අන්තරේද, පෙරටුද, සජබෙද, ලිබ්බොද, ස්වාධීනද අදාල නෑ. විරෝධතාවක් දැක්වීම නිසා අපහසුතාවයට පත්වෙන අය වෙනුවෙන් පෙනී ඉන්නව.
මේ සියල්ලම ජනතාව පොලිටිකල් එලීට් එකකට විරුද්ධව නැගිටපු නිසා වෙන දේවල්. රජයට මේ ප්‍රසිද්ධ අරගල චරිත වලට වඩා මල තියෙන්නෙ අරගලයෙ අවශේෂව හිටි අපි වගේ සාමාන්‍ය මිනිස්සු එක්ක. එක අතකින් පාලකයොන්ගෙ ඊගො එක රිදිලා, අනිත් අතට උන්ගෙ ක්‍රියාකාරකම් වලට තර්ජනයක්. ඔය සනත් නිශාන්තල එහෙම මේ දවස්වල හැසිරෙන්නෙ එදිරිවාදියෙක් තමන්ගෙ වසම ආක්‍රමණය කරපු වෙලාවක ගමේ චණ්ඩියා හැසිරෙන විදිහට. උන්ගෙ පැත්තෙන් ඒ ප්‍රතිචාර තාර්කිකයි මොකද එයාලට මේක ගල උඩ සටනක්.
විරෝධතාකාරයො ත්‍රස්තවාදියො විදිහට පබ්ලික් ඔපීනියන් එක හමුවෙ රෙජිස්ටර් වෙන එක අපේක්ෂා නොවුන දෙයක් නෙමේ. රජයෙන් ඒ නැරටිව් හදන එක වෙන කතාවක්. ඒත් ඒවා මිනිස්සු විසින්ම බබ්බු වගේ විස්සෝප වෙලා කර තියන් දුවනව කියන්නෙ ආපහු පරණ ට්‍රැක් එකටම රට වැටුන කියන එක.
එකතු වෙනවනම් මේ මොහොතට වඩා හොඳ වෙලාවක් නෑ. බෙදෙන ඒව පස්සෙ බෙදිල වෙන් වෙන්න පුලුවන්.