මෙන්න මෙයා ආයෙත් උඩ නැගලා
මට කණුවකට නගින්න වුණේ නිලධාරීන්ගේ වරද නිසයි
වගකිව යුතු නිලධාරීන් සිය රාජකාරිය නිසි පරිදි ඉටුනොකිරීම නිසා තමන් හට ඉල්ලීම් වෙනුවෙන් කොළඹ, විහාර මහා දේවි උද්‍යානයේ කණුවක් මතට නැගීමට සිදුවූ බව මහේෂ් අසංක ද සිල්වා මහතා පවසයි. පසුගිය දිනෙක ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට අවශ්‍ය බව සඳහන් කරමින් ඔහු විහාර මහා දේවි උද්‍යානයේ කණුවක් මත නැගී සිටි අතර එම නිසා ඔහුට රක්ෂිත බන්ධානාගාරගතවීමට ද සිදුවිය.
තමන් එසේ කණුවක් මත නැගීමට හේතුව පැහැදිලි කිරීම සඳහා මහේෂ් අසංක මහතා අද(19) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. සිය බිරිඳට සිදුවූ අසාධාරණයක් පිළිබඳව ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට අවශ්‍ය වූ නමුත් ඒ සඳහා අවස්ථාව නොලැබීම නිසා තමන් මෙම තීරණයට එළඹි බව එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.
2003 වර්ෂයේ සිට තම බිරිඳ ආරක්ෂක අංශ වලට මානසික හා පෞර්ෂ සංවර්ධන දේශනයන් පැවැත්වූ බවත්, ඇය ඒ සඳහා කිසිදු මුදලක් අයනොකර ස්වේච්ඡාවෙන්ම කටයුතු කළ බවත් ඔහු මෙහිදී කියා සිටියේය. ඇය එම කටයුතු වෙනුවෙන් ක්‍රියාන්විත රාජකාරී පැවති පෙදෙස් වලට පවා ගිය බව ද ඔහු සඳහන් කළේය.
2008 වසරේදී මේ සම්බන්ධව විවිධ ගැටලු පැනනැගි බව හෙතෙම පෙන්වාදෙයි. පැන නැගුණු අති දුෂ්කරතා නිසාම ඇයගේ වැඩ කටයුතු සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකසා දෙන ලෙස ඉල්ලා එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා වෙත ලිපි කිහිපයක්ම යැවූ නමුත් ඒ සඳහා ස්තූති ලිපියක් පමණක් ලැබුණු බව ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
තමන් හා තම බිරිඳ මෙවැනි තත්ත්වයක් මතත්, ප්‍රතිපාදන නොමැතිකම නිසා ඉතා අසරණ බවට පත්වූ බව ද ඔහු කියා සිටියේය. ජනාධිපති ආර්යාවට මේ පිළිබඳව දැනුම් දුන් පසු ඇය සිය බිරිඳගේ සේවය ඉතාමත් අගය කර ජනාධිපතිවරයා හමුවීම නිසා අවස්ථාවක් ලබාදුන් බව ද සඳහන් කළේය.
නමුත් වගකිවයුතු නිලධාරීන් නිසා තමන් හට කරදරවීමට සිදුවූ බවත්, ඔවුන් එම හමුව අවලංගු කළ බවත්, ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව ලබානොදුන් බවත් සිල්වා මහතා ප්‍රකාශ කළේය. එමනිසා සිය ඉල්ලීම ඉල්ලා කණුවක් මතට නැගීමට සිදුවූ බව ඔහු පෙන්වාදෙයි.
එමෙන්ම හේතු, කාරණා කිහිපයක් මත තම බිරිඳට ඇතිවූ ගැටලුව අනාවරණය කළ නොහැකි බවත්, ජනාධිපතිවරයා වෙත පමණක් ඒ බව හෙළිකරන බවත් මෙම මාධ්‍ය හමුවේදී අසංක ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. පවතින කාර්යයබහුලත්වය තරමක් සංසිදුණු පසු තමන්ට එම අවස්ථාව ලබදීමට එකඟත්වය පළව ඇති බව ද ඔහු පැවසීය.
තමන්ට මෙවැනි තත්ත්වයකට මුහුණපෑමට සිදුවූයේ අකාර්යක්ෂම, දුර්වල නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා බවට ද හෙතෙම චෝදනා කරයි. එය ජනාධිපතිවරයාගේ වරදක් නොවන බව ද ඔහු පෙන්වාදෙයි.