මෙන්න මිනිස්සු - අදහන්න වටිනවා

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙන්න මිනිස්සු - අදහන්න වටිනවා

    වසර 15 ක්‌ දුම්රිය හරස්‌ මග රකින
    "ඉසි අක්‌කා"
    මෙවන් සමාජ සේවිකාවන් රටට වාසනාවන්!

    isi1.jpg


    "මගේ ජීවිතයටම එදා විතර දුක්‌ වුනු දවසක්‌ තවත් නැහැ. එදා මට හදිස්‌සියකට යන්න බැරි වුණා. එදත් වෙනදා වගේම කෝච්චිය ගියා. මම කොයිකටත් කියලා ගිහිල්ලා බැලුවා. අනේ බුදුහාමුදුරුවනේ හමුදාවේ මහත්තයයි නෝනයි දෙන්නම විසිවෙලා හිටියා. මෝටර් සයිකලය කුඩුවෙලා තිබුණා.

    බැලුවාම දෙන්නාම මියගිහින්. මම හිටියා නම් ඒක වෙන්නේ නෑ.

    මහව ගල්ඔය දුම්රිය මාර්ගයේ පලුගස්‌වැව, පුවක්‌පිටිය ගමේ දුම්රිය හරස්‌ මග පහළොස්‌ වසරක්‌ පුරාවට මුර කරන පුවක්‌පිටියේ ඉසි අක්‌කා තම ජීවිත අද්දැකීමක්‌ එසේ "දිවයින"ට විස්‌තර කළාය.

    අද බොහොම දෙනෙක්‌ සමාජ සේවය කරනු ලබන්නේ, ප්‍රසිද්ධියට, නම්බුනාම ගන්න නැත්නම් කුමක්‌ හෝ ලාභයක්‌ උදෙසාය. එහෙත් පලුගස්‌වැව, පුවක්‌පිටියේ ඉසි අක්‌කා දුම්රිය හරස්‌ මග මුරකරමින් කරනු ලබන සේවයට නම් ලැබූ දෙයක්‌ නැත. එහෙත් මෙවැනි අහිංසක, නිහතමානී සමාජ සේවිකාවක්‌ අප ජන සමාජය අතර සිටීම කොතරම් උතුම්ද යනු සිතා බැලිය යුතුය.

    පනස්‌හය හැවිරිදි ඇය නමින් එස්‌. සිරියාවතීය. කුඩා කලසිට ප්‍රදේශවාසීන් ඇය අමතා ඇත්තේ ඉස්‌සි අක්‌කා යනුවෙනි. පලුගස්‌වැව පුවක්‌පිටිය පදිංචි ඇය දූ පුතුන් හතර දෙනෙකුගේ මවකි. පී. සේරදමා සැමියායි. කරනු ලබන සමාජ සේවයට අමතරව ජීවත්වීම උදෙසා රැකියාව වශයෙන් කරන්නේ පලා විකිණීමයි.

    isi.jpg


    මහව ගල්ඔය දුම්රිය මාර්ගයේ පුවක්‌පිටිය කිලෝ මීටර් 205 කණුව අසල දුම්රිය හරස්‌ මග රකින පුවක්‌පිටියේ ඉසි අක්‌කා තවත් විස්‌තර මෙසේ ප්‍රකාශ කළාය. "මෙතැනට කලකට ඉහතදී උණ බම්බු ගේට්‌ටුවක්‌ තිබුණා. ඒවා ඉවත් කළාට පස්‌සේ දුම්රිය හරස්‌ මාර්ගයේ අනතුරු බහුලව සිදු වුණා. ඊට පස්‌සේ තමයි මම කෝච්චිය එන වෙලාවට මග රකින්න පටන් ගත්තේ. අලුයම තුනේ කෝච්චියේ සිට රාත්‍රී දහයේ කෝච්චිය දක්‌වා මම මග රකිනවා. ඉතිං මේ හරියෙන් කෝච්චිය හයියෙන් යනවානේ. සමහර දාට වල්අලි කෝච්චියට වැදිලා මැරෙනවා. මම මෙතැන දැන් අවුරුදු පහළොවක්‌ දුම්රිය මග රකිනවා. ඒක අපේ ගම්වල පාසල් යන දූ දරුවන් ගේ ඉඳලා ලොකු කුඩා කාටත් ප්‍රයෝජන දෙයක්‌ නිසා මම උපරිම සතුටක්‌ ලබනවා. ඒක මගේ ජීවිතයටම ඇති.

    කිසිදු මුදලක්‌ නොලබා පුවක්‌පිටියේ ඉසිඅක්‌කා සිදු කරන මෙම සමාජ සේවයට අමතරව ඇය ගෙවත්තේ පිංතාලියක්‌ තබා ප්‍රදේශවාසීන්ගේ පිපාසය සංසිඳුවීමට ද කටයුතු කිරීම අගය කළ යුත්තකි.