මෙහෙමත් මිනිස්සු

findingz

Junior member
  • Sep 17, 2009
    271
    4
    18
    මෙහෙමත් මිනිස්සු

    රට පුරා හොර බැංකු 39කින්
    කෝටි ගණනක මුදල් වංචා කළ තවත් සක්විත්තෙක් දැලේ
    Manchuwa.jpg

    භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් සහ දිල්හානි විජයානන්ද ගම්පොළ සමූහ

    ශ්‍රීලංකාව පුරා හොර බැංකු 39ක් පවත්වාගෙන යමින් කෝටි ගණනක් මුදල් වංචා කළ පුද්ගලයකු ගම්පොළ විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සීමාසහිත ග්‍රාමීය ආයෝජන සංවර්ධන බැංකුව නමින් මේ බැංකු පවත්වාගෙන ගිය අතර ඒවායේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇත්තේ ප්‍රධාන සැකකරුගේ පවුලේ සමාජිකයන් බව ද පොලිසිය ප්‍රකාශ කරයි.
    ප්‍රධාන බැංකුවේ අධ්‍යක්ෂ ලෙස පෙනී සිටි පිළිමතලාවේ පදිංචි සෙල්වතුරේ ධනරාජ් නැමැත්තා මේ වන විටත් අත්අඩංගුවට ගෙන තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කළ ඔහුගේ බිරිය සහ සාමාජිකයන් මේ වන විට සිය නිවෙස්වලින් පලාගොස් ඇති බව පොලිසිය කියයි. මේ බැංකු 39න් පුද්ගලයන් රැසකට රැකියා ද ලබා දී තිබේ. උසස් අධ්‍යාපනය ලබන තරුණ තරුණියෝ ද මේ අතර වෙති.
    ව්‍යාජ බැංකු පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු ප්‍රදේශ රැසක මුදල් වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ පුද්ගලයකු බව ද පොලිසිය කියයි.
    මේ බැංකු සම්බන්ධ කිසියම් තොරතුරක් ඇත්නම් ගම්පොළ කොට්ඨාසයේ විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත දන්වන ලෙස පොලිසිය කියයි.

    ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා, සහකාර පොලිස් අධිකාරී ජී. විමලදාස යන අයගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක බී. ගුරුනායක, පොලිස් සැරයන්වරු සොයිසා, දිසානායක සහ පොලිස් කොස්තාපල් ධනපාල පරීක්ෂණ පවත්වති.
     
    rasithaudayanga

    Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    රට පුරා හොර බැංකු 39කින්
    කෝටි ගණනක මුදල් වංචා කළ තවත් සක්විත්තෙක් දැලේ
    Manchuwa.jpg

    භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් සහ දිල්හානි විජයානන්ද ගම්පොළ සමූහ

    ශ්‍රීලංකාව පුරා හොර බැංකු 39ක් පවත්වාගෙන යමින් කෝටි ගණනක් මුදල් වංචා කළ පුද්ගලයකු ගම්පොළ විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සීමාසහිත ග්‍රාමීය ආයෝජන සංවර්ධන බැංකුව නමින් මේ බැංකු පවත්වාගෙන ගිය අතර ඒවායේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇත්තේ ප්‍රධාන සැකකරුගේ පවුලේ සමාජිකයන් බව ද පොලිසිය ප්‍රකාශ කරයි.
    ප්‍රධාන බැංකුවේ අධ්‍යක්ෂ ලෙස පෙනී සිටි පිළිමතලාවේ පදිංචි සෙල්වතුරේ ධනරාජ් නැමැත්තා මේ වන විටත් අත්අඩංගුවට ගෙන තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කළ ඔහුගේ බිරිය සහ සාමාජිකයන් මේ වන විට සිය නිවෙස්වලින් පලාගොස් ඇති බව පොලිසිය කියයි. මේ බැංකු 39න් පුද්ගලයන් රැසකට රැකියා ද ලබා දී තිබේ. උසස් අධ්‍යාපනය ලබන තරුණ තරුණියෝ ද මේ අතර වෙති.
    ව්‍යාජ බැංකු පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු ප්‍රදේශ රැසක මුදල් වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ පුද්ගලයකු බව ද පොලිසිය කියයි.
    මේ බැංකු සම්බන්ධ කිසියම් තොරතුරක් ඇත්නම් ගම්පොළ කොට්ඨාසයේ විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත දන්වන ලෙස පොලිසිය කියයි.

    ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා, සහකාර පොලිස් අධිකාරී ජී. විමලදාස යන අයගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක බී. ගුරුනායක, පොලිස් සැරයන්වරු සොයිසා, දිසානායක සහ පොලිස් කොස්තාපල් ධනපාල පරීක්ෂණ පවත්වති.
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: