මෙහෙමත් Copy කීරිමක්...

rockbuddhi

Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    මෙහෙමත් Copy කීරිමක්...

    දවස් ගානක් තිස්සෙ මම සින්හල සින්දුවක් ඇහෙනවා...ගොඩක් පුරුදුයි වගේ...පස්සෙ තමයි පොඩ්ඩක් හොයලා බැලුවෙ....
    සින්හල සින්දුව...
    ඊලග වස්සානේ...(තික්ශණ අනුරාධ සහ prathiba praba)
    http://youtu.be/885BYm8-pEA



    english සින්දුව...
    Somebody That I Used To Know..(Gotye feat. Kimbra)
    http://youtu.be/8UVNT4wvIGY


    The song was released in Australia and New Zealand by Eleven Music on 5 July 2011 as the second single from his third studio album, Making Mirrors (2011). It was later released by Universal Music in December 2011 in the United Kingdom, and in January 2012 in the United States and Ireland.

    සම්පුර්ණයෙන්ම එක වගෙ නෑ..එත් මොකක් හරි Copy කලා වගේ තියනවා. අහලා බලන්නකෝ..

    Youtube Video play වෙන්නෙ නැති praශ්ණයක් වගෙ තියනවා..මොකො කොරන්නේ එකට..

    කට්ටිය අහලා බලලා comment එකක් බම්පියක් වගෙ දාලා යන්න...

     
    Last edited:
    • Like
    Reactions: NB Diamonds

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    P.gif
     

    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    ලංකාවේ අනන‍‍ය්‍ය තාවය තවත් පිලිබිඹු වෙනව මේක බැලුවාම,,,, අනේ ඇත්තට ඇයි බං අපේ උන්ට හරි හැටි සින්දුවක් හදාගන්න බැරි ,,, :( දුකයි ,,,
     

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    මම දැන් දවස් ගානකට කලින් කියපු දේ අද Gossip9 එකෙ දාලා තියනවා. දකින්නත් සතුටුයි.
    :lol::lol:

    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/11/blog-post_1574.html
    Wednesday, November 21, 2012

    රැහැයියන්ගේ කාහළ නාදය
    කොපි කිරීම කලාවක් වු මේ දුපතේ සෑම දේම කොපියකි. නුතන සංගිතය වනාහි ලංකාවේ එවන්වු අච්චාරුවකි.

    විවිධාකාරවූ රූපවාහිනී නාලිකා තුලින් කලින් කලට පුම්බා එවන නනාවිදවු ගෙම්බන්ගේ ශබ්දයෙන් ලංකාවේ නව සංගිතය තවත් එක් පුස් ඝෝෂාවක් බවට පත්වි හමාරය.

    මෙම රැල්ලෙ නවතම පුස් වෙඩිල්ලක් මිට පෙර දිනකදි එලි දක්වුනි. මා හට මේ ලිපිය ලිවිමට සිතුනේ අද දින මා කියවු ලංකාදිප පුවත්පතේ පලවු එක්තරා පුවතක් හේතුවෙනි. පුවත් පත ලිපිය අරඹන්නෙ මේ අයුරිනි. "ගීතයක ලියවුනු ආදරය නොදුටු අඹු සෑමි අරගලය".

    ලිපි ශිර්ෂයේ වු මෙම ගෑඹුරු වදන් වලින් එම ලිපිය කියවිමට මටත් සිත්විය. ගයකයගේ නම මෙහි මා සඳහන් කරන්නේ නැතිමුත් ඔබට මේ කවුරුන්ද යත් හදුනා ගැනිමට අපහසු නොවනු ඇත. ඔහු ලංකාවේ පලමුවම ඉදිරිපත් වුන රියැලෙටි ටීවි වැඩසටහනක අවසාන වටයට තේරුණු නවක ගායකයෙකි.

    ලිපියෙන් පුන පුනා කියා තිබුනේ මෙම ගායකයා සහ අනිත් ගායිකාවගේ දක්ශතාවය හා ගීතයේ කාලිනත්වයයි. මෙම ගිතය නිපයු ආකාරය, තේමාව තෝරා ගැනුනු අකාරය රචකයා විසින් තලුමරමින් වචන ගලපා තිබුනු අයුරු ඉත් සිත් ඇදගන්නා සුලුවිය.

