මෙරටින් විදේශගත වූ උගතුන් දහසකට අධික පිරිසක් වන්හල්වල, ඉන්ධන පිරවුම්හල්වල සහ සුපිරි වෙළෙඳසල්වල සේවය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ පවසනවා..මේ වන විට පන්දහසකට වැඩි පිරිසක් මෙරටින් විදේශගත වී සිටින අතර කොරෝනාවලින් පසු මෙරටින් විදේශගත වන ප්‍රමාණය වැඩි වූ බවයි වාර්තා වන්නේ. විදේශ කටයුතු අමාත්‍යාංශ පවසන්නේ තමන්ගේ වෘත්තීයට ගැලපෙන රැකියා සොයා ගැනීමට නොහැකිවී මෙවැනි තත්ත්වයන් උද්ගත වීම සඳහා හේතු වී ඇති බවයි.කෙසේ වෙතත් වෛද්‍ය වෘත්තිකයන් බොහොමයක් විදේශ රටවල වෛද්‍ය වෘත්තියේ නියැලී සිටින බවයි වාර්තා වුයේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන්,සාමාන්‍ය වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් වැඩි පිරිසක් එංගලන්තය, ඕස්ට්‍රේලියාව යන රටවල සේවය කරන බවයි.
https://www.hirunews.lk/348490/මෙරටින්-විදේශගත-වූ-උගතුන්-අසරණ-තත්වයේ
https://www.hirunews.lk/348490/මෙරටින්-විදේශගත-වූ-උගතුන්-අසරණ-තත්වයේ
