මෙහෙමත්_තිරිසන්නු

අම්මගේ බෙල්ල හිරකර අතේ හිටිය බිළිඳිය උදුරගෙන ගිහින් වතුර බැරල් එකක දාලා මරලා
මාස දෙකක් පමණ වයැසති සිඟිත්තියක මවගෙන් උඳුරාගෙන ගොස් වතුර පිරවූ බැරලයක් තුළට දමා ඝාතනය කර ඇත.
ඊයේ(26) සවස 6.30 ට පමණ මෙම අවාසනාවන්ත සිද්දිය වී ඇති අතර මිය ගොස් ඇත්තේ ඒ. සියුම් සාධන නමැති මාස දෙකයි දින 21ක් වයසැති කතරගම වල්ලිමාතා ගම පදිංචිව සිටි සිඟිත්තියකි.
ඊයේ සවස ත්රි රෝද රියකින් පැමණි නාදුනන පුද්ගලයින් දෙදෙනකු නිවස තුළට ගොස් දැරියගේ මවගේ බෙල්ල අල්මාරියට තබා තද කර දැරිය පැහෙරගෙන ගොස් ඇත.
සිද්ධිය වන අවස්ථාවේදී දැරියගේ පියා පන්සලට ගොස් සිට ඇති අතර දැරියගේ මිත්තනිය සහ සීය බෙහෙත් ගැනීමට ගොස් සිට ඇත.
දැරිය පැහැර ගෙන යාමෙන් අනතුරුව අසල්වැසියන් සමග එක්ව පාරේ සහ වට පිටිවේ සොයා ඇති අතර අලුතින් ඉදිකරමින් පවතින නිවස ඉදිරිපිට තිබුණු වතුර පුරවපු බැරලයක් තුළ දමා තිබියදි දැරියගේ මළ සිරුර හමු වී ඇත.
සිද්ධියට හේතුව මේ තාක් අනාවරණය වී නොමැත.
මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා
හම්බන්තොට මහ රෝහලට බාර දී ඇත.
කතරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
-----------------
Source