මෙය_ඔහුගේ_හා_ඇයගේ_කතාවයි

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මෙය_ඔහුගේ_හා_ඇයගේ_කතාවයි


    tumblr_mp9wsxqrhn1rkm1b4o1_500.jpg


    සත්‍ය කතාවකි.
    ඇත්තෙන්ම කිවොත් අතීතයේ සිට වර්තමානය දක්වා ඔහුගේ සහ ඇයගේ කතාවයි.
    මින් ඉදිරයට ඔහු සංක ලෙසත් ඇය ලක්ෂී ලෙසත් නම් කරනුයේ පහසුව සදහය.
    ඒසෙ වූවද මේ මොහෙතේ වනවිටත් කතාවේ අවසානය අවිනිශ්සිතය.
    සමහරවිට ඔහුගේ හෝ ඇයගේ කතාව අවසාන වීම හෝ නොවීම සිදුවිය හැකි බැවිනි.
    මන්දයත් අද හෙට වනවිටම..............
    එහි විනිශ්ශය ඔබට බර කරමි.

    පාර්ට් 1

    සංක හා ලක්ෂි මුලින්ම මුණ ගැහෙන්නේ මුහුණු පොතෙනි.
    ඔහුට ඇය එක යහළුවෙකු වුවද ඇයට තිබුනේ වෙන අරමුනකි.
    අරමුන කුමක්දැයි තව මද වෙලාවකින් ඔබට වැටහෙනු ඇත.
    සංකට ලක්ෂී හමුවෙන්නේ යම් පුද්ගලයෙකුගේ පෙම්වතියක්ව සිටින කාලයේදීය.
    මෙම පුද්ගලයා දිනුෂ ලෙස හදුනගනිමු.
    මෙම සිදුවීම සිදුවන්නේ දිනුෂ හා සංක අදුරා ගෙන නොබා දිනකිනි.
    කෙටි කලකදී සංක සහ දිනුෂ සමග පමණක් නොව දිනුෂගේ ගජ මිතුරන් හාද හොද යහළුවෙකු වන්නේය.
    තවද දිනුෂ සංකගේ යහලුවන්ගේ යහළුවෙකු වන්නේ මෙම සිදිවිම සිදුවන අතරමය.
    ලක්ෂී මුහුණු පොතේ සංකගේ යෙහෙලියක වීමට හේතුව සංක දිනුෂගේ මිතුරෙකු වීම යැයි මුලදී සංක සිතිය.
    නමුත් දිනුෂගේ සියලුම යහළුවන් යෙහෙලියන් මෙන්ම ඔහුව අදුරන පුද්ගලයන් පවා ඇයගේ යහළුවෙකු හෝ යෙහෙළියක වීම අනිවාර්ය දෙයක් බව සංකට තේරුන් ගැනීමට වැඩි කාලයක් ගත නොවිය.
    ලක්ෂීගේ අරමුණ වන්නේ දිනුෂගේ ගමන් බිමන් පිලිබදව ඔහුගේ යහළුවන්ගෙ මාර්ගයෙන් සොයා බැලීමය. ඒසෙ සිදුවීමට එක් හේතුවක් වුයේ මේ පවසන කාල රාමුව තුල සංකත්, සංකගේ යහළුවනුත් දිනුෂ සමග නිතරම ගැවසෙන කාලයක් වූ බැවිනි. දිනක් මේ පිලිබදව සංකත් ඔහුගේ යහළුවනුත් කතා බහට ලක් වූ මතෘකාවක් විය. එහිදී සංක පවසන්නේ ලක්ෂිගේ හැසිරීම පෙම්වතියකට නොගැලපෙන බවය. මන්ද ඇයගේ පෙම්වතා කෙරේ අනවශ්‍ය අවිස්වාසයක් ඇති බව සංකට වගේම ඔහුගේ යාලුවන්ටත් ඒත්තු ගිය බැවිනි.
    එවකට ලක්ෂී පිළිබවද සංක දන්නේ ඇය දිනුෂගේ පෙම්වතිය බවත්,යහළුවාටද ඇය මුණ ගැසී ඇත්තේ මුහුණු පොතෙන් බවත් මුල්ම වතාවට ඔහුව මුණ ගැසීමට මුල් වරට මෙහි පැමිණෙන බවත්ය, අවුරුදු 5ක 6ක කාලයක සිටීම ඇය සිටින්නේ ඇයගේ දෙමාපියන් සමග වෙනත් රටකය.


    පාර්ට් 2

    පාර්ට් 3
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,521
    113
    ගග අද්දර
    දාපන් දාපන් බලන්න. හැබැයි නෝමල් විදියට දාපන් බන්. සාහිත්ය කෘතියක් වගේ දාන්න එපා....
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    කියවන්නත් අප්පිරියයි හුට්ටෝ
    දානවා නම් දාපිය කියවන්න පුලුවන් වෙන්න :lol:
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    Updated

    කතාව ඉදිරියටම ගෙන එන්න කලින්,කතාවේ ප්‍රදාන චරිත දෙක පිලිබදව පොඩි හැදින්වීමක් කිරීම අවශ්‍යය.

    සංක ඒහෙමත් නැති නම් කතාවේ කොල්ලා කට්ට කලා ඉගෙන ගත් එකෙකි.
    එනම්, අපොස සාපෙළ සමත් වී (A3 B3 C2) ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා තෙවන වර
    (A2 B1) විශ්ව විස්වාවිදයලය්ට තේරී පත්ව උපාධියක් ලබා ගනී. ඔහු ඇයව හදුනා ගන්නේ විශ්ව විද්‍යාලයේ අවසාන අවුරුද්දේ සිටිය දිය.
    නමුත් අවසානාවට අධ්‍යාපනයෙන් තමන් හැකි උපරිම තත්වයට ලගවීමට උත්සාහයේ යෙදුනේ වයස අවුරුදු 10දි පමණ හදුනාගත් දුරලබ ගනයේ රෝගයක් පිඩා විදීන අතර තුරය. බලු බැල්මට නොපෙනුනද රෝගය සෙමින් සෙමින් වර්ධනය වීම නිසා ඇතිවන කායික අපහසුතා මෙන්ම මානසික ආතතිය දුරු කිරීමට ඔහු උත්සාහ ගත්තේ ඉගෙනීමෙන් සහ මිතුරු වසයේ යේදීමෙනි. ඔහු සැමවිටම ගත්තේ සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සිතිම්ටය.විටක සාර්ථක වූවද විටක අසාර්ථක විය. මේ රෝගය නිසා ඇවිදීමේ වෙනස් තිබීමක් මෙන්න ලොකු අපහ්සුතාවයක්ද පැවතින(දුවන්න පනින්න ඇවිදින්න අපහසුය).මේ හේතුන් නිසා ඔහු උසස් පෙළට පාසල් පැමිණීම 20% වඩා අඩු අගයකි. ඔහුට රෝගයට වඩා ඉවසුම් නොදෙන්නේ සමහර පුදගල්න්ගේ උපහාසයට ලක්විම්ය(ඇවිදීමේ වෙනස්කම හේතුවෙන්). එනමුදු සබැ තත්ත්වය ඔහුව ඇසුරු කල බොහොමයක අය අදටත් නොදැන සිට නම්දු කවදවත් ඔහු ගෙන් ඒ ගැන අසන්නට හෝ එය උපහාසයට නොගත්හ. ඔහුව ලගින් ඇසුරු කල යහළුවන් ඔහුට සැමවිටම උදව් කළහ.
    ඔහු හා මුලින්ම සම්බන්දකමකට මුල පුරන්න යෝජනා කලේ ඔහුගේ ලගම පෝසත් නෑදෑ වන දෑරිවියෙකි.ඇය කලණි ලෙස හදුනාගනිමු. ඒ සංක A/L කරන මුල් සමයේය . ඔහුට ඒ ගැන ලොකු උනන්දුවක් නොතිබුනේ අධ්‍යපනයට මුල තැන දුන් නිසාත් කලණිත් ඉගෙන ගන්න නිසාත්ය. නමුත් ඔහු ඇයව ප්‍රතික්ෂේප කලේ නැත (නමුත් ඇය එසේ සිතුවේ නැත). ටික කාලෙකින් ඇය වෙන කෙනෙක් හා බෑදෙන්නේය. .එසේ වීමට ඔහුගේ නොසලිකිලීමත් කමද බලපෑවේය.ඔහු ඒ පිළිබද දන ගන්නේ සැහෙන කාලෙකට පසුවය.ඒ පිලිබදව පොඩි කනගාටුවක් ඇති උනත් ඔහු ඇයට වෙනද මෙන් සාමාන්‍ය ආකාරයට සැලකුහ. මේ වකවානුව වනවිට ඔහු පළමු වසරේ හෝ දෙවන වසරේ සිසුවෙකි.

    ඔය අතර සංකට යහළුවෙකුගේ මිතුරියක් දුරකථනය හරහා නිතර කතා කළහ. ඇය සමිතා ලෙස හදුනාගනිමු. ටික දවසකින් ආදරයක් නොතිබුනද තිබුන මිත්‍රතත්වය සබදතාවයක් බවට පෙරලුනහ. මෙම සම්බන්දය ඇති වීමට හේතුව සමිතාගේ වැරදි අවබෝදයකි. සංක එය දන උන්නද, ඔහුටද ඒහි බරක්පතලක් නොදෙන සිටිය හෝ දැනගෙන නොකිය සිටිදැයි කීමට නොහැක. ඔහුත් සම්බ්න්දත්වය්ට මුල පිරුවද එයට තිත තැබීමට සිදුවුයේ සංක තුල ආදරයක් හෝ හිතේ තුබන රූපේ ඇය තුල කිසිලෙසකින්වත් නොතිබුන හෙයින් විය යුතුය. නමුත් අවසානයේ ඇයගේ හිත රීදවා ඇයට සියල්ල පහදාදී එම සබදතාවද නතර කිරීමට සිදු විය. එසේ උවද ඉඩ හිට ඇය ඔහු කතා කළහ.

    විශේෂයෙන්ම කිවයුතු දැල් කිහිපයක් ඇත. එනම් මෙම සිදුවන කාලය තුල සමිත හෝ කලණි සංකගේ රෝගයේ බැරෑරුම් තත්වය පිළිබද අවබෝදයක් නොතිබුනහ. එයට හේතුව ඔහු වූවද ඒ පිලිබදව වැඩි යමක් නොදැන සිටමය.ඔහු දන උන්නේ රෝගය ජානමය විකෘති තත්වයක් හේතුවෙන් ඇති වන බවත් උපරිම අවස්ථව ඇවිද ගැනීමට නොහැකි තත්වයක් පමණක් බවත්ය. ඒසෙ වීමට හේතුව ඔහු රෝගය වින්ශය කරගැනීමෙන් පසුව මෑතක් වනතුරු රෝහලක නැවත පස් පගුවේ නැති හෙයිනි. සැබැව දන උන්නන්ම් ඉහත සදහන් සිද්දින් නොවීමට වැඩි ඉඩකඩක් තිබිණ. මන්දයත් ඔහුගේ ජීවිතයේ අවිනිශ්ශිත බවය නිසාත් කෙල්ලන්ගේ ඇති අවිනිශ්ශිත බව නිසාත් විය හැකිය.

    වාසනාවකට හෝ ආවසනාවකට දේශීය වෛද්‍ය ක්‍රමය තුල රෝගයට ඖශධ තිබුනද වෙදෙක් සොයාගැනීම දුර්ලබ කාරයක් වීමයි. මුලිනම ඔහු බෙහෙත් ගැනීමට යන්නේ යම්කිසි ප්‍රසිද්ද ආයුර්වේද හැමදුරුනමක් ලගටය. මෙම වෛද්‍ය හිමි නම ප්‍රකාශ අක්රන්නේ ලෙඩේ සුව කර දෙනබවටය. නමුත්
    ඔහු විසින් බෙහෙත් ගැනීම නතර කරනු ලබන්නේ වෛදවරය ලෙඩෙකුගේ වගකීම් හරි හැටි ඉටු නොකරන බව අවබෝද කරගැනීමෙන් පසුවය මෙම සිදුවීම සිදුවන්නේ සාමාන්‍ය පෙළ විබ්ගහ්ට පෙනී සිටින කාලය තුලය. මෙම උත්සාහය අවුරුදු කිහිපයක මහන්සියක් සහ මුදල් අපතේ යාමක් පමණක් බවට හැරෙන්නේ ඒසෙය. ඉන් පසු ඔහුගේ අරමුණ වන්නේ කසේ හෝ විශ්වවිදලයට ඇතුලත් වීමය. මුලිනම සදහන් කල පරිදි එම අරමුණ ඉටු කරගන්නේ ඔහුගේ මහන්සියේ ප්‍රතිපලයක් ලෙසිනි.

