මෙහෙමත් වෙනවලු !

මෙහෙමත් වෙනවලු !

(උපුටා ගැනීම-විදුසර )
ඇරපු අතක්‌ නෑ තාත්තා වගේ ම නම්
ඔබත් වාසනාවන්තයි

"අර පුතා නම් ඇරපු අතක්‌ නෑ තාත්තා වගේමයි"... "තාත්ත ගේ කපාපු පලූව"...මෙවැනි ප්‍රකාශ ඔබ කොතෙකුත් අසා ඇත. නවතම විද්‍යාත්මක පරීක්‌ෂණයකින් හෙළි වී ඇත්තේ කිසියම් දරුවකු තම පියාට පෙනුමෙන් හා ගන්ධයෙන් සමාන වන්නේ නම් ඔහු හෝ ඇය හෝ සමාජයේ වැඩි සැලකුම් ලබමින් පියා ගේ ද වැඩි ආදරයට ලක්‌ වන බවයි. අනෙක්‌ අතට පියා ගේ පෙනුමෙන් අපගමනය වන දරුවන්ට ලැබෙන්නේ පවුලේ අඩු සැලකිල්ලකි.

සෙනගාල ජනපදයේ පවුල් 30ක්‌ ආශ්‍රිතව මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර දරුවන් තම පියා ගේ පෙනුමට සමාන වීමේ සුවිශේෂත්වයක්‌ ඇති බව අනාවරණය වූයේ ප්‍රථම වතාවට බව නිව්සයන්ටිස්‌ට්‌ සඟරාව පෙන්වා දෙයි.

ලන්ඩන් නුවර හීත්‍රොa ගුවන් තොටුපොළ ආශ්‍රිතව ද මෙවැනි අධ්‍යයනයක්‌ සිදු කර ඇති අතර ඊට අනුව තමා ගේ ම පෙනුමට සමාන දරුවන් වෙනුවෙන් පියවරු වැඩි වේලාවක්‌ සහ මුදල් නොමසුරුව වැය කර ඇත. තමාට වඩා පෙනුමෙන් හා පෞරුෂත්වයෙන් වෙනස්‌ දරුවන්ට ඔවුන් දක්‌වා ඇත්තේ අඩු සැලකිල්ලකි. තමා ගේ ම දරුවන්ට මේ අකාරයට වෙනස්‌කම් කිරීම අනුමත කළ නොහැකි වුවත් පරිණාමිකව මෙය වැදගත් සංසිද්ධියක්‌ බව පර්යේෂකයෝ පෙන්වා දෙති. දරුවකු තමා ගේ ම බව තහවුරු කරගත හැක්‌කේ ඩීඑන්එ පරීක්‌ෂණයක්‌ මගින් ම පමණි. ඒසෙ නො වන්නේ නම් අඩු ම වශයෙන් පියාට පෙනුමෙන් හෝ සමාන විය යුතු ය. මේ අනුව පියකු තමා ගේ පෙනුමට සමාන දරුවකුට වැඩි සැලකිල්ලක්‌ දැක්‌වීම අසාධාරණ නැත.

ප්‍රංශයේ මොන්ටිපෙලියර්හි පරිණාමික විද්‍යා අංශයේ මානව ජීව විද්‍යාඥ ඇලෙක්‌සැන්ඩ්‍රා ඇල්වර්ග්නි විසින් මෙම අධ්‍යයනය දියත් කරන ලදි. ඇල්වර්ග්නි ගේ අධ්‍යයනයට සහභාගී වූ දරුවන් 60 දෙනකු ගේ පමණ පියවරුන් කවුරුන් දැයි නිශ්චය කර ගැනීමට නොහැකි විය. එහි දී දරුවා ගේ නියම පියා සොයාගැනීමට ඇය උපයෝගී කරගෙන ඇත්තේ පියා තම පෙනුමට දරුවකුට දක්‌වන සුවිශේෂ සැලකිල්ලයි. එහි දී ඩීඑන්ඒ පරීක්‌ෂණයක්‌a අවශ්‍ය නො වන තරම් විය.

