සිංහල රැප් ආපු මුල් කාලේ කිව්වෙත් ඔහොම තමා මට හිතෙන්නේ කාලයත් එක්ක හැදිලා ඒවි තාම කව්රුවත් හරියන ක්‍රමේ අල්ලාගත්තේ නැති කේස් එක තියෙන්නේ .අනික මේක ලංකාවට අලුත් දෙයක් නේ . ටෙනිසන් කුරේ ,විජය නන්දසිරි වගේ අය ඒකාලේ ස්ටෑන්ඩ් අප් කොමඩි වලට බැස්ස නම් වේ වෙද්දී සැහෙන්න ඉස්සරහට ඇවිල්ල මේ ෆීල්ඩ් එක .ලංකාවේ standing up comedy නැ බෝල ..අර හසලක කියල කළු මිට්ටෙක් කරනවා මෙලොරහක් නැ ලංකාවේ standing up comedy ඉන්නේ එකම සෙට් එකයි ඉන්ටනැෂනල් ලෙවල් ඒ ගෙහාන්/ඩිනෝ සෙට් එක උන්ගේ freddy බැලුවනම් රහ තෙරේයි ..මම කියන්නේ සිංහල භාෂාවෙන් standing up comedy කරන්න බැ එක සාර්ථක නැ මොකද ටේක්නිකලි භාෂාව කම්ප්ලේක්ස් වැඩි ..පට්ටම නිර්මාණාත්මක කෙනෙක්ටනම් කරන්න පුලුහන් ලංකාවේ නම් එහම උන් මතක් වෙන්නේ නැ...

aniwa..india wala balanna , hindi + english mix karala pattata views thiyana stand ups thiyanawaසිංහල රැප් ආපු මුල් කාලේ කිව්වෙත් ඔහොම තමා මට හිතෙන්නේ කාලයත් එක්ක හැදිලා ඒවි තාම කව්රුවත් හරියන ක්‍රමේ අල්ලාගත්තේ නැති කේස් එක තියෙන්නේ .අනික මේක ලංකාවට අලුත් දෙයක් නේ . ටෙනිසන් කුරේ ,විජය නන්දසිරි වගේ අය ඒකාලේ ස්ටෑන්ඩ් අප් කොමඩි වලට බැස්ස නම් වේ වෙද්දී සැහෙන්න ඉස්සරහට ඇවිල්ල මේ ෆීල්ඩ් එක .
SLVLOG උන් නම් හොදයි මල ගෙවල් වල කතා පවත්තන්න![]()
![]()
![]()
compare karanne moktda bn. kisima ekakata hina gye ne. ubala hina wenne compare karalada?mehemai machan api black and dino or chuti malli podi malli or anyone ekka compare karala wadak naa neda mekiwa... anika kellek ne bn...
sathutu wenna puluwan issahara develop wei kiyala...
anika black and dino unath mul kale fail kiyala unuth kiyala thiyenawa interviews wala... minissu hina gassanawa kiyana eka amarui bn...
Gahuwa bn
විහිළු අස්සෙන් තමන්ගෙ Personal Opinion දෙද්දි ඒක joke වෙන්නෙ නෑ. ඒවට කියනනේ Campaign කියල. ලංකාවෆ විතරක් නෙමෙයි හැබැයි බහුතහයක් "Comedian" ල කියල ඉන්න සෙට් එක කරන්නෙ ඒක. Left Aligned thinking pattern එක ගොඩක් වෙලාවට Push කරනව. එහෙම නැතුව Reality එකේ ඉඳන් Joke කරන්නෙ Ricky Gervais විතරයි මටනම්. අනිත් උන් ඔක්කොම කාටහරි ඕන Agenda එකක් Push කරයි. Jimmy Fallon, Jimmy Kimmel, Trvor Noah, තව උස රිට වගේ සුද්දෙක් ඉන්නව ඒකා etc.මදි...තව පොලිෂ් වෙන්න ඕනෙ. ඒත් මෙයාව මේ ටිකේ බයිට් එකට ගන්න තරම් මට අවුලක් පේන්නෙ නම් නෑ. කමීඩියන් කෙනෙක්ගෙ ලයිෆ් සයිකල් එකේ මුල් හරියෙ බෝම්බ් කිරීම ටිකක් අනිවාර්‍ය දෙයක් පස්සෙ තමා තමන්ගෙ මැටීරියල් හරියාගෙන එන්නෙ ඒ නිසා මෙයාලට අග්‍රෙසිව් විදිහට නොසලකා හැබැයි අවංකව ෆීඩ් බැක් එකක් දුන්නනම් හොඳයි.
