මෙහෙමත්_අම්මලා

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මෙහෙමත්_අම්මලා

    දියණිය ඝාතනය කර කලාඔයට විසි කළා-සාලියවැව අතුරුදන් වී සිටි දැරියගේ මවගෙන් පාපොච්චාරණයක්

    fbfyBJC.jpg


    සිව් හැවිරිදි තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවට ඇගේ මව පොලිසියට කළ පාපෝච්චාරණයකට අනුව අද (03) උදෑසට සිට නැවත කළාඔයේ නාවික කිමිදුම් කරුවන් යොදා ගෙන සෝදිසි කිරිම් සිදුකරන බවට තොරතුරු අනාවරණය විය.

    මෙසේ පාපොච්චාරණය කර ඇත්තේ සාලියවැව නීලබැම්ම ඔළුමඩුව ප්‍රදේශයේදි 30 දින සිට අතුරුදහන් ව සිටි සිව් හැවිරිදි දියණියගේ මව බව වාර්තා වේ.

    ඩබ්ලියු . ජී . තෙනුරි තිසාරා නැමති දැරිය 30 දින සිට අතුරුදහන් වි ඇති බවට ඇගේ මව සාලියවැව පොලිසියට පැමිනිලි කර කර තිබිම නිසා දින හතරක් පුරා ආරක්ෂක අංශ ඇතුළු පිරිස් දැරිය පදිංචි නිවස අවට සහ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල සෝදිසි කිරිම් සිදු කිරිම ආරම්භ කර තිබුනි.

    නමුත් මෙම අතුරුදහන් විම පිළිබදව දැරිය පදිංචි නිවස ආසන්නයේ ගම්මානයේ ජනතාව විසින් දැඩි ලෙස ප්‍රතිප්ශේප කරමින් දැරියට පවුලේ පිරිස විසින් යම් කිසි දෙයක් කර ඇති බවට චෝදනා නගන්නට ද විය.


    සිද්දිය පිළිබදව සාලියවැව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබුනද පසුව ඊයේ(02) සවස එම පරික්ෂණ කරුවලස්වැව පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා යටතටපත් කර තිබු අතර ඉන් පසුව මෙම මරණය ගැන දිගින් දිගටම විමර්ශන කිරීමේදි දැරියගේ මව විසින් ඊයේ පාපොච්චාරණය කර ඇත්තේ තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවයි.

    ---------

    Source

    ---------
    Update:-

    දින පහකට පෙර සාලියවැව නීලබැම්ම ප්‍රදේශයේදි නිවසින් අතුරුදහන් වූ දැරිය සොයා සිදුකළ මෙහෙයුම් කිසිදු තොරතුරක් සොයා ගැනීමට අද(03) සවස් වනතුරුත් නොහැකි වු බව ඒ පිළබඳව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් හා අනිකුත් අංශ වෙතට හැකිවි නොමැති බව වාර්තා වෙයි.පුත්තලම සාලියවැව ප්‍රදේශයේ අතුරුදන් වූ සිව් හැවිරිදි දැරිය ඝාතනය කොට ඇගේ සිරුර කලාඔයට විසි කළ බවට පාපොච්ඡාරණයක් දැරියගේ මව විසින් සිදු කර ඇතැයි පොලීසිය අද අනාවරණ කළේය.

    පුත්තලම සාලියවැව නීලබැම්ම ප්‍රෙද්ශයේ පදිංචිව සිටි සිව්හැවිරිදි තෙනුරි තිසාරා දැරිය ඉකුත් බදාදා උදෑසන අතුරුදන්ව තිබුණේ තම මව සමඟ රැඳී සිටින අතරතුරදීයි.එකවරම දැරිය කෑගසන හඩ ඇසුණු බවත්, නිවසට යන විට දැරිය සහ මව දෙදෙනාම නිවසේ නොසිටි බවත් දැරියගේ මිත්තණිය පැවසීය.

    දැරියගේ මව පවසන්නේ මෑතක සිට තමාට මළ ගිය ආත්මයක් ආරූඪවන අතර එලෙස ආරූඪ වූ අවස්ථාවකින් පසු යළි පියවි සිහියට තමා පැමිණෙන විට දැරිය අතුරුදන්ව සිටි බවයි:shocked:ඒ අනුව දැරියගේ මව සිදුකළ පැමිණිල්ලකට අනුව සාලියවැව පොලීසිය, සිවිල් ආරක්ෂක බලකා භට පිරිස් හා ප්‍රදේශවාසීන් එක්ව දැරියගේ මව සමඟ ගමේ ප්‍රෙද්ශ කිහිපයකම සෝදිසි සිදුකළේය.

    කෙසේ වෙතත් ඒ උත්සාහය අසාර්ථක වූ අතර දැරියගේ මව සහ මිත්තනිය තමන්ව නොමඟ යවන ප්‍රකාහ සිදු කරන බවට ගම්වාසීන් චෝදනා කර සිටියේය.කෙසේ වෙතත් අතුරුදන් වූ දැරියගේ මව සහ පවුලේ ඥාතීන්ගෙන් පොලීසිය දිගින්දිගටම ප්‍රශ්න කළ අතර තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවට ඇගේ මව එහිදී පොලීසියට පාපෝච්චාරණය කර තිබේ.

    ඒ අනුව අද උදෑසන සිට නැවත කළාඔයේ නාවික කිමිදුම්කරුවන් යොදා ගෙන සෝදිසි මෙහෙයුම් ආරම්භ කෙරුණි.සැකකාර 21 හැවිරිදි මව කරුවලගස්වැව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සාලියවැව පොලීසියට බාරදු දී තිබේ.

    පොලීසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව මෙම දරුවා සෙවීමේ මෙහෙයුම් වල නිරතව සිටියි.

    ---------

    Source
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,011
    34,467
    113
    ඇයි මරන්න දරුවෝ හදන්නේ? තොපිට හු..... ඕනෑම නම් කොන්ඩම් එකක් දාලා හු.....ව්
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Lamai maranne nathuwa hadaganna Kamari ayata deepiyako. Pahugiya masa 1,2 atulata Lamai kee deneknam maruwada
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    oke mokak hari awlak athi kiyala mama news eka dakka welawema hithuwa. e gani kivva ude wewa gawata giyata passe kisi deyak mathaka na kiyala moda gani
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    nudakin puw ara asarana daruwa hada ganna bari nam anthamadamakata hari denna thibba.:angry::angry::angry:


    habai me wage deyak una mul wathawa newi smahara ganu inawa miniha dala giyama daruwagen pali ganawa methanath e wage ekak da danne na.


    niwan suwa e duwata.:(:(:(
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,311
    49,660
    113
    සේදවත්ත
    හෙතුවක් අනිව තියෙන්න ඔනෙ සල්ලි නැතුව කන්න බොන්න දෙන්න අමාරුවෙන් ඉන්න අත්තෙ
     

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    ඉස්සෙල්ලම බලන්න ඕනි මේ සිදුවීම ඇත්ත එකක්ද කියලා. මොකද කොටකෙතන සිදුවීම මතකනි. අර අහිංසක ළමයෙක් අල්ලං, ඒ ලමයව මාධ්‍යයි, පොලිසියයි නොමරා මැරුවා මිනීමරුවා කියලා. ඒ ළමයාගේ පාපොච්චාරණයක් පවා අරං තිබුනා එයා තමයි මිනීමැරුම් කලේ කියලා. හැබැයි අන්තිමේදී බලද්දී ඒ අන්තිම අහින්සකයෙක්.

    මේ වගේ දෙයක් උනාම පොලිසියට ඕනා කවුරුහරි මිනීමරුවා ලෙස අල්ලාගෙන ශේප් වෙන්න. උබ ටිකක්වත් මොලේ තියෙන එකෙක් කියලා හිතුවේ කිරියේ ඉන්න. බලං ගියාම උබත් බහුතර මෝඩයෙක්ම තමයි.

    අනික මේ වගේ මව්වරු ළමයිව මරණ එකත් ලෝකේ වෙනවා. එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට මානසික ගැටළු නිසා. උපන් හැටියේම ළමයාව මරණ මව්වරු ඉන්නවා. එහෙම වෙන්නේ ළමයා ලැබෙනකොට ශරීරයේ සිදුවන විවිද රසායනික ක්‍රියාකාරකම් නිසා මනස අසමබර වෙලා. උබලා හොදයි ඉරිදා මව්බිම පත්තරේ යන නිවුස් වගේ කාටහරි මොකක් හරි අනතුරක් වෙද්දී ඌ ජංගිය දාලාද කියලා බලලා නිවුස් ගහන්න.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,540
    28,385
    113


    වයස අවුරුදු 04 ක් වන දැරියගේ මරණය සිදු කර ඇගේ සිරුර කලාඔයට විසි කර අතුරුදහන් කර දැමීමේ සිද්ධිය සම්බන්දයෙන් එම දැරිවියගේ මව වන 21 හැවිරිදි කාන්තාවක් කරුවලගස්වැව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සාලියවැව පොලීසියට බාර දී තිබෙනවා.

    අතුරුදහන්වී ඇත්තේ සාලියවැව - නීලබැම්ම ව්‍යාපාරයේ ඔලිමඩුව ගම්මානයේ පදිංචිව සිටි ඩබ්ලිව්. ජී. තෙනුරි තිසාරා (අවු:04) නම්වූ දැරියක්.

    පසුගිය 30 වැනිදා පෙරවරු7.30 පමණ කාලයේ සිට ඇය අතුරුදහන්වී ඇති අතර, දැරිය සෙවීමේ මෙහෙයුම් දින 04 ක් පුරා ක්‍රියාත්මක වුණා. නාවුක හමුදාව, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක බලකාය, පොලීසිය, පොලිස් නිල සුනඛ අංශය සහ ගම්වාසීන් එක්ව මෙහෙයුම ක්‍රියාත්මක කරන ලද නමුත් ඇය මෙතෙක් හමුවී නැහැ. 05 වන දිනටත් ඇය සෙවීමේ මෙහෙයුම් අද (03) පෙරවරුවේ ක්‍රියාත්මක කළ බව පොලීසිය පැවසුවා.

    අතුරුදහන්වී ඇති දැරිය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර, ඇයගේ මව, මිත්තණිය සහ මිත්තණියගේ දෙවැනි ස්වාමි පුරුෂයාව ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් බාරයට ගෙන තිබුණා. ඊට හේතුව වී තිබුනේ දැරියගේ අතුරුදහන්වීම පිටුපස මොවුන් සිටින බව ප්‍රදේශවාසීන් සැක පහළ කර තිබීමයි.

    දැරියගේ මිත්තණිය වන ටී. නිලුකා විජේරත්න යන අය කියා සිටියේ සිද්ධිය වන විට තමන් සහ ස්වාමි පුරුෂයා වගා කටයුතු සඳහා කලාඔයෙන් ජලය ලබා ගැනීමට මෝටරය ක්‍රියාත්මක කිරීම සඳහා ගොස් සිටි බවත්, එවිට "සීයේ..ආච්චියේ" යැයි දැරිය කෑ ගසන ශබ්දයක් ඇසුණු බවයි.

    ඉන් අනතුරුව ඇය සම්බන්ධයෙන් තොරතුරක් නොමැති බවත් එමෙන්ම තම දියණිය වන අතුරුදහන්වී ඇති දැරියගේ මවට කිසියම් අයෙකු ආරූඩ වන බවත් එවිට "මගේ මිණිබිරී මට ගෙනත් දියන්" යනුවෙන් කෑ ගසන බවත් සඳහන් කර තිබෙනවා. දියණියට ආරූඩ වන්නේ මිය ගොස් ඇති තම සැමියා බවට විශ්වාස කරන්නේ යැයිද ඇය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

    සිද්ධිය වූ දින නිවසට පැමිණ බලන විට දියණිය හෝ මිණිබිරිය පෙනෙන්නට නොසිටි බවත් පැය භාගයකට පමණ පසුව දියණියව පමණක් ගමේ සොහොන් පිටියේ සිට හමුවූ නමුත් මිණිබිරිය එහි නොසිටි බවත් ඇය වැඩි දුරටත් පොලිසියට පවසා තිබෙනවා.

    දැරිවියගේ මව වන එච්.එම්. නයනා කුමාරි (අවු:21) යන අය කියා සිටින්නේ දියණිය සහ තමන් නිවසේ සිටි බව මතක ඇති නමුත් ඉන් ඔබ්බට කිසිවක් නොදන්නා බවයි.

    කෙසේ වෙත්ත ගම්වාසීන් කියා සිටියේ දැරියගේ අතුරුදහන්වීම පිටුපස ඇයගේ මව, මිත්තණිය සහ ඇයගේ දෙවැනි ස්වාමි පුරුෂයා සිටින බවයි.

    මේ අතර විමර්ශණ කටයුතු සාලියවැව පොලීසියෙන් ඉවත් කර කරුවලගස්වැව පොලීසියට බාර කිරීමට පුත්තලම කොට්ඨාස බාර පොලිස් අධිකාරී චන්ද්‍රරත්න ජයකොඩි පියවර ගෙන තිබුණා. ඒ අනුව කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ජයලත් විසින් විමර්ශන කටයුතු ආරම්භ කළා.