ප්‍රදේශයේ දරුවන්ට සබඳතාවක්‌ නො දක්‌වන ඈත දුරින් තෝරාගත් පුද්ගලයින් 100 දෙනකු යොදාගෙන තම පියාට පෙනුමෙන් හා ගන්ධයෙන් සමානකම් දක්‌වන දරුවන් තෝරා ගැනීම මෙහි දී සිදු වී ඇත. දරුවන් ගේ ඩිජිටල් ඡායාරූපයක්‌ දරුවා ගේ පියා විය හැකි පුද්ගලයින් තිදෙනකු ගේ ඩිජිටල් ජායාරූප සමග ගලපන ලෙස මෙම ආගන්තුක පුද්ගලයන්ට පවසා ඇත. දරුවන් ඉකුත් රාත්‍රියේ හැඳ සිටි ඇඳුමක්‌ ද, දරුවා ගේ පියා විය හැකි පුද්ගලයින් දෙදෙනකු ඇඳ සිටි ඇඳුම් සමග සැසඳීමට ලබා දී ඇත. මින් වඩාත් සාර්ථක වූයේ ජායාරූපය මත පදනම් ව පියා හඳුනා ගැනීම ය.

ඉන් අනතුරුව පර්යේෂකයන් ගේ අවධානය යොමු ව ඇත්තේ පියකු තම දරුවා වෙනුවෙන් කොපමණ කාලයක්‌ වැය කරන්නේ ද යන්න ගැන ය. මෙහි දී දරුවාට පියා ගෙන් ලැබෙන ආදරය, මූල්‍ය සහාය, මානසික සහනය ආදී කරුණු ගැන ද සැලකිල්ල දක්‌වා ඇත. කිසියම් දරුවකු තම පියාට පෙනුමෙන් සහ ගන්ධයෙන් සමාන වන්නේ නම් ඔහු හෝ ඇයට පියා ගේ වැඩි සෙනෙහසක්‌ උරුම වී ඇත. ළමයා ගේ වයස, ලිංග භෙදය, වැඩිමලා ද බාලයා ද යන්න පිය ආදරය දිනා ගැනීමට වැදගත් නැත. පියා ගේ වත්කම් හෝ වයසද මෙහි දී නො බලපායි.

නෝමන්හි ඕක්‌ලොහෝමා සරසවියේ මානව ජීව විද්‍යාඥ කර්මීට්‌ ඇන්ඩර්සන් සඳහන් කරන ආකාරයට පියවරු දරුවන්ට බුද්ධිමත් ආකාරයට ආදරය දැක්‌වීමට මේ නිසා පෙලඹෙති. ඔහු සඳහන් කරන ආකාරයට මිනිස්‌ පවුලේ පිරිමි සත්තු තම දරුවන් කෙරෙහි නොමසුරු දායකත්වයක්‌ දක්‌වති. වැඩි කාලයක්‌ කැප කරති. මෙය මිනිසා අනෙක්‌ ක්‌ෂීරපායී සතුන් ගෙන් වෙන් ව කැපී පෙනෙන අවස්‌ථාවකි. සෙසු ක්‌ෂීරපායි පිරිමි සත්තු සංසේචනයෙන් අනතුරුව තම කාර්යය අවසන් කරති. ගැහැනු සතා යොදාගන්නේ ලිංගික සංතෘප්තියට පමණි. මේ සම්බන්ධව අදහස්‌ දක්‌වන ෆ්ලෝරීඩා රාජ්‍ය සරසවියේ ෆ්රෑන්ක්‌ මාර්ලෝවී බටහිර රටවල තාත්තලත් මේ වගේමයි. එයාලත් ඊට වඩා හිතන්නේ නෑ." යි පවසයි. කෙසේ වුවත් ඇල්වර්ග්නි සඳහන් කරන්නේ තමා ගේ පෙනුමට සමාන දරුවන් කෙරෙහි බටහිර රටවල තාත්තලාත් වැඩි උනන්දුවක්‌ දක්‌වන බවයි.

