K-Mac
හඳහන ඕන නෑ මූණ බලලා කියන්නම් අනාගතේ
පිළියන්දල තමයි සුපිරි වැඩ්ඩෝ ඉන්නේ මෙහෙනේ පුතේ
කළුනික දෙන්නේ තාමත් වදන් පටන්ගත්තේ දෙදාස්හතේ
තාමත් ඉන්නේ කොලඹ රස්තියාදු තාලේ හිතූ මතේ
බෝඩරේ කොල්ලේ එකට නැමෙන්නෑ කාටවත්ම දෙකට
දෙයියෝ දුන්න මල ඔතාගෙන මම නම් ඉන්නේ සැපට
ලග්නේ කටක දේව ඝණ සුභම අංකේ හතර
අපල කාලෙ ඉවරයි දැන් කවුද කරන්නේ නතර?
ඕනම දෙයක් ඕනාවට වඩා ඕනෙම නෑ ඕනෙම නෑ
සූස්ති පිටියේ සැප දැම්මට විඳවද්දි කවුරුත් එන්නේ නෑ
බොරුවෙන් දුවන ලෝකෙ මමනම් තාමත් ඇත්ත දැක්කේ නෑ
විස දුමෙන් මුලු රටම වැහිලා විසඳුම කවුරුත් දන්නේ නෑ
මිනීමරුවෝ සිල් අරන් හොරු ටික ඉන්නේ වෙස්වලන්
නීතිය ඇයි උඩ බලන්? ලංකාවනම් ඉස්තරම්
පේලි දාසයක් මදි මට කියලා දෙන්න වෙලාව
ඊළඟ පාර දෙන්නේ පේලී සීයක් රස කතාව