    කතාවේ ඉදිරියේදී සිදුවන දේවල් වල අග මුල තේරුම් ගැනීමට ඔහුගේ පිලිබදව සදහන් කර මෙම විස්තරය ප්‍රමාණවත් වෙයි යයි මම සිතමි.


    පාර්ට් 2
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉවරයක් කරපංකො.. ඊට පස්සෙ කියවන්නං.. දිනූෂයා වගේ අවුරුදු පහක් අදී ද දන්නෑ..:rofl:
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Updated

    මෙම කොටස කියවීමට පෙර පළමු කොටස් දෙක කියවූ අය නවතා එය කියවන ලෙස ඉල්ලා සිටිමි.(කොටස් දෙක නැවත සංස්කරණය කල නිසාවෙනි)


    දැන් ඇය වෙත යොමු වෙමු.

    ඇයගේ පියාට රැකියාව අහිමිවන්නේ ඇය 9 වසරේ සිටියදීය(කලා රාමුව වෙනස් විය හැක). අවසනයේ රැකියාවක් සොයා පිය විදේශ ගත්වන්නේය. විදේශ ගත වුවුද අවුරුද්දක් යන තුරු ඔහුට රැකියව සොයාගැනීමට අපෝසත් වන්නේය. මේ අතරතුරු කාලයේ ඇයගේ මව සුළු රැකියාවක් කොට පවුල නඩත්තු කරගන්නේ දැඩි අපහසුත්වයන් මාධයේය. ලක්ෂී ඇය ඉගෙනීමට එතරම් දක්ෂ නොවු අතර සාමාන්‍ය වශයෙන් O/L සමත් වුවත් එයින් පසුව උසස් පෙළ අධයපනය මාසෙකින් අහවර කිරීමට සිදු වුයේ මාපියන් දෙදෙනාම විදේශ ගත වීමත් ලක්ෂිගේ වගකීම් ගැනීමට කිසිවෙකු බර ගැනීමට නොසිටිය නිසාත් ඇයටද සිදුවුයේ ටික කාලෙකින් මාපියන් හා එක වීමට විදෙස් ගතට වීමටය. ඇය දිනුෂ මුණ ගැසෙන්නේ විදේශ ගත වී අවුරුදු කිපයකට පසුවය. එහි ඇයට ඇසුරු කිරීමට කිසවෙකු උන්නේ නැත. ඇය ලෝකය දක්කින්න උත්සහ කලේ දිනුෂගේ කියුම් කරේම් අනුවය. ඔහුගේ සිතුම් පැතුම් තුලිනි.මුලින් ඇයගේ මවට ඔහුව වැඩිය රිස්සුවේ නැත. එක් හේතුවක් වුයේ ලක්ෂිගේ ආගම කතෝලික වීමත් දිනුෂ්ගේ බෞද්දකුත් වීමය. අනෙක් කරුණ නම් ඔහු නාගරිකව හැදුනු වැදුණු පුද්ගලයෙකුත් වීමත්ය. නමුත් දෙදෙනාගේම දෙමාපියන් මේ පිලිබදව කතා කොට ඔවුන්ට කතා බහ කිරීමට අවස්ථව ලබා දුන් හෙයින් සමන්බධය තව දුරටත් තහවූරු විය. මේ ඇයගේ පළමු පෙම්වතාය.

