මෙහෙමත්_ගෑණු තුක් විතරක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මෙහෙමත්_ගෑණු තුක් විතරක්

    393990_thump.jpg


    සිය සැමියා විදෙස්‌ගත රැකියාවට ගොස්‌ හරි හම්බකරගත් සියලු වස්‌තුව මදිවාට අහළ පහළ හිතවතුන් ඇපයට තබා බැංකු සහ මූල්‍ය ආයතන කිහිපයකින් ලක්‍ෂ ගණනක ණය ලබාගෙන අතුරුදන් වී සිටින කාන්තාවක පිළිබඳව හෙම්මාතගම අලුදෙණිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

    දැනගන්නට ඇති අන්දමට එම සිද්ධිය මෙසේය. අලුදෙණිය ප්‍රදේශයේ අයෙකු විසින් සියඹලාණ්‌ඩුව මුතුකණ්‌ඩිය ප්‍රදේශයේ සිට කරකාර බැඳගෙන ආ තැනැත්තියක බව කියන මෙම කාන්තාව එක්‌දරු මවක බවට පත්වීමෙන් පසු පවුලේ අනාගතය සැපවත් කර ගැනීම අරමුණු කරගෙන සැමියා විදේශ රැකියාවකට ගොස්‌ ඇත.

    මේ අනුව සිව් වසරකට ආසන්න කාලයක්‌ එහි සිට ඉපැයූ සියලු මිල මුදල් බිරිඳ නමට එවීමට සැමියා පියවර ගෙන තිබුණේ ඇය තමාටත් වඩා අර පරිස්‌සම්කාර විශ්වාසවන්ත තැනැත්තියක බවට පසක්‌ කරගෙනය. කෙසේ වුවද කාලය ගෙවී යද්දී මෙම විශ්වාසවන්තිය වෙනතක යැමට බැල්ම හෙළාගෙන ඇති අතර ඒ අතරවාරයේ නගරයේ වාණිජ බැංකු හා ගමට පැමිණ සල්ලි ණයට දෙන මූල්‍ය ආයතන කිහිපයකින්ද ණය ලබාගෙන ඇත්තේ ගමේ කිහිප දෙනෙකුම ඇපයට තබමිනි. මේ අතර විදෙස්‌ගතව සිටින සැමියා ගම්බිම් බලා පැමිණෙන කාල වකවානුව දැනගත් මෙම ගැහැනිය සිය එකම දරුවා නැන්දම්මාට භාර දී නිවසින් අතුරුදන්ව ඇත.

    මහත් වූ බලාපොරොත්තු කරපින්නාගෙන සැමියා ගමට පැමිණීමේදී දරුවා පමණක්‌ ඉතිරි කර වසර ගණනාවක්‌ ඉපැයූ සබ්බසකලමනාවම පොදි ගසාගෙන වෙනතක ගොස්‌ ඇති බව දැනගන්නට ලැබී ඇත. තවද බැංකුවලට හිඟ තබා මාරු වී ගිය බිරිඳගේ ඇප කරුවන්ට මේ වන විට එන්තරවාසි එන්නට පටන්ගෙන තිබීම නිසා ඔවුන්ගේ මැසිවිලිවලට පිළිතුරු දීමටද මෙම සැමියාට සිදු වී ඇති බව පැවැසේ.

    අරණායක – ගරුමුණි තිලකරත්න