ඔය ගීතය සරසවි ආදරයක් සම්බන්ධව ලියැවිච්ච ගීතයක් නේද.. ඒත් ඒක වැඩිය කැපිලා පේන්නෙ නෑ.. අසූ ගණන් වල මැද භාගයේ ලියැවිච්ච ගීතයක්.. මගේ මතකයේ හැටියට ඔය ගීතය පද රචනය කරලා තියෙන්නෙ බුද්ධදාස ගලප්පත්ති මහත්තයා.. සංගීතය රෝහණ වීරසිංහයන්ගේ.. ශෝකී රසයට විරහව වඩාත් මතුවන ආකාරයේ තනුවක් තමයි රෝහණ විරසිංහ අතින් නිර්මාණය වෙලා තියෙන්නෙ.. කොහොමත් වික්ටර් රත්නායකයන්ගෙ සමහර ගීත අහද්දි ඇස් වලට කඳුළුත් එනවා.. එතුමන් ඒ තරම් සුන්දරව ගීත ගායනා කරනවා..
සිව් වසරක පෙම් ගීතය
ගොලු වෙලා ගියාදෝ
අළුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ
මායාවකි ප්‍රේමය
මා හඳවත රිදවූයේ
සෝ ගීයක් දුක්බර වූ
සැනසුම කොහි වේදෝ
කොච්චර නම් ලස්සනද..
සිව් වසරක පෙම් ගීතය
ගොලු වෙලා ගියාදෝ
අළුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ
මායාවකි ප්‍රේමය
මා හඳවත රිදවූයේ
සෝ ගීයක් දුක්බර වූ
සැනසුම කොහි වේදෝ
කොච්චර නම් ලස්සනද..