මෙම පරීක්‌ෂණය අවසන විද්‍යාඥ පිරිස්‌ පෙන්වා දෙන වැදගත් ම පණිවිඩය නම් පියකු තම දරුවා සමග වැඩි කාලයක්‌ ගත කිරීම ඔහු ගේ අනාගතය ආලෝකවත් කිරීමට හේතු වන බවයි. දරුවාට මනා පෞරුෂත්වයක්‌ උරුම වන්නේ එවිට ය.

Last edited:
පියා වගේ නැතුව වෙන මොකා වගේ වෙන්නද??
ලොල්,...තෑන්ක්ස් මචන්..

ඔය දෙන්න හිතන-කියන දේ හරි.ඒ වුනාට මේ ලිපිය පරිස්සමින් කියවල බලන්න.හැම දරුවෙක්ම තාත්තා වගේද?මම දැකල තියනවා නියම දුඹුරු සමක්-ගොරෝසු පෙනුමක් තියන සිංහල පවුල්වල විවිධාකාර ළමයි ඉන්නවා.(මෙතනට කැත කතාවක් කියන්න එපා:P)
හොඳම පිරිසුදු දෙමව්පියන්ට වුනත් තම පෙනුමට සපුරා වෙනස් ළමයි ඉපදෙන්න පුලුවන්.එහෙම වුනාම පව් නේ අප්පා...!මොකක් හරි වරදක් නිසා ආදරය නොලැබෙනවනම්.

(කිසියම් දරුවකු තම පියාට පෙනුමෙන් හා ගන්ධයෙන් සමාන වන්නේ නම් ඔහු හෝ ඇය හෝ සමාජයේ වැඩි සැලකුම් ලබමින් පියා ගේ ද වැඩි ආදරයට ලක්‌ වන බවයි. අනෙක්‌ අතට පියා ගේ පෙනුමෙන් අපගමනය වන දරුවන්ට ලැබෙන්නේ පවුලේ අඩු සැලකිල්ලකි.කිසියම් දරුවකු තම පියාට පෙනුමෙන් සහ ගන්ධයෙන් සමාන වන්නේ නම් ඔහු හෝ ඇයට පියා ගේ වැඩි සෙනෙහසක්‌ උරුම වී ඇත. ළමයා ගේ වයස, ලිංග භෙදය, වැඩිමලා ද බාලයා ද යන්න පිය ආදරය දිනා ගැනීමට වැදගත් නැත. පියා ගේ වත්කම් හෝ වයසද මෙහි දී නො බලපායි.)
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ane manda ban lankawe nam ammala puthata thama wadiya aadare,
    a wagema appachchila duwalata wadiya aadarei.
    a kiyanne anik daruwanta aadare na kiyana eka newei.
    lankawe මෙවැනි අධ්‍යයනයක්‌ kaloth eeta wada deyak hoyanna bari wei.
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    ගජං මල්ලී;5393832 said:
    ඔය දෙන්න හිතන-කියන දේ හරි.ඒ වුනාට මේ ලිපිය පරිස්සමින් කියවල බලන්න.හැම දරුවෙක්ම තාත්තා වගේද?මම දැකල තියනවා නියම දුඹුරු සමක්-ගොරෝසු පෙනුමක් තියන සිංහල පවුල්වල විවිධාකාර ළමයි ඉන්නවා.(මෙතනට කැත කතාවක් කියන්න එපා:P)
    හොඳම පිරිසුදු දෙමව්පියන්ට වුනත් තම පෙනුමට සපුරා වෙනස් ළමයි ඉපදෙන්න පුලුවන්.එහෙම වුනාම පව් නේ අප්පා...!මොකක් හරි වරදක් නිසා ආදරය නොලැබෙනවනම්.

