මෙහෙමත් මිනිස්සු ඉන්නවාද?
වායු සමනය කළ කාමරවලට වී, ටයි පටිය හරි හරියට අතගාමින් කැරකෙන පුටුවේ සැප විඳින ජන කොට්ඨාසයක් අතර ජීවිතයේ අනේක විධ දුක් කම්කටොලු ගැහැට විඳින පිරිසක්ද සිටින බව අප කාටත් අමතක වීම ඉතාම කනගාටුදායක කරුණකි.
උදේ සිට රෑවන තුරුත් රෑ සිට එළිවන තුරුත් මේ සමාජය, මහ පොළොවට දහඩිය වගුරමින් රට ගොඩනඟන්නට කැපවන එම මනුස්ය කොට්ඨාසයට කවමදාකවත් කාගේවත් පිළිසරණක් නැත. ඇති එකම පිළිසරණ එක්කෝ කාටහරි බැලමෙහෙවර කිරීමය, එසේ නැති නම් කුලී වැඩ කරමින් අතට ලැබෙන කීයෙන් හරි ජීවිතයට පණ දීමය.
දුප්පත් – පොහොසත් පරතරය ඉහ වහා ගිය සමාජයක මෙවැනි අන්ත දුක් විඳින දුප්පතුන් ගැන හොයන්න, බලන්න, ඔවුන්ගේ ජීවිත දැක හදවතින් හඬා වැටී, නෙත් තෙත් කරගන්නේ කීයෙන් කීදෙනාද?
උප්පත්තිය, දුප්පත්කම නැමැති සාධකය තුළ අධ්‍යාපන වරම් නොලැබුවත් මේ මිනිසුන් රටක සංවර්ධනයේ ජීවනාලියට පණ පොවන්නේ නැතැයි කිව හැක්කේ කාටද?
ඔවුන්ගේ වේදනාවෙන් පිරි, අඳුරින් බරවූ මුහුණුවලට ජීවිතයේ එකම එක දවසක්වත් සිනාවෙන්න ඉඩක් දෙන්න පුළුවන් සානුකම්පිත හදවතක් ඇත්තෙකුගේ මේ වෑයම වැරැද්දක්ද?….
කවුරු වුනත් හොද වැඩක් තමා කරන්නේ..

උපුටා ගැනීම :-
http://sinhala.adaderana.lk/webgossip/මෙහෙමත්-මිනිස්සු-ඉන්නවාද/