මෙරට වායූ දූෂණ මට්ටමේ අසාමාන්‍ය ඉහළයාමක්

samsri

Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    මෙරට වායු දූෂණ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, කොළඹ, මහනුවර, පුත්තලම, වවුනියාව, යාපනය ඇතුළු ප්‍රදේශවල වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම පසුගිය 27 වැනිදා සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවය.

    වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යාමට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ඉන්දීය අර්ධද්වීපයේ ඉහළ අහසේ වායු දූෂක සුළං ප්‍රවාහ මෙරට වායුගෝලයට ඇතුළු වීම බව ඔහු සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වු ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා,

    “මේ දවස්වල ඇඳිරිනීතිය තත්ත්වය යටතේ රථවාහන සෑහෙන දුරට අඩුවෙලා තියෙද්දි සාමාන්‍යයෙන් වායු දූෂණය අඩුවෙලා තිබුණේ. නමුත් එකවර මේ වැඩිවීම මොකද්ද කියලා විශ්ලේෂණය කරලා බලද්දි, අපේ දත්ත සටහනට අනුව ලෝක වායු ගුණ තත්ත්වයන් විහිදී ඇති ආකාරය ප්‍රචාරය කරන එයාර් විෂුවල් ආයතනයේ දත්තයක් සැළකීමේ දී පෙනී ගියේ ඉන්දීය මහද්වීපයේ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල වායුගෝලයේ තියෙන, දූවිලි මට්ටම හා වායු දූෂණය ඉහළ යෑම නිසා ඒවායින් යම්කිසි බලපෑමක් වෙලා තියෙනවා ලංකාවට. ප්‍රධාන වශයෙන් ලංකාව අවට තියෙන වායු ගෝලයේ සුළං රටාව වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වීමත් එක්ක ලංකාව තුළටත් මේක ගමන් කරලා තියෙනවා. ඒක නිසා තමයි විශේෂයෙන්ම ලංකාවේ මධ්‍යම, උතුරු පළාත්වල වගේ සෑම ප්‍රදේශයකම යම්කිසි වැඩිවීමක් පෙන්නුම් කරා. සාමාන්‍යයෙන් සංවේදී පුද්ගලයින්ට යම්කිසි ස්වසන ආබාධ ඉහළයෑමේ හැකියාවක් පවතිනවා මේ නිස.“

    adaderana
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    ai ban echchara wadi wela tyenne?

    1604033080084.png
     
    • Like
    • Wow
    Reactions: NRTG and samsri

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    ලංකාවේ තියෙන්නේ තනිකරම බොරුවනේ බන්..
    වාහන දුම් සහතිකය කියලා මගුලක් ගෙනවා වායු දූශනය වැඩී කියලා.
    බොරුවට සල්ලි ගන්නවා එච්චරයි..
    බලපන් ඔය රජයේ වාහන දුම් කෝච්චි වගේ..