදා නොන්ඩින් වී නරඹන්නෝ බවට පත්වූහ.
ඒ වීරකම කළේ ගුවන් හමුදාවේ සිංහල කොල්ලෙකි. ඔහුට ජාති බේදයක් නොතිබුණි. ඔහුට දැනුණේ ඒ ජීවිත කිහිපයක් බවයි. අවසානයේ ඒ වීරකම මාධ්‍යයෙන් වසන් කළේය. එයට හේතුව පවුලක් දියේ ගිලෙද්දී මහා විශාල පිරිසක් එය වීඩියෝ කර කර නැරඹිමය. බොරුවට චණ්ඩින්ව පාරට බැස පිස්සු නටන එවුන්ගේ නරුම ගතිය ලොවට පෙනෙන නිසාය. දෙතුන් සියයක් ජායාරූප ගත්ත ද වීඩියෝ කළ ද එම ජීවිත බේරාගන්නා ආකාරයේ එක් ජායාරූපයක් හෝ සොයා ගැනීමට අපට නොහැකි විය. ඒ ඒවා අන්තර්ජාලයට හෝ දමා නොතිබීම නිසාය."