ටානියා ගැන කතා කරන අය අතරෙ ඒ විහිලු වලට හිනා නොගිය නිසා ඒක ෆ්ලැට් අවුට් කියල දාපු අය ඉන්නව, කිසි ගැටලුවක් නෑ ඒක අවංක ප්‍රතිචාරයක් ඒ මිනිස්සුන්ට බැනල වැඩක් නෑ කකුලෙන් අදින්න එපා අරව මේව කියල. ඒත් එක්කම ලෝකෙ සෙට් එකක් ඉන්නව කමීඩියන් ෆීමේල් කෙනෙක් නම් අපෝ හිනා යන්නෑනෙ කියල කියන්න බලන් ඉන්න අය. එයාල බලන්න පටන් ගන්නෙම හිනා නොවී ඉන්න ගැම්මෙන්. මෙයාලට අනුව ලෝකෙ ස්ටෑන්ඩ් අප් ආටිස්ට්‍රියෙ කාන්තාවො ඒ තරම් දෙයක් කරල නෑ. අන්න ඒ ජාතියෙ පුතයල ටිකකුත් මම දැක්කා තැන් තැන් වල, ඒ අය කියන ඒව නම් ගණන් ගත යුතු නෑ මොකද ඔය අන්තයෙ ඉන්න පරිශිලකයොන්ගෙන් තමන් කැමතිම කමීඩියන් ල නම් කරන්න කියල කිව්වොත් කියන්නෙ රසල් පීටර්ස්, ට්‍රෙවර් නෝවා, කෙවින් හාට් ජාතියෙ හරිම මේන් ස්ට්‍රීම් arena comics ල (කමක් නෑ ඉතින් මේකනම් ඔයාගෙ ටේස්ට් එක). ලොකූ එනර්ජි එකකින් සබ්ට්ල්ටියක් නැතුව ක්‍රවුඩ් වර්ක් කරන එක, එත්නික් විහිලු කරන එකම නෙමේ ස්ටෑන්ඩ් අප් කියන්නෙ ඒකෙ ඔබ්සර්වේෂනල්, පර්ෆෝමටිව්, ස්ට්‍රීම් ඔෆ් කොන්ෂස්නස් වගේ විවිධාකාර ඒව තියෙනව කියල නොදන්නව වෙන්නත් පුලුවන් සමහර විට, අඩුවෙන් දැනගත්තම විශාල මෝඩ කන්ෆිඩන්ස් එකක් එනව.
පලි:
ටානියට අදාල නෑ. හසලක එහෙම කරන කොමඩි එක අතකට අපි දන්න ස්ටෑන්ඩ් අප් කියල කියන එකත් වැරදි. ඒක අපේම සීන් එකක්. ස්ටෑන්ඩ් අප් කොමඩියකයි හරිම ඔපීනියනේටඩ් විදිහට ලියපු සිංහල ෆේස්බුක්/බ්ලොග් පෝස්ට් එකක් ක්‍රොස් කරපුවහම එන එක තමයි හසලක වගේ අය කරන්නෙ. මන් කියන්නෙ ඒකත් මරු. ඒක තමා සිංහල ස්ටෑන්ඩ් අප් කියන්නෙ. අපිට සමහරවිට ලාවට පොලිටිසයිස් නොකර ඉන්ටලෙක්චුවලයිස් (හෑලිසයිස්?) නොකර කොමඩි කරන්න බැරුව ඇති සමහර විට. මට ඒවට හිනා යනව. සමහර වෙලාවට බකස් ගාල හිනා යනව. සමහර ඒව තියෙනව ඒ මොහොතෙ කමීඩියන් අපිට දෙන ප්‍රතිවේධය නිසා තමන්ගෙ හෝ සමාජයෙ විකාරරූපි බව ගැනම හිනා යන. මේ ඔක්කොම කොමඩි තමා තෝරන්න රෑන්ක් කරන්න එපා ඒක හරි නෑ.
තෝ වගේ third class උන්ට ගැලපෙනවා හොදට ඒකයි ගනන් ගන්න එපාමේ කෙල්ලට හෙනම මඩක් ගැහුවා.. ඇයි ඒ
විහිළු අස්සෙන් තමන්ගෙ Personal Opinion දෙද්දි ඒක joke වෙන්නෙ නෑ.
ඒවට කියනනේ Campaign කියල. ලංකාවෆ විතරක් නෙමෙයි හැබැයි බහුතහයක් "Comedian" ල කියල ඉන්න සෙට් එක කරන්නෙ ඒක. Left Aligned thinking pattern එක ගොඩක් වෙලාවට Push කරනව. එහෙම නැතුව Reality එකේ ඉඳන් Joke කරන්නෙ Ricky Gervais විතරයි මටනම්. අනිත් උන් ඔක්කොම කාටහරි ඕන Agenda එකක් Push කරයි. Jimmy Fallon, Jimmy Kimmel, Trvor Noah, තව උස රිට වගේ සුද්දෙක් ඉන්නව ඒකා etc.
