1970දි ලංකාවේ උඩම ගොඩනැගිල්ල... 😱

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මම මේක ෆේස්බුක් එකේ දැක්කා.

    එතන කොත්තු තිබුනා කියන එකනම් මම විස්වාස කරන්නේ නැහැ .

    අපි පොඩි කාලේ මාසෙකට දෙකකට සැරයක් ඕකට ගිහින් කාලා එනවා. ඒකේ බැල්කනියේ ටෙලස්කෝප් හයි කරලා තිබුනා. සත දහයේ කාසියක් දැම්මාම ඒක විනාඩි දෙකකට විතර ඕපන් වෙනවා.


    එස්කැලේටර් එක තිබුනේ බිම් මහලේ ඉඳලා පළමු මහල දක්වා පමණයි. ඒක දවල් 12 වෙනතුරු ඉහළටත්, දවල් දොළහෙන් පසු පහළටත් තමයි ගමන් කලේ.

    සෙලින්කෝ බිල්ඩිමට ඇතුල්වෙන තැනම පහලට යන්න තිබුන පඩි පෙලකින් ගියාම, බාබර් සාප්පුවක් තිබුනා. ඒකේ පොඩි ළමයින්ගේ හයි චෙයා එක ළමයාගේ ගානටම පහත් කරලා ළමයා ඉඳ ගත්තාම ෆුට් පැඩල් එකකින් පම්ප් කරලා බාබර් ට ගැලපෙන උසකට උස්සනවා. කොන්ඩෙ කපන එක කොච්චර අකමැති දෙයක් උනත්, ඔය පුටුවේ ඉඳගෙන ඉහල/පහල යන ආසාව නිසාම ඉල්ලලා ම කොන්ඩේ කපා ගන්නවා. ඒ කාලේ කොට්ටාවේ හන්දියේ තිබුන සැලුන් වල (ලිබර්ටි සැලුන් , සහ සැලුන් ඩි නෝමන් කියන දෙක විතරයි තිබුනේ) ළමයෙකුගේ කොන්ඩෙ කපන්න සත 75 වගේ ගනිද්දී, සෙලින්කෝ එකේ රුපියල් දෙකක් ගත්තා .
     
    Last edited: