අද වන විටත් පල දරන - මෙරට ප්‍රථම දෙල් ගස සොයා ගාල්ලට ගිය ගමන.

අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ පළමු දෙල්ගස ගැන..
මේ දෙල්ගහ තියෙන්නේ ගාලු කොටුවේ..
දෙල් යනු මෙරට අනාදිමත් කාලයක් තිස්සේ පැවැත එන ආහාර භෝගයක් නොවන අතර දෙල් වනාහි මෙරට ලන්දේසි පාලන යුගයේදී හඳුන්වාදෙන ලද්දක්...
� මෙරට ජනතාව අතර බොහෝ ප්‍රචලිත භෝගයක් වන දෙල් ගසෙහි මෙරට රෝපිත මුල්ම දෙල්ගස තවමත් ජීවමානව තිබේය යන්න බොහෝදෙනා දන්නේ නෑ...
එම දෙල් ගස රෝපණය කර ඇත්තේ ඓතිහාසික ගාල්ල කොටුව තුළයි..
ලංදේසීන් මෙරටට දෙල් භෝගය හඳුන්වාදීම පිළිබඳව ජනප්‍රවාද ගණනාවක් පවතිනවා...
ඒ පිළිබඳ ජනප්‍රවාදයේ එන ජනප්‍රිය මතයේ වන්නේ සිංහලයන්ගේ එඩිතර වීර ක්‍රියාවන්ගෙන් පීඩාවට හා භීතියට පත්වූ ලන්දේසීන් උෂ්ණාධික ආහාරයක් වන දෙල් මෙරටට හඳුන්වාදී සිංහලයන් දෙල් කෑමට පුරුදුකර රෝගී කිරීමට සැලසුම් කළ බවයි...
නමුත් උෂ්ණාධික බල මාළු කෑමේදී පොල් මිශ්‍ර කර ගැනීමට හුරුව සිටි මෙරට වැසියන් දෙල් කෑමේදීද පොල් මිශ්‍ර කරගත් හෙයින් එහි ඇති උෂ්ණයෙන් බලපෑමක් නොවූ බවට මත ඇත..
තවත් ජනප්‍රවාදයක සඳහන් වන්නේ කපිතාන් විලියම් බ්ලින් (Capitan willam Blign) විසින් ඇමරිකාවේ නීග්‍රෝ ජාතික වහලුන් සඳහා ආහාර ලෙස දෙල් හඳුනාගෙන පෙරදිග ඉන්දියානු ප්‍රදේශයේ සිට දෙල් පැළෑටි ප්‍රවාහනයේදී එක් දෙල් පැළෑටියක් ගාල්ල වරායට පාවී ඇවිත් මෙහි පැළවී ඇති බවයි...
මෙරට රෝපිත පළමු දෙල් ගස පිළිබඳව ලිඛිත මූලාශ්‍ර විරල වන අතර ගාල්ල කොටුවේ පැවැති දෙල් ගස් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝර්ත් තැබූ වාර්තාවක සඳහන් වෙනවා..
ඒ අනුව ඔහු 1801 වර්ෂයේ ගාල්ලේ සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ ගාල්ල කොටුවේ ඕලන්ද ආණ්ඩුකාර නිල නිවස අවට රට දෙල් ගස් රැසක් දුටු බව සඳහන් කර තිබෙනවා...
කෙසේ නමුත් වඩාත් ප්‍රචලිත මතය වන්නේ 1796 වර්ෂයට පෙර ලන්දේසීන් විසින් මෙරටට දෙල් භෝගය හඳුන්වාදෙමින් පළමු දෙල් ගස ගාල්ල කොටුවේ රෝපණය කළ බවයි...
මීට වසර කිහිපයකට පෙර ප්‍රතිසංස්කරණය කර වෙළෙඳ සංකීර්ණයක් ලෙස විවෘත කරනු ලැබූ පැරැණි ඕලන්ද රෝහල් භූමියට පැමිණෙන ඕනෑම අයෙකුට මුහුද දෙසට අතුපතර විහිදා තේජමානව වැජඹෙන මෙම දෙල් ගස හොඳින් දැක බලාගැනීමට පුළුවනි....