Politics Personal opinion push කරන එක Generalize උනේ පස්සෙ කාලෙක. කාලීන Joke කරන්න ගියාම. නැතතම් Standup Comedian ඉන්නෙ තමන්ගෙ පක්ෂෙට හීන් නූල් Campaign කරන්නවත් තමන්ගෙ personal agenda push කරන්නවත් නෙමෙයි. එහෙම නැතිComedy තමයි පහල තියෙන්නෙ.කොයිල් ද බන් උඹලට. පර්සනල් ඔපීනියන් කියන්න බැරි නම් ස්ටෑන්ඩ් අප් කරල වැඩක් තියෙනවද. ස්ටෑන්ඩ් අප් කියන්නෙ ලෝකෙ තියෙන රෙගියුලේෂන් අඩුම ආට් ෆෝම් වලින් එකක් ස්ටෑන්ඩ් අප් කරන්නෙත් ගොඩක් වෙලාවට කිසි දෙයක් ගැන සීරියස් ව නොගන්න, කම්මැලි, තමන් කියන දේ ගැනවත් තදට ෂුවර් එකක් නැති චිල් ඩයල්. උඹල ඒක අස්සෙ සමාජ වගකීම් එතික්ස් හොයන්නද යන්නෙ.
ඔය කිව්ව උන් ටික දැන් වැඩ කරන්නෙ ස්ටෑන්ඩ් අප් ඇක්ට්ස් ලා විදිහට වඩා කෝපරේට් ඩයල් වගේ, ඔතන දෙන්නෙක් ස්ටෑන්ඩ් අප් කරන්නෙත් නෑ. උඹ ස්ටෑන්ඩ් අප් කමීඩියන්ස් ල ගැන එක්කො දන්නෑ නැත්තම් වැඩියෙන්ම ඇහෙන නම් ටික ඇරෙන්න ඉතුරුවා අතෑරල.
හැම කමීඩියන් කෙනෙක්ගෙම වගේම රිකී ජර්වෙස් ගෙත් දෘශ්ඨිවාදයක් තියෙනව. උඹට ඌව විශේෂය අවංක කෙනෙකි පුතේ වගේ පේන්නෙ උඹ කැමති ඒව කියන නිසා. මාත් එයාට හරි කැමතියි ඒක වෙනම කතාවක්. උගෙ පර්සනල් ඔපීනියන් ඒ, ඒකත් පොලිටිකල්.
ඉන්ඩස්ට්‍රි ඇතුලෙ මේ මොහොතෙ වම්මුන්ට අපර් හෑන්ඩ් එකත් තියෙන බව රහසක් නෙමේ ඒකනෙ මේ මැසිවිලි (මේ යන විදිහය තව දශකෙකින් විතර වම්මු නාහෙන් අඬන වාරෙත් එයි). කිරියෙ ෆිල්ම් එකක් දැම්මත් සින්දුවක් දැම්මත් ඒ ප්‍රඩක්ෂන් එක ගැන කතා කරනව වෙනුවට කල්චර් වෝ එකේ නවතම තත්ත්වය ගැන තම තමන්ගෙ පොලිටිකල් ඔපීනියන් දාන රිප්ලයි ගානින්ම පැහැදිලියි ආට් වලට වඩා පොලිටිකල් වලියක් ඇදගන්න අපිට උවමනාවක් තියෙන බව. ඒත් ඕවට අහු නොවෙන ඒව ගැන කෙයා නොකරන විශාල ආටිස්ට් ලා ප්‍රමාණයක් ඉන්නව. මාර ලස්සන වැඩ විශාල ප්‍රමාණයක් වෙමින් තියෙනව. ඒව දකින එක ඉතින් තමන්ගෙ වැඩක්. ට්විටර් වලි නෙමේ බන් හැමදේම. ඔයිට වඩා රොමෑන්ටික් වෙයල්ලකො ආට් ගැන.
මට කිරියෙ එකෙක් කිව්වා දැන් ෆිල්ම්ස් වැඩක් නෑ නෝලන් ස්කෝසෙසි ඇරෙන්න හොඳ ෆිල්ම් හැදන අය නෑ කියල. කොච්චර ආතල් එකක් මිස් වෙලා තියෙනවද! මගෙ මුල් රිප්ලයි එකේ කියන්න ට්‍රයි කරේ ටිකක් ඩයිවර්ස් තාලෙට ස්ටෑන්ඩ් අප් කොමඩි බලන්න, connoisseur කෙනෙක් වෙන්න කියල ඒක තමා සමස්ත ආට් ගැන ආපහු කියන්නෙ.
කෝපි කඩේ බල බල ඉඳලා එක පාරට මේවා බලන්න ගත්තම ඔහොම වෙනවා.විහිළු අස්සෙන් තමන්ගෙ Personal Opinion දෙද්දි ඒක joke වෙන්නෙ නෑ. ඒවට කියනනේ Campaign කියල. ලංකාවෆ විතරක් නෙමෙයි හැබැයි බහුතහයක් "Comedian" ල කියල ඉන්න සෙට් එක කරන්නෙ ඒක.
සුපිරි. මේකිට වෙලා තියෙන්නේ social conflicts ඇදල ගන්නවා. ඒ නිසා අපේ toxic audience එක මෙයාව categories කරනවා බයියෙක්, බුද්ධාගමට ගහනවා කියලා. මට නම් හිනා ගියා. අර කැරි බතල පොන්නයාගේ ඒවාට හිනා ගියේ නෑ.
කෝපි කඩේ බල බල ඉඳලා එක පාරට මේවා බලන්න ගත්තම ඔහොම වෙනවා.
------ Post added on Feb 12, 2023 at 6:22 AM