ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව මහ බැංකුව සදහන් කරයි.මහ බැංකුව පෙන්වා දෙන පරිදි මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා 4.4%කින් අඩුවී ඇත.චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් වෙයි.


