මටත් ස්කුවී ගැන තියෙන්නේ අනුකම්පාවක් , හැමෝටම හැමතැනදිම මු කුණුහරුප කියන බව ඇත්ත, නමුත් මෙතැනයි තව ත්‍රෙඩ් එකකයි තියෙන විස්තර බැලුවම මුට අපි අනුකම්පා කරන්න ඕන කියල හිතෙනවා, මේකේ ඕනෑතරම් ඇති ස්කුවී ට pm එකක් දාලා උගේ ජිවිතේ හදා ගන්න උදව් කරන්න පුළුවන් එවුන්,හැමෝම එකතු වෙලා මුව තවත් නෝන්ඩි කරලා ජිවිතේ එපා කර වන්නේ නැතුව එහෙම දෙයක් ගැන සොයා බැලුව නම් හොදයි නේද?.. ස්කුවී පිස්සුවෙන් වැඩ කලාට අනිත් එවුන් ට සිහි කල්පනාව තියෙනවනේ . මේ වගේ මානසිකත් වයක් තියෙන එකෙක් දැක්කම හිනා වෙන්න එපා මචන් ලා . අද එහෙම හිනා වෙන අපිට හෙට කොහොම වේවිද දන්නේ නැහැ නේ.