මෙය ලාංකීය සිනමාවේ වෙනසක් කළ චිත්‍රපටයක්

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    මෙය ලාංකීය සිනමාවේ වෙනසක් කළ චිත්‍රපටයක්

    සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිනමා කෘති බොහෝ ප්‍රමාණයකට දායක වූ ඔහු අධ්‍යක්ෂකවරයෙකු ලෙස "ප්‍රවේගය" චිත්‍රපටයට දායක විය. ඔහුගේ අධ්‍යක්ෂනයෙන් යුත් නවතම සිනමා නිර්මාණය වන්නේ මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත වන "මායා" චිත්‍රපටයයි. ඔහු ඩොනල්ඩ් ජයන්තය.

    "මායා" චිත්‍රපටය ගැන මුලින්ම කතා කරමු?

    "ප්‍රවේගය" චිත්‍රපටය නැරඹූ සියලු දෙනා "මායා" චිත්‍රපටය නරඹන බව මම දන්නවා. දින පහකදි එක්කෝටි අට ලක්ෂයක් උපයා තිබෙනවා. සිනමාහල් පිරී ඉතිරීයනවා. මෙවැනි චිත්‍රපට තමයි ප්‍රේක්ෂකයන් ඉල්ලන්නේ. භීතිය, හාස්‍ය, ආදරය මේ හැමදේම මෙහි තිබෙනවා. කළමනාකරුවන් කියන ආකාරයට මිනිසුන් සතුටින් නරඹන සාර්ථක චිත්‍රපටයක් තමයි "මායා". කබාලි වගේ චිත්‍රපටයක් නරඹන්න මිනිස්සු ගේට්ටු කඩාගෙන ආවා. ඒ වගේ චිත්‍රපටයක් තමයා "මායා" කියන්නෙත්. ලංකාවෙ වැඩිම ආදායම උපයන චිත්‍රපටයක් බවට "මායා" පත්වෙයි.

    "කාංචනා" කියන දමිළ චිත්‍රපටයෙ කොපියක් තමයි "මායා" කියන්නේ?

    ලෝකෙ හැම තැනම කොපි තමයි කරන්නෙ. හැත්තෑව දශකයේ සිංහල සිනමාවේ ලෙනින් මොරායස්, යසපාලිත නානායක්කාර, ජේ.සෙල්වරත්න යන අය කළෙත් දමිළ චිත්‍රපට කොපියක් අරන් එහි ආකෘතිය ලංකාවට අවශ්‍ය පරිදි සකස් කරලා චිත්‍රපට කරපු එක.

    "එදත් සූරයා අදත් සූරයා", "අංජානා", "නැවත හමුවෙමු" වැනි චිත්‍රපට දමිළ චිත්‍රපටවල කොපි. හැබැයි ඒ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවලා තියෙනවා. "කාංචනා" කියන කොපිය අරගෙන එහි අනුවර්තනයක් විදිහට අපි "මායා" චිත්‍රපටය නිර්මාණය කළා. ඒක තවත් කොපියක් නෙමේ. ප්‍රේක්ෂකයෝ එය භාරගෙන තිබෙනවා. කොපිය වුණත් හොඳට කළොත්, ප්‍රේක්ෂකයන් එය රිජෙක්ට් කරන්නෙ නෑ.

    ඉන්දියාව තුළ "කංචනා" චිත්‍රපටය නිර්මාණය වුණේ සංක්‍රාන්තික ලිංගිකයන් ගැන මානුෂ වාදීව බැලීම අරමුණු කරගෙන. ලංකාවෙ ප්‍රේක්ෂකාගාරය මෙය කෙලෙස භාරගනීද?

    ඔවුන් ආදරය කිරීම, ගරු කිරීම ගැන කතා කරනවා. එහෙම නොකළොත් අප සමග වෛර බැඳීම තමයි සිදු වෙන්නේ. මෙවැනි චරිතවලට ආදරය කරන්න කියන එක මේ හරහා ප්‍රකාශ කරනවා. මෙවැනි චරිත මුළු පවුලක් ජීවත් කරනවා මං දැකලා තියෙනවා. මෙවැනි හෝමෝන වෙනස් වූ අය උසස් ජනප්‍රිය පුද්ගලයන් වෙලා තියෙනවා. නමුත් ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ. ඔවුන් අපි වගේ ජීවත් වන මිනිස්සු. එය මේ චිත්‍රපටය හරහා ගෙන එනවා. ඔවුන් ඒ ගැන හිතන්න ගනියි කියලා මම හිතනවා.

    2016-09-08-ent-74.jpg

    416d9a3cfcd0b4f3f5493ea2295da7dc_L.jpg

    රංජන් රාමනායක "මායා" කියන චරිතය ලංකාවේ පවතින වාතාවරණය සමග භාරගැනීම ගැන කතා කළොත්?

    මේ පිටපත රංජන් රාමනායකට දෙද්දි මුලින් කැමති වුණේ නැහැ. පාරේ බැහැලා යන්න බැරිවෙයි, පාර්ලිමේන්තුවට යන්න ලැබෙන එකක් නැහැ කියලා ඔහු කිව්වා. මේ චරිතය ෂාරුක්ඛාන් කරලා තියෙනවා. රැජිනිකාන්ත් මේ චරිතය කරලා තියෙනවා. කමලා හසන් මේ චරිතය කරලා තියෙනවා. ලංකාවෙ මේ චරිතය කළ හැකි එකම නළුවා තමයි රංජන් රාමනායක. පුබුදු චතුරංගත් මෙහි හොඳින් රංගන දායකත්වය ලබාදෙනවා. නිල්මිනි කෝට්ටගේ, උපේක්ෂා ස්වර්ණමාලි, ගිරිරාජ් කෞෂල්‍ය රඟපානවා. මේ විදියට හැම චරිතයකටම මම ලංකාවෙ ඉන්න දක්ෂතම රංගන ශිල්පීන් යොදාගත්තේ. මම හිතනවා ඒ තෝරා ගැනීම සාර්ථකයි කියලා.

    මෙම චිත්‍රපටයට ඉහළ තාක්ෂණය වගේම විශාල දර්ශන තල බොහෝ ප්‍රමාණයකට ගිහින් තියෙනවා?

    මේක ලක්ෂ 700ක වියදමෙන් කළ චිත්‍රපටයක්. එක් සටන් ජවනිකවක් කේරළ ප්‍රාන්තයේ සිදු කළා. ඒ සටන් ජවනිකාවට ලක්ෂ 90ක් පමණ ගියා. දින තුනක කාලයක් රූගත කළා. ලංකාවෙ චිත්‍රපටයක් කරන්නේ ලක්ෂ 90කින්. මම මෙහි නවීන තාක්ෂණය, ශබ්ද යොදාගත්තා. සටන් ජවනිකා, දර්ශන තල හැමදෙයක්ම ඉහළ මට්ටමින් රූප ගත කළා. ඒක තමයි මෙම චිත්‍රපයටයේ සාර්ථකත්වයට හේතුව.

    චිත්‍රපටයේ "රාමු" කියන චරිතය විතරයි දෙමළ සම්භවයක් තියෙන චරිතයක් ලෙස ගෙන එන්නේ. චිත්‍රපටයේ අවසන් වෙන්නෙත් "කාංචනා" ලෙසම කෝවිල අභියස? මුලින් ඔබ පූසාරි වෙනුවට හිමිනමක් යොදාගන්නේ?

    අපේ රටේ යකදුරන් ඉන්නවා. යකදුරන් ඇඟේ තියන දිෂ්ටිය ඉවත් කරනවා. යකදුරන්ට කරන්න බැරි දේ බුද්ධ වචනයෙන් කරන්න පුළුවන්. ආත්ම තුනම ඉවත් කරන බව බුදුදහමේ බලගතුකම තමයි මම මේ චිත්‍රපටය තුළින් ගෙන ආවේ. මුහුදු වෙරළේ තමයි මෙම අවසන් සිදුවීම සිදුවෙන්නේ. "කාංචනා" චිත්‍රපටයේ මරණය සිදු කරන්නේ කෝවිල තුළ. මේ චිත්‍රපයේ කෝවිලෙන් පිටත තමයි මෙම ඝාතනය සිදුකරන්නෙ. දෙමළ චිත්‍රපටයෙ හාමුදුරුවොත් නැහැ.

    "කාංචනා" චිත්‍රපටයෙත් ඇමති ඝාතනය සිදුවන්නේ කොවිලෙන් පිට වෙරළ තුළ?

    "කාංචනා" චිත්‍රපට‘යේ කෝවිල ඇතුළෙ මෙය සිදුවන්නේ, අපි එය කෝවිලෙන් පිටතට ගෙන ආවා. ලංකාවට ඕන විදිහට අපි මේක කළේ. කෝවිල සම්බන්ධ කර ගත්තත්, ලංකාවට ගැළපෙන විදියටයි අපි මේක කළේ. "කාංචනා" චිත්‍රපටය බලපු දෙමළ ප්‍රේක්ෂකයොත් මේ චිත්‍රපටය හොඳයි කියලා කිව්වා.

    මෙය ලාංකීය සිනමාවේ වෙනසක් කළ චිත්‍රපටයක් වෙයි. මෙහි කලා අධ්‍යක්ෂකවරයා මතක් කළ යුතුමයි. ලක්ෂ ගාණක් වියදම් කර කෝවිලත්, කාලිමෑණියන්ගේ රුවත් හැදුවා. කලා අධ්‍යක්ෂක ඇහැලියගොඩ සෝමතිලක, වේෂ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කළ නලින් ප්‍රේමතිලකත් මෙහිදී මතක් කළ යුතුයි.
     
    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,330
    112
    63
    ලාංකීය සිනමාවේ වෙනසක් කළ චිත්‍රපටයක්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වෙනසක් ? ආයේ කොපි කිරීමද ? :(

    අපේ උන්ට අපේම කියල ෆිල්ම් එකක්වත් හදාගන්න බැරි හැටි :sorry::angry::dull:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කාංචනා" කියන දමිළ චිත්‍රපටයෙ කොපියක් තමයි "මායා" කියන්නේ?

    ලෝකෙ හැම තැනම කොපි තමයි කරන්නෙ. හැත්තෑව දශකයේ සිංහල සිනමාවේ ලෙනින් මොරායස්, යසපාලිත නානායක්කාර, ජේ.සෙල්වරත්න යන අය කළෙත් දමිළ චිත්‍රපට කොපියක් අරන් එහි ආකෘතිය ලංකාවට අවශ්‍ය පරිදි සකස් කරලා චිත්‍රපට කරපු එක.

    "එදත් සූරයා අදත් සූරයා", "අංජානා", "නැවත හමුවෙමු" වැනි චිත්‍රපට දමිළ චිත්‍රපටවල කොපි. හැබැයි ඒ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවලා තියෙනවා. "කාංචනා" කියන කොපිය අරගෙන එහි අනුවර්තනයක් විදිහට අපි "මායා" චිත්‍රපටය නිර්මාණය කළා. ඒක තවත් කොපියක් නෙමේ. ප්‍රේක්ෂකයෝ එය භාරගෙන තිබෙනවා. කොපිය වුණත් හොඳට කළොත්, ප්‍රේක්ෂකයන් එය රිජෙක්ට් කරන්නෙ නෑ.
    =
    Nohakiyawa
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රන්ජන් රඟපෑ දෙමල ඔරිජිනල් වල සිංහල කොපි බලපුවම ඔරිජිනල් දෙමල එවුවත් බලන්න එපා උනා... මේකවත් හරියට කලෝතින් හොඳයි....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    "කොපිය වුණත් හොඳට කළොත්, ප්‍රේක්ෂකයන් එය රිජෙක්ට් කරන්නෙ නෑ."

    මෙන්න මෙක සිරා කතාව. කොපි කරලා හරි කමක් නැහැ එකදිගට බලන්න පුළුවන් සිනමාපටයක් නම් .මෙහෙමයි එකෙන් මන් කියන්නෙ නැහ හැම එකාම කොපි කරන්න ඕනෙ කියලා. ඒත් අපෙ සිනමාව වැටිලා ඉන්න අගාධෙන් ගොඩ එන්න මුලින් මුලින් මේ වගෙ දෙවල් කරලා මිනිස්සු අද්ද ගන්න ඕනෙ .ඊට පස්සෙ අපෙම කතාවල් අපි මිනිස්සු අතරට තාක්ෂණෙත් එක්ක ෂේප් එකෙ යවන්න ඕනෙ. එකයි .පෞද්ගලිකව කොපි කිරීමට මම විරුද්ධයි. ඒත් මුලදි මුලදි උඩට එන්න නම් මෙ වගෙ දෙයක් හරි කරලා මිනිස්සු අද්ද ගන්න ඕනෙ.
    අපෙ උන්ට කතාවක් ඕනෙ නම් අර හිතු මතෙ ජීවිතෙ කියන පොරගෙ කතාව චිත්‍රපටයක් කරන්න්ත් පුලුවන්. අනික් දෙ තමා ලංකාවෙ මෙ වෙනකන් හදපු චිත්‍ර පට 90 ක් ම අළුතෙන් හිතලා හදපුවා නෙමෙ .ඔය වීරපුරන් අප්පු ,මඩොල් දූව වගෙ කතා ඇරෙන්න ගොඩක් එව්වා ටැමිල් කොපි එකො හින්දි කොපි. මන් දන්නෙ නැහැ මඩොල්දූවත් අපෙමද කියලා .සමහරක් විට මාටින් වික්‍රමසිංහ බටහිර නවකතා කියවලා එව්වායෙ ආකෘතිය අරගෙන අපෙ රටෙ ගැමිකම කවලා කතාවක් කරා වෙන්නත් පුළුවන්.

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Uthsahaya agaya karanna one machan....
    Salliyak wiyadam karala hadapu eka gana. Ape hoda pita path liyana ewun tikak hoyaganna one...

    For an example, ara Sulaga wage Awidin pothen film ekak gahuwanam ragapanna puluwan ewun tikak dala aniwa hit wenawa oka !!!
     
    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,330
    112
    63
    genath dapanko

    ෆිල්ම් එක රන් වෙන ෆිල්ම් හෝල් එකකට ගියාම ඇස් පේන ඕන එකෙක්ට බලන්න පුළුවන් මචං....

    balanna mehe film hall ekakata umbawath genath pennapan. api sure ekata balanna enawa
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,127
    761
    113
    "කොපිය වුණත් හොඳට කළොත්, ප්‍රේක්ෂකයන් එය රිජෙක්ට් කරන්නෙ නෑ."

    මෙන්න මෙක සිරා කතාව. කොපි කරලා හරි කමක් නැහැ එකදිගට බලන්න පුළුවන් සිනමාපටයක් නම් .මෙහෙමයි එකෙන් මන් කියන්නෙ නැහ හැම එකාම කොපි කරන්න ඕනෙ කියලා. ඒත් අපෙ සිනමාව වැටිලා ඉන්න අගාධෙන් ගොඩ එන්න මුලින් මුලින් මේ වගෙ දෙවල් කරලා මිනිස්සු අද්ද ගන්න ඕනෙ .ඊට පස්සෙ අපෙම කතාවල් අපි මිනිස්සු අතරට තාක්ෂණෙත් එක්ක ෂේප් එකෙ යවන්න ඕනෙ. එකයි .පෞද්ගලිකව කොපි කිරීමට මම විරුද්ධයි. ඒත් මුලදි මුලදි උඩට එන්න නම් මෙ වගෙ දෙයක් හරි කරලා මිනිස්සු අද්ද ගන්න ඕනෙ.
    අපෙ උන්ට කතාවක් ඕනෙ නම් අර හිතු මතෙ ජීවිතෙ කියන පොරගෙ කතාව චිත්‍රපටයක් කරන්න්ත් පුලුවන්. අනික් දෙ තමා ලංකාවෙ මෙ වෙනකන් හදපු චිත්‍ර පට 90 ක් ම අළුතෙන් හිතලා හදපුවා නෙමෙ .ඔය වීරපුරන් අප්පු ,මඩොල් දූව වගෙ කතා ඇරෙන්න ගොඩක් එව්වා ටැමිල් කොපි එකො හින්දි කොපි. මන් දන්නෙ නැහැ මඩොල්දූවත් අපෙමද කියලා .සමහරක් විට මාටින් වික්‍රමසිංහ බටහිර නවකතා කියවලා එව්වායෙ ආකෘතිය අරගෙන අපෙ රටෙ ගැමිකම කවලා කතාවක් කරා වෙන්නත් පුළුවන්.

    ANe tho danna magula. dan nathi dewal kata karannatuwa idapan humbayao
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    රන්ජන් රඟපෑ දෙමල ඔරිජිනල් වල සිංහල කොපි බලපුවම ඔරිජිනල් දෙමල එවුවත් බලන්න එපා උනා... මේකවත් හරියට කලෝතින් හොඳයි....

    Sira ban, ahana ahana ekaata ranjan penta ba
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මරුසිරා;20663286 said:
    වෙනසක් ? ආයේ කොපි කිරීමද ? :(

    අපේ උන්ට අපේම කියල ෆිල්ම් එකක්වත් හදාගන්න බැරි හැටි :sorry::angry::dull:

    බලපන් මොන ෆිල්ම් එකක් ආවත් කියන්නේ ලාංකීය සිනමා ඉතිහාසයේ වෙනසක් කරන චිත්‍රපටයක් කියලා නේ. :lol:
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,127
    761
    113
    අම්මපා උඹට මම මෙච්චර අතවර කරලත් වඳ ගැනි වගෙ පස්සෙන් එන හැටි විතරක්.

    Chamax advice denna epa humbayo.Laja nadda hubyaoge yatathe wada karanna. belle wala daaganin

    Ubane wesiye admin lata complain kale ambaanaka baya wela.
    dan warenko mage kanata gahanna> :lol::lol::lol:

    Tawa baya num police gihilla complain karapan
     
    Last edited: