මෙවන් අසිරිමත් ජාතිය.....
==================
සුබසාධක ප්‍රතිලාභ සමීක්ෂණයෙ දත්ත සත්‍යාපනය කරනව මම මේ දවස් වල. ඒකෙදි මම දැකපු අයදුම්කරුවන්ගෙ පොදු ලක්ෂණ තමයි...,

නොමිලේ ලැබෙන නිදහස් අධ්‍යාපනයෙන් මේ ලෝකෙ පලක් මහඋං අරගනත් නෑ දරුවෙක් අරගනත් නෑ
( කැම්පස් ගිය දරුවෙක් ඉන්න එකම එක පවුලයි මේ වන තුරාවට හම්බවුනේ)

ඉහෙන් බහින රෝගයක් නැතුවට කිසිම දෑතෙ රස්සාවක් කරන්නෙ නෑ

වෘත්තීය පුහුණුවකට යොමු වෙලා තියා හිතලවත් නෑ

අඩු වයසෙන් කසාද බැඳල

දරුවො පෝළිමක් හදල

කන්න නැතත්, ඉන්න තැනක් නැතත් ණය වෙලා බයික්, ත්‍රීවීල් අරං. ( හැබැයි ඒවයින් ආදායම් උපයන්නෙ නෑ)

අම්මයි, තාත්තයි, දුවල දෙන්නයි , පුතයි, අවු.18 ලොකු දුවයි , දුවගෙ මනුස්සයයි සේරෝම යැපෙන්නෙ එකම සමෘද්ධියෙන්

වියදම තියනව ආදායම වගේ හය හත් ගුණයක්. එතකොට ඒ වියදම පිරිමහගන්නෙ කොහොමද ඇහුවම තොරතුරු වසං කරනව කියලයි අපේ නිලධාරීන් කියන්නෙ. ( එක්කො ආදායම් තියාගන සමෘද්ධිය රැකගන්න බොරු කියනව ඒ)

සාමාන්‍යයෙන් අපි ගණන් නොගන්න ලෙඩ මේ හැමෝටම මහා බරපතළ මට්ටමේ අසනීප. ( උදා: තැලසීමියා වාහකයෙක්ට මම දන්න තරමින් සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න පුලුවන්. විවාහයේදී සහ දරුවන් හැදීමෙදි සැළකිලිමත් වෙන්නයි ඕනෙ.මේ අයට ඒක ඔත්පල වෙලා ඇඳට වැටෙන මට්ටමේ දෙයක්)

අක්කර ගණන් වතු තිබ්බට මඤ්ඤොක්ක දණ්ඩක තරම් දෙයක් වත්‍තෙ හිටවගන නෑ
ඉතින් මොනව කියන්නද මේවට??? මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි

දැං ඉතින් ඔය මහපොළවෙ පය ගහල නැති පුයර බබ්බු ටික බැණහල්ල ධනාත්මකව හිතන්නෑ කියල රට ගොඩ නගන්න. අපි ටික දෙනෙක් විතරක් ධනාත්මකව හිතුවම ගොඩ නැගෙයි මේක මේං කියල .
ඇස් රිදෙනකම් කම්පියුටර් තිරයක් දිහා බලන් දවල් රෑ නැතුව මුංදල වෙනුවෙන් අපි මේ කන පරිප්පුවටත් ණයයි මේ මිනිස්සු
හෂිනි...
Source:
https://m.facebook.com/story.php?st...oUtoYdakP83qQ7l&id=1273119982&mibextid=qC1gEa