    ඇය විදේශ ගතව සිටියේදී වෙළද සැලක සේවය කල ශ්‍රී ලාංකිකයෙකු හදුනාගැනීමට ලැබිණ. ඔහු සුදිර ලෙස නම් කරමු. ඇයගේ හිතේ සුදිර පිළිබද පහදීමක් ඇති වූ නිසා මුහුණු පොතෙන් ඔහුව සෙවීමට යන අතරතුර දිනුෂ මුණ ගසේ. ඉඩ හිට ලක්ෂී සහ දිනුෂ මිතුරන් ලෙස කතා බහ කළහ. ඒ වනවිටත් සුදිරත් ලක්ෂිත් තම තමන් ගැන දැන් හදුනා ගෙන උන්හ.
    ඔවුන් දින දෙක තුනක් මුණ ගැසුනද ඔහුගේ හැසිරීමට ලක්ෂී වැඩි කැමත්තක් නොදැක් උහ. ඒ අතරම දිනුෂ ඇය හා කතාකලේ බිදුණු සිතකින් බව ඇයට වැටහින. ඒ ගැනද වැඩි විස්තරයක් දැනගත් ලක්ෂීට ඔහු කෙරෙහි අනුකම්පාවක් ඇති විය. සුදිර ගැනද ලක්ෂී දිනුෂ හා පවසන්නේ ඇයගේ සිතේ ඔහුට කැමැත්තක් ඇති බවත් සුදිර නොදන්නා බවත් පැවසීම මගිනි. සුදිරට පැවසීමට කෙල්ලෙකු වශෙයෙන් තමන්ට නොහැකි බවත් ඇය කිහ. දිනුෂ ඇයට උදව් කිරීමට කැමති විය. නමුත් සුදිර නිසා වෙනත් කාන්තාවකට (අනියම් ඇසුරක්) දරුවෙකු ලැබෙන්න සිටින බව සුදිරම පැවසුහ. ඒ සුදුවිමෙන් පසු ඔහු ගැන සිටීම අත්හැර දැමුවද සිතේ යම් වේදන්වකින් උන්නේය. මේ බව දැනගත් දිනුෂ ඇය ව සන්සිම්ට උත්ස කලේ. ඔහුගේ බිදීගිය සම්බන්දතාවය පිලිබදව ඇයට පවසමිනි.එසේ පටන් ගන්නා ඔවුන්ගේ මිත්‍රරත්වය අදාර සම්බ්න්දත්වක්ට පෙරලෙන්නට විය.
    ඔවුන් ආදරවන්තයන් වන්නේ ඉන් පසුය.


    පාර්ට් 3
     
    Last edited:

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    මචං උඹ ඔය කථාව දන විදිහට කියවන්න හිතෙන්නේ නෑ.. හරියට ගලපල දාපන් ..නැත්නම් ලංකාවේ පත්තරේ තියෙන කතා බලනවා වගේ.. පටන් ගන්නේ 1 වෙනි පිටුවෙන් ඉතුරු ටික 8 වන පිටුවේ වගේ.. අනික ලක්ෂිකා ගේ යාළුවා ..යාළුවගේ යාළුවා ..වගේ දැම්මහම.. ටිකක් අවුල් වගේ.. එක්කෝ නමක් දාපන් .. මට උඹේ කතාවේ තේරුනේ නැති තැන් ගොඩක් තියෙනවා ..කොහොම වුනත් ජය පතනවා ..!!!:frown:
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මචං උඹ ඔය කථාව දන විදිහට කියවන්න හිතෙන්නේ නෑ.. හරියට ගලපල දාපන් ..නැත්නම් ලංකාවේ පත්තරේ තියෙන කතා බලනවා වගේ.. පටන් ගන්නේ 1 වෙනි පිටුවෙන් ඉතුරු ටික 8 වන පිටුවේ වගේ.. අනික ලක්ෂිකා ගේ යාළුවා ..යාළුවගේ යාළුවා ..වගේ දැම්මහම.. ටිකක් අවුල් වගේ.. එක්කෝ නමක් දාපන් .. මට උඹේ කතාවේ තේරුනේ නැති තැන් ගොඩක් තියෙනවා ..කොහොම වුනත් ජය පතනවා ..!!!:frown:

    puluwan widihta galapala damme bn awul htiyna thna ahpn ithuru tika danna aklin eka digata danna baha bn type karanna wela yanwa sinhlen :(:(:(