    ඔහු විසින් උපුටා දක්වමින් පුන පුනා කියා තිබුනේ මෙම යුගල ගීතයේ ගන්ධර්වත්මක ගති ලක්ශණයි. එම ලිපියේ තිබුන ආකාරයට එම ගීතය අන්තර්ජලයේ ඉතා ජනප්‍රිය බවත් එම ගිතය නොඈසූ කණ කුමකට දෑයි මටම මගේ ගැන දුකක් ඇතිවිය.

    එයින් පල නැත අපේ ලංකාවේ නව පරපුරෙ නවතම නිපෑයුම නරඹා විසිල් පාරක් ගසා මගේ අහිංසක සන්තොසය පලකිරිම වස් මා අන්තර්ජලයට එක්වුනෙමි. යු ටියුබ් වෙබ් අඩවියට එක්වි එම ගිතය සොයගත් මා හට මුලින්ම දක්නට ලැබුනේ එහි පාඨක අදහස් දක්වන ස්ථානය වසා දමා ඈති බවය.

    අනිත් කරුණ නම් එම ගිතය "ඩිස්ලික්" කල සංඛ්යාව ඉතා වෑඩි බවත්ය. අන්තර්ජලයෙ ගඳ ගහන ගිතයක ප්රධාන ලක්ෂණ මෙවා බව දන්න නමුදු එම ලක්ෂණ විදේශිය රටක කුමන්ත්‍රණයකැයි සිතා ගිතය ඈසිම අරම්භ කෙරුවෙමි.

    තේමා වාදනය කනට හුරු පුරුදුය. ඉතාමත් ලස්සන ගිතයක අරම්භයක් ද? නැත. එය තවත් නව පරපුරේ අසුචි ගිතයකි. විදේශයන් ගනණාවක ඉතාමත් ප්‍රසිධියට පත් ගීතයක් නිර්ධය ලෙස කොපි කිර්මකි.

    2011 වසරෙදි ගුවනට මුසුවු Wouter "Wally" De Backer හෝ Gotye නම් අසහාය ගායකයාගේ, ලොව මිලියන ගනණාවකගෙ ජනාදරයට පත් "Somebody That I Used to Know" ගිතයේ සංගිතයට කොහෙන්දෝ අහුලා ගත් වචන කිපයක් අමුනා ගායනා කරන්නවු විලාපයකි.

    ඔබම ඒයට සවන්දි බලන්න. ගීතයේ කිසි තැනක හෝ ලිපියේ කිසි තැනක, ගීතයෙහි සැබෑ ගායකයාට ගරු කිරිමක් කර නැති අතර එය නිර්දය වු බුද්ධිමය දේපල ගසා කෑමකි.

    ශ්‍රී ලාංකීය සංගිතයේ අනාගතය කෙසේද?. කිමද අපගෙ ගායකයන්ට පෙර අපරට සිටි ගාන්ධර්වයන් ගේ ගිත වෑනි ගිත නිර්මනය කිරිමට නොහෙකි. මෙවැනි ගිත ප්‍රධාන යයි කියගන්නවු පුවත් පත් වල කිසිදු සොයබෑලිමකින් තොරව වර්තා කරනුයේ පාඨකයන් මොඩයන් යේයි ඔවුන්ට සිතෙන නිසාදෙයි මට විටෙක සිතේ.

    මෙම මාතෘකාව ඔබගේ සංවාදය පිණිසයි. ඔබ නිහඬව සිටින තුරු තවත් මෙවැනි වු රැහැයියන් කහල නද දි සිංහයන් සේ පම්පෝරි ගසනු ඈත, පුවත් පත් ගනන් ලිපි ලියෙනු ඇත. අප රට මෙම ලෝකය තුල තවත් එක් විහිලුවක් පමණක් බවට පත් විමට තව වෑඩි කාලයක් නොමැත.

    -ඩී. සිරිපාල-

    ලංකාදීප පුවත්පතේ පලවූ එම ලිපිය මෙතනින්.

    Gotye ගේ මුල් ගීතය පහතින්.


    Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/11/blog-post_1574.html#ixzz2CrUi05J6