මෙරට සංචාරක පැමිණීම සියයට 30කින් පමණ අඩුවෙයි..💥🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,277
    47,136
    113
    මෙරට සංචාරක පැමිණීම සියයට 30කින් පමණ අඩුවෙයි

    මැදපෙරදිග පවතින යුදමය වතාවරණය හේතුවෙන් මේ වනවිට දිවයිනට සංචාරකයින් පැමිණිමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 768ක් අවලංගු වී ඇති බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් 30% පමණ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවය.

    සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ඇති බවද රුවන් රණසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    මේ අතර මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට අපනයන ක්ෂේත්‍රය සඳහා බලපෑමක් එල්ලවී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

    එහි සභාපති මංගල විජේසිංහ මහතා පැවසුවේ සමස්ථ අපනයනවලින් මැදපෙරදිග කලාපය 8%ක පමණ අපනයන ප්‍රමාණයක් නියෝජනය කරන බවය.

    මේ අර්බුදය තවදුරටත් වර්ධනය වුවහොත් ඉරානයට අපනයන කරන 35% ක තේ ප්‍රමාණය වෙනත් රටකට යොමු කිරීම සඳහා සාකච්ඡා කරමින් පවතින බවද මංගල විජේසිංහ මහතා සඳහන් කළේය.

    Village People Dancing GIF by de chinezen
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    සංචාරක කර්මාන්තය කවදාවත් Reliable නෑ. ඕක හොදයි Pocket money වලට
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අපනයන කරන සමාගම් වලට බදු ගහලා ලයිට් වතුර බිල් වැඩිකරලා සංචාරක කර්මාන්තය වගේ තාවකාලික අදායම් මාර්ගයක් ලොකු කරලා පුම්බපු ආන්ඩුවට කෙලවෙන්නේ වැඩි ඈතක නෙවෙයි
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,123
    3,977
    113
    Mattala airport eh? I thought it was a waste of money, according to what the current leaders were telling us 😅