    අතුරුදහන්වී ඇති දැරියගේ මවගෙන් ප්‍රශ්ණ කිරීමට පොලිස් පරීක්ෂක ජයලත් ඊයේ (02) සවස කටයුතු කර ඇති අතර එහිදී ඝාතනයේ සුළ මුළ හෙලිවී ඇති බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

    අතුරුදහන්වී ඇති දැරියගේ මව වන සැකකාරියව වසය අවුරුදු 14 දී පමණ ප්‍රදේශයේ අයෙකු විසින් දුෂණය කර ඇති අතර ඉන් අනතුරුව ඇය තවත් පුරුෂයින් 15 දෙනෙකු පමණ ඇසුරු කර ඇති බවත්, දැරිවියගේ පියා ඉන් එක් අයෙකු බවත් අනාවරණය වී තිබෙනවා. සැකකාර කාන්තාවගේ පියාද මීට වසර කීපයකට පෙර අතුරුදහන්වී ඇති බවත්, ඔහුවද ඝාතනය කර කලාඔයට දමා ඇති බව එහිදී හෙලිවී ඇති බවයි වාර්තා වෙන්නේ.

    එමෙන්ම මෙම කාන්තාව තමන්ව මුලින්ම දුෂණය කළ බව කියන අය සමග නැවත ජීවත් වීමට කැමැත්තක් ඇති බවත්, එයට දියණිය සහ මවගේ දෙවැනි සැමියා බාධාවක් බවද හෙළි කර තිබෙනවා. ඒ අනුව මවගේ දෙවැනි සැමියාව නිවසින් පලවා හැරීමේ අදහසින් තමන් පියා ආරූඩ වූ බවක් පෙන්වන්නට නිරන්තරයෙන් උත්සාහ කළ බවද ඇය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

    පසුගිය 30 වැනිදා දියණිය පෙර පාසල් යාම සඳහා සුදානම් කරමින් සිටින විට ඇති වූ කෝපය නිසා ඇයට පයින් පහරක් එල්ල කළ බවත්, පසුව තවත් පහරවල් කීපයක් ඇයට එල්ල කළ බවද සැකකාරිය හෙළිකර තිබෙනවා. එම අවස්ථාවේදී දැරිය සිහි මුර්ඡා වන්නට ඇති බවට විශ්වාස කර ඇයගේ මුහුණට වතුරු ඉසුවත් පළක් නොවූ තැන දැරියව ඔසවාගෙන ගොස් කලාඔයට විසි කළ බවද සැකකාරිය පවසා තිබෙනවා. තම පියාගේ සිරුර කලාඔයට දමා ඇත්තේ මෙම ස්ථානයෙන් බවට සැකකරන බවත්, එම සිරුර මෙතෙක් හමු නොවීම නිසා දියණියගේ සිරුරද සොයා ගැනීමට නොහැකි වන්නේ යැයි තමන් අනුමාන කළ බවද සැකකාරිය පොලීසිය හමුවේ වැඩි දුරටත් හෙළි කර තිබෙනවා.

    පසුව නිවසට පැමිණ නැවතත් ව්‍යාජ ආරූඩයක් මවාගෙන සොහොන් පිටියට දිව ගිය බවත් සැකකාරිය වැඩිදුරටත් පවසා ඇති බවයි වාර්තා වුණේ.

    ආරූඩයෙන් දිව ගිය නමුත් ඒ යන අතර මග සිටි පුද්ගලයින් සම්බන්ධයෙන්ද සැකකාරිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා. සැකකාරිය පදිංචි නිවස අවට පදිංචිකරුවන් විශාල ප්‍රමාණයකගෙන්ද පොලීසිය ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා. සැකකාරියව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සාලියවැව පොලීසියට බාර දීමට කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් කෙරුණේ.

    සැකකාරියගේ මව වර්තමානයේ ජීවත් සිටින්නේ පියා අතුරුදහන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර දැනට ඇප මත මුදා හැර ඇති අයෙකු සමගයි.

    දැරිය කෑ ගසන අවස්ථාවේ තමන් සහ ස්වාමි පුරුෂයා වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීමට මෝටරය ක්‍රියාත්මක කරවමින් සිටින් සිටි බව මිත්තණිය ප්‍රකාශ කර ඇතත් එයද බොරුවක් බවත්, ඒ වන විට ඔවුන් කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි බව පොලීසිය විසින් කරන ලද ප්‍රශ්ණ කිරීම් හමුවේ අනාවරණය වී තිබෙනවා.

    දැරියගේ ඝාතනයට ඇයගේ මිත්තණිය කිසියම් ආකාරයකට අනුබල දී ඇද්ද යන්න සම්බන්ධයෙන්ද පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා.

    අතුරුදහන්වී ඇති දැරියගේ සිරුර සොයා මෙහෙයුම් කටයුතු තව දුරටත් ක්‍රියාත්මකයි. පුත්තලම කොට්ඨාස බාර පොලිස් අධිකාරී චන්ද්‍රරත්න ජයකොඩිගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන කටයුතු ක්‍රියාත්මක වනවා.



    1.JPG

    11.jpg


    - http://nethnews.lk/article/63047

    ...