මෙලෝ රහක් නැති කවි..(අරවින්ද)

Apr 27, 2010
44
6
0
තල් රුප්පේ පාළු නිසා රා බිව්ව තාත්තා





හැමදාකම හැන්දෑවට ගෙදර තිබුනෙ පිරිලා

උන් දෙන්නගෙ සද්දෙ තිබුන ගේ දෙවනත් කරලා

ආදරේට සැර කරාම මගේ උකුලේ වැටිලා

කියපු කතා තවමත් නෑ මගේ හිතෙන් මැකිලා




පුතා මටත් කථා කලා ටැලිපෝනෙන් හැන්දෑවේ

දහ වසරක් ගෙවිලත් උන් උඹ ගැනමයි කියවන්නේ

ඉඩම එක්ක ගේ ඉල්ලල පොලීසියෙන් ගෙදර ආව

ගේත් දාල රටත් දාල පුතා කිව්ව එන්න කියල




මයිකල්ලගෙ අප්ප මැරිල ටීවී එකේ පෙන්නනවා

දුව මැරිලා ඊට කලින් සති තුන හතරක්ම ඉඳල

විසි දාහක් මැරිල කිව්ව මුල්ලිවයික්කාල් ඉඳල

තේවරාජ කියල ගියා පොලීසියෙන් කිව්ව කියල




පාර්වති නුඹ ගියාම මං මොකටද ඉඳලා

මං දැක්කා කිරි සප්පයො පාර පුරා වැටිලා

තේවරාස කනගසබේ මුරුගයියත් මැරිලා

තල් රුප්පේ පාළුව මැද මොකටද මං ඉඳලා

:nerd:




දරුවො නැති පාළුවට පපුව මගෙ මැරිලා

දරන්නත් අමාරුයි ජීවිතේ ගෙවලා

වේලනෙයි තැබෑරුම ආයෙමත් ඇරලා

රා ටිකක් බිවව මං මහන්සියි ඉඳලා:baffled:
 
Last edited:
Apr 27, 2010
44
6
0
THiththai:baffled:

මචන් මම ඇත්තටම ඔය තැබෑරුමට ගියා ....මාර තැන...තල් රා තිත්ත නෑ ...සැරයි. පැනි රහයි... මාරයි....බේබදුකමට නොවේ විනෝදෙට බීල බැළුවා...යාපනේ ගිහින් බලපන්...:lol:
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඔබගේ කවි වල ඉතා හොඳ ලක්ෂණ තියෙනවා. ඔබ ඉතා හොඳ සමාජ විශ්ලේශකයෙක්. ඇත්තටම මේ මිනිස්සුන්ගේ ජීවිත වල තියෙන යුද්ධයේ කාලකණ්ණි මතකයන් ඔවුන්ගේ හිත් මරා දාලා ඇති. සැකයක් නෑ. ඒත් මල්පැණි බිඳක් තොල ගෑවා ම ඒ මැරුණු හිත චුට්ටක් පණ ගහනවත් ඇති... ඒ ගැන මොහොතක් හිතලා හිත සසල වෙන්න තරම් සංවේදී හිතක් ඔබට තිබීම ගැන මං ආඩම්බර වෙනවා. කවි වල ආර සහ පද ගැලපීමත් හොඳයි. දිගටම ලියන්න.... ඔබ දක්ෂයෙක්....

තව දෙයක් ඔබ මේ නිර්මානයට මේ නම දැම්මේ කලින් නිර්මාණයකට කෙනෙක් දාපු කමෙනට් එකකට කේන්ති ගිහිං බව මට හිතුනා. ඒත් විවේචනය අගය කිරීමෙන් ඔබට ඉක්මනින් දියුණු විය හැකි බව මතක තබා ගන්න. අනිත් එක මේ නිර්මාණයේ තේමාවට ඒ නම කොහෙත්ම නොගැලපෙන බවයි මට හිතෙන්නේ. ඒ කියන්නේ ඔබ කරන ලද නිර්මාණයට අසාධාරණයක් වෙන විදිහට තමයි නම දාලා තියෙන්නේ... ඉවසීමෙන් කටයුතු කිරීමෙන් මේ වගේ දේවල් වලක්වගන්න පුළුවන්. ඔබට ජය පතමි....


 
Last edited: