මෙන්න මොන්සොන් ඒ පාර BBC බොරු කියනව .

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙන්න මුන් දැන් ටික දවසකට කලින් ඇත්ත කිව්ව කලින් දැනුම් දුන්න කවුරුත් ගනන් ගත්තෙ නෑ කියල දැන් හෙන පච කෙලිනව . @monson මුන්ට හෙනම ගහන්න ඕන නේද

    ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ රජය ක්‍රියා කළ ආකාරය ගැන UN වාර්තාවක් නිකුත් කරයි​


    ගංවතුර තත්ත්වය හමුවේ ඉවත්ව යන ජනතාව

    ඡායාරූප මූලාශ්‍රය,Getty Images
    Article Information
      • Author,බීබීසී සිංහල
      • Role,
    • මිනිත්තු 53 පෙර
    දින කිහිපයක සිට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ මහ ජනතාවට ජීවිතාරක්ෂාව සැපයීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම වෙනුවෙන් රජය කඩිනමින් ක්‍රියා කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් කර තිබේ.
    දෙසැම්බර් 01 වන දින නිකුත් කරන ලද මෙම වාර්තාවේ සඳහන් කර ඇත්තේ, මෙම තත්ත්වය සඳහා අවශ්‍ය අරමුදල් කඩිනමින් සැපයීම වෙනුවෙන් අනවශ්‍ය ප්‍රමාදයන් මගහරවා ගනිමින් රජය කටයුතු කර ඇති බව ය.

    සිදුවූ හානිය​

    පසුගිය දිනවල වැඩි ම බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාත්මකව ගම්පහ, කොළඹ සහ පුත්තලම යන ප්‍රදේශවල වැඩි වශයෙන් වාර්තා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
    මධ්‍යම කඳුකරයේ, විශේෂයෙන් මහනුවර සහ ගම්පොළ අවට ප්‍රදේශවල නායයාම් ගණනාවක් වාර්තා වී ඇති අතර, නොවැම්බර් 30 වන විටත් තවදුරටත් එම ප්‍රදේශවල පුද්ගලයන් අවතැන් වෙමින් පවතින බව එම සංවිධානය නිරීක්ෂණය කර තිබේ.
    දැනට වසා දමා තිබූ ප්‍රධාන මාර්ග කිහිපයක ප්‍රවේශයන් නැවත යථා තත්ත්වයට පත් කර ඇතත්, තවමත් බරපතළ ලෙස යටිතල පහසුකම් අර්බුදයක් පවතින බව වාර්තාවේ සඳහන් ය.
    එහි පෙන්වා දී ඇති තවත් වැදගත් කරුණක් වන්නේ, විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වෙමින් තිබුණ ද ගංවතුර, නායයාම් සහ හානි වූ විදුලි සම්ප්‍රේෂණ මාර්ග අලුත්වැඩියාවට බාධා ඇති වී තිබෙන බව වත්මන් තොරතුරුවලින් පෙනී යන බව ය.

    රජයේ මැදිහත්වීම​

    එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ මෙම වාර්තාවේ, මෙම ව්‍යසනය හමුවේ රජය කටයුතු කළ ආකාරය පිළිබඳව විශේෂයෙන් සඳහන් කර තිබේ.
    සිදුවිය හැකි ප්‍රමාදයන් මග හරවා ගනිමින් රජය ක්ෂණික සහන සඳහා රුපියල් බිලියන 30ක් වෙන් කර ඇති අතර, අතිරේක ඇස්තමේන්තුවක් හරහා තවදුරටත් ආධාර ලබා දීමට නියමිත බව ඔවුන් වාර්තාවේ දක්වා තිබේ.

    https://www.bbc.com/sinhala/article...xze7cvAblCqP7Da8MQ_aem_R-0MIOuXz6oOJIQgL9NRTA


    කොටි BBC :angry::angry::angry::angry:
     

    Similar threads