    (කිසියම් දරුවකු තම පියාට පෙනුමෙන් හා ගන්ධයෙන් සමාන වන්නේ නම් ඔහු හෝ ඇය හෝ සමාජයේ වැඩි සැලකුම් ලබමින් පියා ගේ ද වැඩි ආදරයට ලක්‌ වන බවයි. අනෙක්‌ අතට පියා ගේ පෙනුමෙන් අපගමනය වන දරුවන්ට ලැබෙන්නේ පවුලේ අඩු සැලකිල්ලකි.කිසියම් දරුවකු තම පියාට පෙනුමෙන් සහ ගන්ධයෙන් සමාන වන්නේ නම් ඔහු හෝ ඇයට පියා ගේ වැඩි සෙනෙහසක්‌ උරුම වී ඇත. ළමයා ගේ වයස, ලිංග භෙදය, වැඩිමලා ද බාලයා ද යන්න පිය ආදරය දිනා ගැනීමට වැදගත් නැත. පියා ගේ වත්කම් හෝ වයසද මෙහි දී නො බලපායි.)
    හරියට හරි සහෝදරයා . :yes::yes::yes:
     
    ane manda ban lankawe nam ammala puthata thama wadiya aadare,
    a wagema appachchila duwalata wadiya aadarei.
    a kiyanne anik daruwanta aadare na kiyana eka newei.
    lankawe මෙවැනි අධ්‍යයනයක්‌ kaloth eeta wada deyak hoyanna bari wei.
    ඒක ඇත්ත.ඒ වුනාට මෙහෙම වෙනසක් තියනව කියලා අපි හිතුවේ නෑ නේද ?
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    thanks for the info.

    but mama dekala thiyenne puthekge penuma mawage wage e kiyanne mawage piyage akare, duwekge penuma piyage wage e kiyanne piyage mawage penuma. meka damayak. kohoma unath hoda post ekak. :D
     
    thanks for the info.

    but mama dekala thiyenne puthekge penuma mawage wage e kiyanne mawage piyage akare, duwekge penuma piyage wage e kiyanne piyage mawage penuma. meka damayak. me sambanda mama godak hoyala balala thiyanawa. kohoma unath hoda post ekak. :D
    meka damayak_, ඔයා කියන්නේ පරිනාමය අනුව- ජාන අනුව මේ හැඩරුව වෙනස් වෙනවා-දූලා තාත්තා වගේ,පුතාල අම්මා වගේ අයත් ඉන්නව කියන එකනේ.මේක දාමයක්(චක්‍රයක්) වගේ තමයි. ඉතිං මේ සයන්ස්ටිස්ලා කියන අපභ්‍රංසෙ ගැන හිතුවම මේ වෙනස මහා අසාධාරනයක් නේ බං.හැඩරුවේ වෙනස නිසා ආදරයේ අඩුවක් වෙනවනම්.
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    ගජං මල්ලී;5396392 said:
    meka damayak_, ඔයා කියන්නේ පරිනාමය අනුව- ජාන අනුව මේ හැඩරුව වෙනස් වෙනවා-දූලා තාත්තා වගේ,පුතාල අම්මා වගේ අයත් ඉන්නව කියන එකනේ.මේක දාමයක්(චක්‍රයක්) වගේ තමයි. ඉතිං මේ සයන්ස්ටිස්ලා කියන අපභ්‍රංසෙ ගැන හිතුවම මේ වෙනස මහා අසාධාරනයක් නේ බං.හැඩරුවේ වෙනස නිසා ආදරයේ අඩුවක් වෙනවනම්.

    damayak eka hari, kohoma unath parinamayak mama piliganne ne. mama kalin dala thiyana post eke kiyala thiyanawa piliwelela eka wenas wenna godak hethu thiyanawa. kohoma unath me wage deyak wenna puluwan kamak ne. meka eka sere piliganna puluwan kamak ne. methanadi thawat deyak kiyanna ona mawa sha piya wedi pura pirimi daruwanta adarei. eka thamai mama dakina ekama awasiya. :yes: