"අදෝනාව" නමි පර්යේෂ - ගවේෂන කෘතියෙහි අන්තර්ගතය. මෙය අති ශෝචනීය සිදුවීමකි. කෙටි දින ප්‍රමාණයක් තුළ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලය (ජනාධිපති පාසල) හා ඇබ්ලිපිට්ය මහා විද්‍යාලය (උඩගම) මුල්කොටගෙන ශිෂ්‍ය ඝාතනයක් එවකට සිදුවිය. මේ සියලූදෙනා අවු: 15 ත් 18 ත් අතර පාසල් දරුවන් ය. එම සිදුවීම වේගයෙන් රට තුළ වාගේම අන්තර් ජාතික වශයෙන් ව්‍යාප්තව ඇත. ඒ ප්‍රේම සම්බන්ධයක් නිසාම මෙම ඝාතන සිදුවූ බවට ය. නමුත් මේ සිදුවීමට අදාළව එය එකම සාදකයක් පමනකි. මෙහි තවත් ආත්මාර්තීය බලලෝබි මූලික කාරනා හා චරිත කීපයක් විය. මෙයට එවකට රටෙි පැවති දේශපාලන අරාජිකතවයත් - එය මත සිවිල් ගැටලු මතුවිමද මූලික සාධකයක් විය. මෙහිදී එක්සත් ජාතික පක්ෂික හා ජනතා විමුක්ති පෙරමුණු පිරිස් බොහෝ විටත මෙම සංහාරයට ගොදුරුවීය. ඒ අතරම තම හීන දීන ආත්මාර්තයන්සේම බලය ගොඩනැගිමි වෙත කටයුතු ඇතමුන් සිදුකර ඇත. මෙලෙස ගොඩනැගෙනාලද තත්වය මත රට පුරා තොරාගත් රාජ්‍ය සතාන තුළ තවකාලික හමුදා කදවුරු ඉදිවිය. එ සමගින් පිරිස් අත්අඩංගුවට ගැනීම් - රදවාගැනීම - නිදහස්කරලිමි - අතුරුදහන්විමි අාදිය සුලබව සිදුව ඇත. මෙහි පැවති ප්‍රායෝගික ගැටලුව අදාල හමුදා පිරිස් ප්‍රදේශයට පිටස්තරයන් වීමත් - ඔවුන්වෙත ප්‍රාදේශීය දේශපාලන පිරිස් වෙතින් හිමිවන තොරතුරු කොතරමි නිවැරැදි වන්නෙද යන්න ය. මෙවන් අත්අඩංගුවට ගැනිමි තුළ බොහෝ ඝාතන සිදුවිය. එවා කිසිදු අධිකරණ හෝ වෛද්‍ය විද්‍යාත්මක පරික්ෂණයකින් තොරකරලිමට රජය පසුව තිරනයකරනා ලදි. එය ඇසුරෙන් ඇතැමුන් තම අදම ආත්මාර්තයනද රිසි ලෙස ඉටුකර ගන්නට විය. ඇබ්ලිපිට්යද මෙහි ප්රමුඛස්ථානයක් විය. මෙහි විශාලතම පාසල් දරුවන් ප්‍රමාණයක් ඝාතනයවන්නේ ඇබ්ලිපිට්ය ජනාධිපති විද්‍යාලය වෙතින් ය. එවකට එහි සිටි විදුහල්පතිවරයා ලොකු ගලප්පත්ති ය. කිරිකොක් හැඩට ජාතික වතින් සැරසෙන ඔහුගෙ ඉනෙ බොහෝවිට පිස්තොලයකද විය. එය පාසල් ආශ්‍රිතයන් වෙත සුපුරුදු දසුනක් විය. දරුවන් 4000 ක හා මෙම පාසල් ගුරු පිරිස එවකට 250 ට ආසන්නව ඇත. මෙි බොහෝ දෙනෙකු විදුහල්පති ලොකු ගලප්පත්තිට බිය විය. නමුත් ඔහු සිදුකල ඇතැම් අධිකාරිය ක්‍රියා පිලිබද දැඩි පිලිකුලක බොහෝ සිත් තුළ පැවතින. මෙකි ඇබ්ලිපිට්ය ජනාධිපති පාසල සතු වටිනාකමැතිම බිමි තිරය තුළ වර්තමාන ඇබ්ලිපිට්ය කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිකර ඇත. පෙර එක් අඳුරු රාත්‍රීයක විය. එදින මෙකි බිමි තිරය මත විශාල කැපුමි 3 ක් ඩොසරයක වෙතින් සිදුකර ඇත. එය තුළ ඉන්දන ගබඩාකිරීම් ටැන්කිද රදවා ඇත. අපොයි.. මෙි සැලසුම ඇබ්ලිපිට්ය ජනාධිපති පාසල් තිරයෙන් කොටසක පුද්ගලික ඉන්දන පිරවුම්හලක් සකසන්න ය. දරුවන් මෙි පිලිබද දැඩි විරොදතාවක දක්වනලදි. ඔවුන් පාසල පුරා පෙලපාලි යන්නට විය. රතිඤ්ඤා හඬ දසතින් මතුවන්නට විය. විරොදතා පොස්ටර වෙතින් සුදු බිත්ති වසා දැමිනි. එදින වරුවක ගතවන්නට පෙර තෙල් ටැන්කිද ගල් - මුල් කැලි කසලින් පුරවන්නට විය. මෙලෙස මතුවන ලද දැඩි විරොදතා නිසාවෙන්ම එකි ඉදිකිරීම අත්හිටුවන ලදි. අනතුරුව දින කිහිපයක් ගතවන්නට විය. ලොකු ගලප්පත්ති විදුහල්පතිගෙ පුතුන් චමින්ද හිරන්ත ලොකුගලපතති ය. ඔහු ඉගෙනුම් සිදුකළේද මෙම පාසල් උසස් පෙළ පන්තියේ ය. චමින්දට ll A පන්තියෙ පවිත්‍රා සමගින් සමිබන්දයක ඇත. ඇයට චමින්ද දුන් ලිපියක් ll A පන්තියෙම රසික බිම වැටි තිබුනු විටත අහුලා ඇත. එය ඔහු තම මිතුරන් සමගින් රසකර කියවා පවිත්රාට කනින් කොනින් විහිළුවකට ලක්කොට ඇත. ලිපිය ඇය හා චමින්ද ඉල්ලාසිට්මුත් හිමි නොවීය. අනතුරුව එය ගෝරියකටද මග සලසන ලදි. චමින්දගෙ පියා විදුහල්පති ලොකු ගලප්පත්ති පසුව රසික ඇතුළු පිරිස කැදවා ඇත. ඔහු රසිකගෙන් ලිපිය ඉල්ලා ඇත. නමුත් දෙන්නට ලිපියක් රසික ඇතුළු මිතුරන් සතු නොවිය. හේතුව ලිපිය පිලිබද කිසිවකු අතිව්ශේෂයක සිදුකර නැත. මෙි නිසාවෙන්ම එදිනෙන් පසු ලිපිය ආගිය තැනකද කිසිවකු දන්නේ නැත. පසුදින ඇඹිලිපිටිය ජනාධිපති විදුහල්පති ලොකු ගලප්පත්ති තගක් දැමු ලෙසට මෙි කාණ්ඩයේ දෙමාපියන් කැදවා ඇත. නමුත් සුපුරුදු ලෙස ලිපිය එවරද හිමිවී නැත. පසුව ගතවන්නටවුයේ තෙදිනක පමනකි. අඳුරු නිහඬ එම රාත්‍රියේ රසිකගෙ නිවසට කඩා වැදුණු බට පිරිසකි. ඔවුන් රසික කුදලා යන්නට ගියේ ය. පසුව තවත් ගතව තිබුනෙ කෙටි දින 9 ක පමනකි. ඇබ්ලිපිට්ය ජනාධිපති ව්ද්‍යාලීය ll A පන්තියෙ ඉතිරි මෙි නඩයම භට පිරිස් විසින් පැහැරගන්නට විය. එ පාසල - නිවසේදී හා මහමගදි ය. එතැනින් මෙම සංහාරය නිමවූයේ නැත. පසුව කෙටි කාලයකින් දරුවන් 63 ක් එතැනට එකතුව ඇත. ඔවුන් ඇබ්ලිපිට්ය ජනාධිපති පාසල අසල සෙවන කදවුර තුළතම රදවා ඇත. මෙහිදි ඔවුන්ට දරුණු වධදී ඇත, එය ඇස දුටු බොහෝ පිරිසක් සිටඇත. මෙලෙස කාලය ගතරම අතරම තවත් දිනක මූසල රාත්‍රියක උදාවුනා. එදින ඇබ්ලිපිට්ය ජනාධිපති පාසල් ක්‍රීඩා පිටියෙ විශාල සංගීත ප්‍රසංගයක් සංවිධානය විය. එයට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංගීත ආශ්රිත පිරිස් සහභාගිව ඇත. එය සංවිධානයකළේ මේ දරුවන් රඳවා සිටි කඳවුරේ නිලධාරි පිරිස් විසිනි. හේතුව එකි හමුදා අනුඛණ්ඩය හෙට ඇඹිලිපිටියෙන් පිටත් වීමට නියමිත නිසා ය. නමුත් ගැටලුව කදවුර තුළ ඔවුන් රඳවා සිටිනා පාසල් දරුවන්. ඔවුන් භාරගැනීමට ඇඹිලිපිටියට පැමිණෙන නවක හමුදා අනුඛණ්ඩය සූදානම් නැත. පාසල් දරුවන් ඇබ්ලිපිට්ය අදිකරනය වෙත ඉදිරිපත් කිරිමද ගැටලුවක්. ඒ ඔවුන් දරුණු ප්‍රහාර - ශාරීරික හානි වෙතට සේම ඇතැමුන් ඝාතනයනට ලක්ව පැවතීම ය. පසුව මෙි පාසල් දරුවන් බටලන්දට රැගෙනයන්නට සූදානමිවද ඇත. නමුත් බටලන්දෙන් මොවුන් බාරගත්තේ නැත. අනතුරුව ඇඹිලිපිටි උඩවලව තේක්ක කැලේ මෙි l0 - ll - l2 - l3 වසර දරුවන් 63 වෙඩි තබා මරා පුළුස්සා අළු බවට පත්කරනාලදි. පසුදින අලුයම කළු පැහැ ගැන්වෙන ලද බිම පෙරලා ඩෝසරයකින් සකසන ලදි. එ මේ පාසල් පිටියේදි මහ සංගීතය පවත්වනා රාත්රියේදී ය. සියල්ල අවසන්කල හමුදා අනුකන්ඩයද පසුව ඇබ්ලිපිට්ය වෙතින් පිටත්ව යන්නට ගියේ ය. පසුව මෙි දරුවන් පිළිබද විදුහල්පතිතුමා, ආරකෂක, දේශපාලන අංශ පිරිස් විවිධ මත පළ කර ඇත. ඔය අතරේම දිනෙක ඇබ්ලිපිට්ය සූරියකන්දෙන් සමූහ මිනී වළක් පිලිබද නිර්නාම්ක දුරකථන ඇමතුමක් හිමිවිය. ඒ පුවත්පත් ආයතන ප්‍රධානියකු වෙතට ය. එහි සදහන්වන්නෙ ඇබ්ලිපිට්ය සූරියකන්දෙ දුරකථන කුළුණු යට පවතින සමූහ මිනිවලක් පිලිබදව ය. එම තොරතුරු මෙම පුවත්පත් ආයතනය එවකට මෙරට ජනාධිපති D.B.විජෙතුoගයන් වෙත ලබාදි ඇත. නමුත් ඔහු එය පිටතට මතුකරවන්නේ නැත. මෙි අතරම එම තොරතුර චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහඇමතිනිය වෙත හිමිවිය. ඇයගෙ සැලසුම් පරිදි S.B.දිසානායක වෙස්වලා පැමින මෙකි සූරියකන්ද බිමි සටහන් පරික්ෂාකර ඇත. පසුව ආසන්න දිනෙක චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග - S.B.දිසානායක - අනුරුද්ධ රත්වත්තේ - ජොන් සෙනෙවිරත්න - දර්මදාස වන්නිආරචිචි - පවිත්‍ර වන්නිආරචිචි - ජයතිසස රනවිර සමග l8 ක තරුණ පිරිසක් හා දේශීය විදේශීය ජනමාධ්‍ය වේදීන් කිහිප දෙනෙකු රහසෙම සූරියකන්දට පැමිනෙන ලදි. ඔවුන් රහසේම මෙකි සමූහ මිනිවල ගොඩලන්නද විය. දෙතුන් පැයක් ගතවන විට වලලා තිබුණු සිරුරු මතුවන්නට විය. අනතුරුව අයෙකු තම රථයෙන් පිටවගියේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ය. ඔහු පොරොත්තුකරණය සිදුකොට භට කණ්ඩායමක් හා නිලධාරීන් සමග සූරියකන්දට පැමිණෙන්න පැමිණ තිබේ. මෙය සැළකුනේ ශ්‍රී ලංකාවෙන් පළමුව ගොඩගත් පළමු සමූහ මිනීවළ ලෙසට ය. බොහෝ පිරිස සැළකුවේ මෙය පිරී තිබෙන්නේ ඇඹිලිපිටියෙන් අතුරුදහන් පාසල් දරුවන්ගෙන් බවට. එංගලන්තය, ඇමෙරිකාව වගේම ක්ෂමා හා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදුවීමට සෘජුවම අතරමැදිවද ඇත. ඔවුන් මෙකි සිරුරු කොටස් හා දෙමාපිය රුදිර සාමිපල D.N.A පරිික්ශන සදහා රැගෙන යන්නට සැරසී ඇත. නමුත් එයට වාර මෙරටින් හිමි නොවීය. එය මෙහි හඳුනාගැනීම්සේම වෛද්‍ය විද්‍යාත්මක බොහෝ කරුනු යටපත්කර ඇත. මේ සමූහ මිනීවළ ගොඩගැනීම රටෙි මහ මැතිවරණ හා ජනාධිපතිවරණ බල පෙරළියට ප්රබලව බලපෑමි ඇතිකල කාරනයද විය. පසුව රත්නපුර මහාධිකරණයේදී ඇඹිලිපිටිය ශිෂ්‍ය ඝාතනයට අදාළ නඩුව ඇරැඹෙන ලදී. එහි පලමු සාක්ශිකරු , මෙයට පත්කළ කොමිසමෙහි ප්‍රධානි හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි සොසා මහත්මා ය. ගොනුකළ නඩුව තුළ අධි චෝදනා 80 ක් කැටි වී ඇත. සාකෂි දුන් පිරිස දහසකට වඩා වැඩිය, ඒවා පිටපත් 15000 කට වැඩි ප්‍රමාණයක සටහන් විය. එහි නඩු තීන්දුවද පිටු 670 ක සටහන් විය. මෙය ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ අපරාධ හා සංඛ්‍යාත්මක අගයන් හිමි වාර්තාවක් බවටද පත්වි ඇත. මෙම නඩු කාරණයෙහි විත්තිකරුවන් 09 දෙනෙකි. ඒ විද්යාලිිය විදුහල්පති ලොකුගලප්පත්ති සේම ඔහුගේ පුතු චමින්ද ගලප්පත්ති ය. ඉතිරි පිරිස් හමුදා නිලධාරීන් හා භට පිරිස් වීය. මෙකි විත්තිකරුවන් අතරින් ඇඹිලිපිටිය හමුදා කදවුරු ප්‍රධානී රෝහන පරාක්‍රම ලියනගෙ නොහොත් පැරි ලියනගෙ හා විදුහල්පතිගේ පුත් චමින්ද චෝදනා වෙතින් නිදහස් විය. විත්තිකරුවන් හත් දෙනෙකුන් දඩුවමට විය. නමුත් ලබාදුන් දඩුවමෙි ප්රමාණාත්මකභාවය පිළිබදව විවේචන රටපුරා ප්රබලව මතුවන්නට විය. එයට රත්නපුර මහාධිකරණ චන්ද්‍රදාස නානායක්කාර විනිසුරු තුමා මෙසේ පිළිතුරු ගොනුකර ඇත. " විත්තිකාරයො එල්ලලා මරනවානමි මිනිසුන් හරි කැමති , නමුත් රජය ගොනුකරන චෝදනා පත්‍රයේ මිනිමැරුමි චොදනාව නැ. එක සාමාන්‍ය ජනතාව දන්නෙත් නැ. මට මෙි තනතුර අතහැරලා අදම ගෙදර යන්නත් හිතෙනවා " එහි යථාර්ථය කුමක් වන්නේද ? ගැටලුවක් ය. මෙි නඩු කාරනය අවසානව කෙටි කලෙකින් විවාහයක් සිදුවිය. ඒ මෙහි දෙවැනි විත්තිකරුව සිට නිදහස ලැබූ චමින්ද හිරන්ත ගලප්පත්තිගේ ය. ඔහු විවාහකර ගන්නට වූයේ රජය අගතියට පත් දෙමාපිය පාර්ශවය වෙනුවෙන් මෙම නඩු කාරණයට පත්කළ ජනාධිපති නීතිඥ මණ්ඩලයේ තැනැත්තියකි. ඇය දෙමාපිය තොරතුරු ලේඛන බාරව සිටි නිතිඥ තුමිය යි. සරල සුගම ලෙස සඳහන් වන්නේ නම් එය විත්තියත් පැමිණිල්ලත් අතර සිදුවුන ලද අපූරු විවාහයකි. නඩුවේ තෙවන විත්තිකරු ලෙස නිදහස ලද- ඇඹිලිපිටිය හමුදා කඳවුරු ප්‍රධානියා වූ පැරි ලියනගේ ද පසුව ධූරයක් වෙත පත්කර වන්නට විය. ඒ ඔහු සූරියකන්ද ගොඩලන්නට මුල් වූ - පසුව මෙරට ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ ආරක්ෂක ඛණ්ඩාංක ප්‍රධානියකු ලෙසට ය. එයද වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් ම සිතා බැලිය යුත්තක් නමිවෙි. අවසානයේ දෙමාපිය හදැතින් පිලිගත් යතාර්තයකි. ඒ තම දූ දරුවන් මතු කිසිදු දිනයක නොඑන නමි බවට ය. ඔවුන් සියලු දෙනා ඇබ්ලිපිට්ය ජනාධිපති විද්යාලයටසේම මහා විද්‍යාලය වෙත එකතුව ඇත. පසුව රාත්‍රියක පරිත්‍රාණ ධර්ම දේශනයක සිදු කොට පසුදා දනක් පුදා ඇත. ඒ මෙි දරුවන් වෙත පින් අනුමෝදන් කරවන්න ය. සංකල්පධාරියා හා නිර්මාතෘ ජගත් වික්‍රමසිංහ මහත්මා ය. ඔහු sri lanka පාර්ලිමේන්තුව අසලම ඇඹිලිපිටිය අතුරුදහන් පාසල් දරුවන් වෙනුවෙන් ස්මාරකයක් ඉදිකර ඇත. ඒ ලකෂ 32 ක වියදමකින් ය. එය නම්කොට ඇත්තේ ''අහිංසකයන්ගේ ආරාමය ” නමින් ය. පසුව ධර්මසිරි ගමගේ - තිස්ස අබේසේකර - පණ්ඩිත් අමරදේව - මහාචාර්ය සුනිල් ආරියරත්න - මනෝහාරි සරවනමුත්තු වගේම වික්ටර් - නීලා - කපුගේ - මාලනී - එඩ්වඩ් - බැද්දගේ - බන්දුල - ලකෂ්මන් - සෝමරත්න දිසානායක - රේණුකා බාලසූරිය යන මහත්ම මහත්මීන් එකතුව ඇඹිලිපිටිය පාසල් දූ දරුවන් සිහිවන්නට ''ර්සූරියකන්ද'' නමින් කැසට්පටියකද නිකුත් කරනා ලදී. Waruna Priyankara
Show less
Show less