මෙහෙම එවුන්ට මොකද කරන්න ඕනේ.

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,587
    660
    113
    sri lanka
    මෙහෙම එවුන්ට මොකද කරන්න ඕනේ.

    ඒඩ්ස්‌ හැදුණු පියා දියණියට
    අතවර කර දියණියටත් ඒඩ්ස්‌ හැදෙයි

    මීගමුව සමූහ - විමල් කීර්ති

    දහසය හැවිරිදි තම වැඩිමල් දියණිය බලෙන් දූෂණය කර ඇය "ඒඩ්ස්‌" රෝගියකු බවට පත් කළ "ඒඩ්ස්‌" රෝගී පියකු මීගමුව මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සහය ඇතිව නුගේගොඩ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් මීගමුව තිඹිරිගස්‌කටුව හරිස්‌චන්ද්‍රපුරයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකාර පියා 40 හැවිරිදි පෙදරේරුවකු වන අතර ඔහු තිදරු පියෙකි. මෙම සැකකරු සහ ඔහුගේ බිරිඳ ඒඩ්ස්‌ රෝගීන් දෙදෙනෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැති මූලික පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව මෙම රෝගී දෙමාපියෝ තම දරුවන්ට හොරා කොළඹ මහ රෝහලට ගොස්‌ ප්‍රතිකාර ලබති. මේ අතරතුර පියා තම බිරිඳ නිවසේ නොමැති අවස්‌ථාවක 2013 වසරේ තම වැඩිමල් දියණිය අවස්‌ථා දෙකකදී දූෂණය කර ඇත.

    ඉන් ටික කලකට පසු දියණියගේ ශරීරයේ පලු මතුවී කුෂ්ට රෝගී බවක්‌ පෙන්නුම් කර ඇත. තම පියා රහස්‌ රෝගයකට ප්‍රතිකාර ලබා ගන්නා බව දැන සිටි එම දියණිය ඒ පිළිබඳව සැක සිතී කොළඹ මහ රෝහලට පැමිණ වෛද්‍යවරුන්ගේ උපදෙස්‌ මත ඇගේ රුධිරය පරීක්‍ෂණයට ලක්‌ කර ඇත. පසුව රුධිර පරීක්‍ෂණයේදී ඇය "ඒඩ්ස්‌" රෝගියකු බව අනාවරණය වී ඇත. ඉන් අනතුරුව මේ පිළිබඳ රෝහලේ වෛද්‍ය බලධාරීන් නුගේගොඩ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය දැනුවත් කර ඇත.

    එම පැමිණිල්ල අනුව බාලවයස්‌කාර 16 හැවිරිදි තම වැඩිමල් දියණිය දූෂණය කිරීමේ චෝදනාවට එම නරුම පියා මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සහය ඇතිව නුගේගොඩ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් මීගමුව හරිස්‌චන්ද්‍රපුර තිඹිරිගස්‌කටුව ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර පියා අධිකරණය හමුවට පැමිණ වීමට නියමිතය.



    source divaina
     
    • Like
    Reactions: white lion