මෙයාව මතකද?

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    422109_346249518747565_193218727383979_898482_811026530_n.jpg


    ඔබ කුඩා අවදියේ ආශාවෙන් නැරඹූ හෝම් අලෝන්(Home Alone) නම් චිත්‍රපට මාලාව මතකද? එසේ නම් ඔබට එම චිත්‍රපට මාලාවේ රග පෑ සුරතල් ළමා නළුවා අමතක වීමට කිසිම හේතුවක් නොමැත.අප කුඩා කල අපට වීරයෙකු වූ ඔහුගේ සැබෑ නම මැකියුලේ කල්කින්(Macaulay Culkin) වන අතර ඔහු දැන් 31 හැවිරිදිය..

    ඉහත ඡායාරූපයේ දකුණු පස ඇති මැකියුලේ කල්කින්ගේ මෑත කාලයේ ඡායාරූපය ඔහුගේ රසිකයෙකු විසින් ඔහු අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වීදියක ඇවිද යමින් සිටියදී ලබා ගෙන තිබූනි. එම ඡායාරූපට අනූව අවුල් වූ කෙස් වලින්ද,නොකැපූ රැවුලකින්ද, කෲෂ වූ ශරීරයකින්ද, අපිලිවෙලට ඇදි ඇදුම් වලින් ද යුතු ඔහු හඳුනාගත නොහැකි තරම් වේ. සමහරුන් ඔහු යම් රෝගී තත්වයකින් පෙලෙන්නේදැයි සැක පහල කලත් මැකියුලේගේ ප්‍රකාශකයාට අනූව ඔහු ඉතාම යහපත් ශරීර සෞඛ්‍ය තත්වයෙන් සිටී.

    1990 දශකයේ මුල්භාගයේදී හෝම් අලෝන් චිත්‍රපට මාලාවේ රග පෑ සමයේ හොලිවුඩ් පුරයේ සිටි ජනප්‍රියම ළමා නළුවා ඔහු වූ අතර 1994 දී රිචී රිච් නම් චිත්‍රපටයේ රග පෑමට ඔහු පවුම් මිලියන 4ක ගාස්තුවක් අය කලේය... ඒ සමයේ රග පෑමෙන් විශාල මුදල් සම්භාරයක් උපයා ගත්තත් පසු කලක ඔහුගේ දෙමව්පියන් එම මුදල් නාස්ති කල බව පැවසෙන අතර වසර 2000න් පසු ඔහු යලි රංගනයට පිවිසුනත් පසුව ඔහු රග පෑ එකදු චිත්‍රපටයක්වත් හෝම් අලෝන් චිත්‍රපට මාලාව අත් කර ගත් ජනප්‍රියතාව අත් කර ගැනීමට අසමත් වූ බව පැවසේ.

    2004 වසරේදී මරිජුවානා භාවිතය නිසා මැකියුලේ අතඩංගුවටද පත් විය. එසේම මයිකල් ජැක්සන් සමඟ ජීවත් වූ බවට ද ඔහුට චෝදනා නැඟී තිබිණි. 2010 වසරේදී මැකියුලේ ජනප්‍රිය නිළි මිලා කුනිස් සමඟ පැවැති අට වසරක සම්බන්ධතාවද අවසන්කර දැමීය.මේ සියල්ල අතර හඳුනාගත නොහැකි තරම් ඔහු කෘශ වී ඇති බව ලෝකය දුටුවේ පසුගිය සතියේය.


    FB එකෙන් ඉස්සුවේ...මේක ඇත්ත වෙන්න පුලුවන්ද?
    :no::no::no::no::no::no::no: